(අ) වාසනාවන්ත රටක උපන් පවට
(අ) වාසනාවන්ත රටක උපන් පවට
පට්ට සීතල කාලේ ඉවරයි... ටික ටික පොරෝගෙන හිටිය ඇදුම් කෑලි වලට නිවනක් දෙන්න පුළුවන්... ඒ එක්කම මල් පිපෙන කාලේ.. ඒ කියන්නේ මට නරක කාලේ... ඔව්.. මේ කාලේට මට වැඩි වෙලා එලියෙ හිටියොත් හේ ෆීවර් හැදෙනවා.. කාලයකට ගිනි ගහන්න රස්නෙයි.. කාලයක් පට්ට හීතයි.. අනික් කාලෙ එලියට ගියාම හේ ෆීවර්... මට මේ රෙද්දෙ රට එපා වෙලා... ඒත් ????
ඔව් ලංකාව ඒ අතින් රත්තරන්... අවුරුද්දෙ ඕනිම කාලෙක එලියට බැහල සරමක්.. කමිසයක් දාගෙන ඉන්න පුළුවන්.. සීතල ගන්න ඕනිනම් පැය 5 ක ගමනක් නුවර එලියට.. පුංචි එංගලන්තෙ.... රස්නෙ ඕනිනම් ඔය පොලොන්නරුව කතරගම දිහා යන්න පුළුවන්...
හීටර් වත්... ඒයාර් කන්ඩිශන් වත් ඕනි නෑ... එව්ව දාගෙන ඉදල මාසෙ අන්තිමට එන දඩ බිල ගෙවන්න ඕනිත් නෑ... මග තොටදි වතුර තිබහක් ආවොත් $ 2 - 3 ක් දීල හිච්චක් විතර වතුර බෝතලයක් ගන්න ඕනි නෑ අපේ රටේ... කඩේකට ගොඩ වැදිලා වතුර වීදුරුවක් පුරවන් බිව්වට සල්ලි ඉල්ලන තත්ත්වෙට අපේ රටේ මිනිස්සු බංකොලොත් නෑ තාම...
ගෙදර ලිඳෙන් වතුර ටිකක් නාල... ගහෙන් කඩල තිබ්බ කුරුම්බ ගෙඩියක්.. තැම්බිලි ගෙඩියක් බීල හීතල හුලඟක් වැදි වැදි ගහක් හෙවනකට වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන් තාම අපේ රටේ...
වත්තෙන් ඉන්දපු පලා කොල වලින් හදපු මැල්ලුමක්... එහෙමත් දවසක උදේට කොළ කැඳ ටිකක්.. වත්තෙ හිටවල අපිම වතුර දාල හඳපු වම්බටු ටිකක්.. මෑ කරල් ටිකක්.. පුහුල් ගෙඩියක්... වට්ටක් ගෙඩියක්.. අඹ ගෙඩියක්.. පේර ගෙඩියක්.. ගස්ලබු ගෙඩියක්....අවුරුදු ගානක් ෆ්‍රිජ් වල දුක් විඳපු සීතල එළවලු නෙමෙයි... දවසක් දෙකක් පරන එළවලු.. යකෝ මෙව්වො ෆ්‍රෙශ් කියන්නේ සතියක් වත් පරණ එව්වට... අපේ මිනිස්සුන්ට අගයක් නෑ අර පොළේ තියෙන එළවලු ටික..
අළුත් මාළු ටිකක්...
හදිස්සියකට අහල පහල මිනිහෙක් උදව්වකට නෑවිත් ඉන්නෙ නෑ... ගහ මරා ගන්නව තමයි... ඒත් හදිසියකදි උදව්වක් නොකර ඉන්නෙ එහෙමත් එකෙක්.. ඒ ලෙංගතු කම.. හිතවත්කම.. තාම තියෙනව මිනිස්සු අතර ඒ උනත්.. මූනිච්චාවට කියන ගුඩ් මෝර්නින්... තැන්ක් යූ එකට වඩා ඒකත් හොඳයි...
