ආකර්ශනීය චරිතයක් වෙන්න නම්

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ආකර්ශනීය චරිතයක් වෙන්න නම්

ආකර්ශනීය චරිතයක් වෙන්න නම්​


එක වතාවක් දැක්කම හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් ඔයාට තියෙනවා නම් කොච්චර සතුටක්ද නේද? දහසකුත් හැලහැප්පීම්, බාධක, ගැටළු ඔබ සතුව ඇති. නිමක් නැති වගකීම්, යුතුකම් ඔබ හස මත පැටවිලා ඇති. එහෙත් සුන්දර ඔබේ වත ඒ බාධක වලට පිළියම වේවි. ආදරයෙන් බලන්න. එවිට ඔබේ සොඳුරු බව ඔබට හමු වේවි.

බොළඳ තරුණියක් වන්නට එපා

සමාජය තුල හැසිරීමෙන් ඔබ බොළඳ පහසුවෙන් රැවටිය හැකි තරුණියක් නොවිය යුතුය. බොළඳ බවට කිසිවෙකු ආකර්ෂණය නොවේ. අවශ්‍ය තැනදී නොබියව කතා කරන්න. අසාධාරණයට විරුද්දව නැගී සිටින්න . බොළඳ බවට ආකර්ෂණය වන්නේ ඔබව අමාරුවේ දමා ඔබෙන් ප්‍රයෝජයනය්ක් ගන්න මාන බලන කෙනෙකු පමණි.

සමාජශීලි වන්න

මුළුගැන්වී සිටින කිසිවෙකු සමාජය ප්‍රිය නොවේ. සමාජශීලි තරුණියකට සමාජයේ අකර්ශනයත් අවධානයත් නිරායාසයෙන් ලැබේ. එහෙත් පමණට වඩා සමාජශීලි වුනොත් ඔබ අමාරුවේ වැටෙන්න පුලුවන්. ඒ නිසා ඔබ වටා සිටින අය පිළිබඳව අවධානයෙන් සිටින්න.

අඳින ඇඳුම ගැන කල්පනාකාරී වන්න

ඇඳුමෙන් පලදුමෙන් සමාජයේ ආකර්ෂණය ලැබෙනවා මෙන්ම විහිලුවකට ලක් වෙන්නත් පුළුවන්. මගුල් ගෙදරට අඳින ඇඳුම මල ගෙදරට සුදුසු නැති බවත්, පාටියකට අඳින ඇඳුම සාමාන්‍ය ගමනට සුදුසු නැති බවත් වටහා ගන්න තරම් ඔබ බුද්ධිමත් විය යුතුය. ඒ වගේම තමා කොන්ඩ මෝස්‌තර දැමීමත්. තැනට ගැලපෙන ආකාරයට හිස පිපීරාගෙන යාමෙන් ඔබේ පෞර්ෂය ඉස්මතු වෙලා පෙනේවි.ඒ වගේම තමා රුපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමත්. ඔබේ සමට ගැලපෙන ආකාරයෙන් වර්ණ භාවිතා කරන්න. ඔබ තලෙළු පැහැයට හුරු අයෙක් නම් වඩාත් පැහැපත් කෙනෙකුට ගලවන ආලේප සුදුසු නැහැ. රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ආසාත්මිකතා ඇති නොවන ආලේප තෝරාගන්න.

පිරිසිදුව සිටින්න

කොතරම් ලස්සන ඇඳුම් ඇන්දත් මිල අධික ආලේපන ගලවුවැත් වැඩක් වෙන්නේ නෑ ඔබේ ශරීරය පිරිසිදුව තබා ගන්නේ නැත්නම්. ඔබේ පෙනුම අපිරිසිදු නම් ඔබට ආකර්ශය අඩු වේවි. ඔබ වගේම ඔබේ වටපිටාවත් පිරිසිදුව තබා ගන්න. කාර්යාලයේ මේසය, ඔබේ මෝටර් රථය, කාමරය පිරිසිදුව තබා ගන්න. ඔබේ ස්වරුපය ඉන් තීරණය කිරිඉමට හැකි වේවි.

මුණේ ලස්සන හදවතෙත් තියෙන්න ඕනි

ගොඩක් වෙලාවට තරුණියන් උනන්දු වෙන්නේ මුහුණේ . හැඩයත්, හිසකෙස් වල නිරෝගිතාවයත් වැදගත් වෙනවා. උසට සරිලන බර පවත්වා ගන්න උත්සුක වෙන්න. ශරීරයයේ නිවැරදි හැඩයක් තබා ගන්න. ඒ වගේම තමයි ඔබේ හැසිරීමත්. සමාජයේ ආකර්ශය ලබා ගන්න නම් කාන්තාවකගේ හැසිරීම, කතා බහ සුන්දර වන්නට ඕනි. මෙයට ආචාරශීලි බව, සුන්දර වචන භාවිතය, අන් යට කරුණාවෙන් සැලකීමත් අයිති වෙනවා.

ආකර්ශනීය චරිත අධ්‍යනය කරන්න

සමාජයේ ආකර්ෂණය දිනා සිටින කාන්තාවන්ගේ හැසිරීම , කතා බහ, ස්වරුපය, ඇඳුම් පැළඳුම්, අභියෝග වලට මුහුණ දුන් ආකාරය අධ්‍යනය කරන්න. එය ඔබටත් ආකර්ශනීය කාන්තාව විමටමග පෙන්වාවි.


source http://thewoman.lk/to-be-a-woman-wit...ive-character