ඇත්තටම ලංකාවෙ මිනිස්සු වාසනාවන්තයි.. ඒත් ඒක තේරෙන්නෙ නෑ... ඒකෙ වටිනකම පේන්නෙ නෑ...
ඇහුවොත් කියන්නේ " මෙහේ ඉදල හරියන්නෙ නෑ බන් "
ඔව්.. ඔය මොනා තිබ්බත් අපි මහ අවසනාවන්තයි... අපි මෙච්චර ලස්සන සුරපුරයක් වගේ රටක ඉපදුනත් අපි අවසනාවන්තයි...
මහ ලොකුවට ලෝකෙන් උතුම් රට ලංකාවයි කිව්වට... අපේ රටේ නායකයො.. ලොක්කො කියන එව්වො.. උන්ට උඩ ගෙඩි දෙන සොක්කො... උඩ ඉදන්ම පල්ලෙහාම එකාට වෙනකල් තමාගෙ බඩ වඩා ගැනීම ම පමනයි කියන තැන ඉදන් අවුරුදු ගානක් වැඩ කරල අපි ඉපදෙද්දිම අපිව අවසනාවන්ත කරලා...
පහුගිය කාලේ දුප්පත් කෙල්ලො ටික හෝල් සේල් අරාබියට පැටෙව්ව... නාකි අරාබි කාරයන්ගේ වහල් වැඩ වලට... ඒ කෙල්ලන්ට වෙන අතවර කිව්වම ලොක්කො සද්ද නෑ.. උන් බාල් නටනවා...
අවුරුදු 30 ක් තිස්සෙ යුද්ද කලා.. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ මහ විශාල ගහක් වෙනකල් බලන් උන්නේ පෝර දැම්මෙ කව්ද.. අපේ දේශපාළුවො නෙමෙයි කියනවනම් උබලගෙ ඇස් වල හොටු යකෝ... කොල්ලො බුරුතු ගනන් මැරුනා... මිනී පෙට්ටි ආවෙ හෝල් සේල්... ඔන්න දැන් තව සෙල්ල්ලමක් ඔලුව උස්සනව නැගෙනහිරෙන්.. අනේ අපේ චන්ද ටික කැඩෙයි කියල සද්ද වහන් හිටියොත් වැඩි කාලයක් නෑ තව කෙලියක මුල වෙන්න බැරි නෑ...
දුප්පත් මිනිහෙක් බඩගින්නට හරි නැති බැරි කමට හරි පොල් ගෙඩියක්.. කොස් ගෙඩියක් කඩා ගත්තොත් ඌව උසාවි දානවා.. ඇමති වරු ලොකු ලොක්කො කෝටි ගනන් වාහන වල කුඩු අදිනවා... ගංජා ගහක් දෙකක් වැව්වොත් ඌව අවුරුදු ගානකට ඇතුලේ... කුඩු වලට මොකුත් නෑ...
තරු හෝටල් වල සුපිරි ගොන්නු තියාගෙන අහවල් එක කරගන්න ඔය ලොක්කොන්ට පුළුවන් ඒ උනාට කෙල්ලෙකුයි කොල්ලෙකුයි බීච් එකක කතා කර කර හිටියත් පොලිසියට උස්සන් යනවා...
සංස්කෘතියද මොකක්ද මන්ද මඟුලක් කියාගෙන ඔක්කොම ගණිකා නිවාස අල්ලනවා... මොනයම් හේතුවක් හරි හින්ද පත්තරේ අරන් බැලුවම සන්දුක්කාරේ.. තාත්ත දුවව දූශණය කරල... මුනුපුරා ආච්චිව... පහු ගිය දවස් වල මාතරම ප්‍රසිද්ද සිද්දි 2ක් උනා.. මල් වගේ අහිංසක ළමයි... නිකමට සතියෙ දවසක පත්තරේ අරන් බලපන්... Rape කේස් කීයක් තියෙද කියල... එතකොට පත්තරේ නොවැටිච්චා...
ඉගෙන ගෙන රස්සාවක් කොරල පෙළවහක් කරගන්න මේ යන විදියට අවුරුදු 30 ක් වත් යනව... ඉතින් අර 13 - 14 දි කෙලින් වෙන්න ගත්තු එව්ව තව අවුරුදු 16 ක් විතර හිර කොරන් ඉන්න නීති දාල තියෙන රටේ මිනිස්සු නීති පිළිබඳින හැටි වෙන්ට ඕනි ඔය... TV එකේ එලි රෑ වෙනකල් කෙල්ලො අඩ නිරුවස්තරෙන් නටනවා... එහෙන් කෙල්ලෙක් ට කොල්ලෙක්ට නිදහසෙ කතා කරන්න විදියක් නෑ.. ඉතින් පත්තරේට නිව්ස්...
තියෙන හැම උලව්වම විකුනගෙන කනවා.. ලෝක උරුමයක් උන සිංහරාජෙ මැද්දෙන් පාරක් කපනව කිව්වම ඉතින් වෙන මොන කතාද... ඇඟ සීතල වෙලා ගියා ඒ නිව්ස් එක දැක්කම... විල්පත්තුවෙත් බරටම ගස් ටික පටවනව කියල කොහෙද තිබ්බා... ඇත්තටම මුන්ට හෙන ගහලද... මෙච්චර ලස්සන රටක් තියාගෙන විනාශ කරන්නේ... ඒ උනාට දීපාල් සිල්වගේ " මේ රටේ මිනිස්සු කෙලින්නෙ පිස්සු " සින්දුව තහනම් කරනවා හානියක් කියලා... මෙව්වට අඬන්නද හිනාවෙන්නද කියල හිතා ගන්න බෑ...
ඒ අස්සෙ වශී ගුරුකම් කාරයොයි.. ලෝකෙ නැති දෙවි ගොල්ලොයි පස්සෙ දුවනව සෙට් එකක්.. ආගම් ගැන කතා කරන්න කැමති නෑ ඒක වලියකට මුලක් පමනක් නිසා.. ඒත් සිංහල මිනිහට ලෝකෙ ලංකාව ඇරුනම කොහෙද වෙන රටක් තියෙන්නේ... ??? ඉතින් ඒක කෑලි කෑලි වල එක එක ආගමුයි අරවයි මෙව්වයි එල්ලගෙන අනේ මන්දා....
මහින්ද හාමුදුරුවො එදා කියල තියෙන්නේ " ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිහළුන්ගේ " කියල... එතුමා අද හිටියනම් ඕක කියපු කට බිම උලාගෙන දිව හපාගෙන අපවත් වෙනව හෝදන්න දෙයක් නෑ...
මිනිහෙක්ගෙ පඩිය වැඩි කරන්න සල්ලි නැති රටේ... රාජ්‍ය ආයතන කෝටි ගනන් පාඩු ලබන මේ රටේ... ලොක්කන්ගෙ පුතාලගෙ මඟුල් කාඩ් වලට කෝටි ගනන් වියදම් කරනව කැත නැතුව... ඒ පඩියේ හැටියට ඔය ගාන එකතු කොර ගන්න අනේ හපුච්චේ... නොකා නොබී දුක් විඳල වෙන්ට ඇති...
ඒත් මෙව්ව බලාගෙන මිනිස්සු තමන්ගෙ වැඩක් කරෙගන ඔහේ ඉන්නවා... ඔව් ඔහේ ඉන්නව ඇරෙන්න මොනා කරන්නද... මැර බලයට.. සල්ලි වලට යට උනු සමාජයක වෙන මොනව කරන්නද...
ලොක්කන්ව ආදර්ශෙට අරන් පොඩි පොඩියට හරි හොරකම් කරගෙන... විකුනගෙන කාල හැදියල්ල... වෙන උබල අපි මොනව කරන්නද...
ඉතින් කෑගහපල්ල ආසම නම් සුදු වෑන් එකකින් රවුමක් එහෙම දාන්න...
Posted by පිස්සා පලාමල්ල

Source :

Code:
http://palaamalla.blogspot.com/2011/10/blog-post.html

Last edited: