7. ඔබට ලබා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිපුර හිතන්න එපා. ඔබේ හැඟීම් සහ ඔබට දැනෙන දේ පමණක් විශ්වාස කරන්න. එය ලබා ගැනීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වැඩිවන තරමට ඒවා ඉක්මනින් ඔබ කරා පැමිණෙනවා. වර්තමානයේ ඔබේ තත්වය සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම ඒ ආකාරයෙන්ම මනසින් විඳින්න. ඔලිම්පික් පිහිණුම් ශූර “මයිකල් පෙලිප්ස්” පැවසූ දෙයක් තමයි ඔහු කුඩා කල පිහිණුම් පුහුණුවන අවධියේ සෑම රාත්‍රියකම නින්ද යන තෙක්ම ඔහු ඔලිම්පික් තරඟ ජයග්‍රහණය කර රන් පදක්කම් ලබා ගන්නා අයුරු මනසින් මවා ගත් බවයි.
oya rathu patin tiyena eka poddak wisathara karapanko. thamanta one de hariyata target ekak nathiwa kohomada karanne
වැඩිපුර හිතන්නෙපා කියන්නෙ
අනේ එහෙම වෙයිද, එහෙම උනොත් නම් හොඳයි, කොහොම වෙයිද දන්නෑ......තව මෙහෙම කරල දෙන්න කියල නිකන් දෙවියොන්ට කන්නලව් කරන ටයිප් එකෙන් ඕක කරන්නෙපා කියල වෙන්නෝන මේ කියන්නෙ...
පුලුවන් තරම් visualize කරන්න ඕන, ඒක දැනටමත් තමන් ලඟ කියල හිතල ඒ වෙලාවට එන සතුට,ආතල් එක, ජොලිය අවංකෙන් බොක්කෙන් විඳින්න ඕන, මනෝපාර තමයි සරලව කිව්වොත්.. ගොඩක් උන් සුපිරි මනෝ පාරක් ගහල අන්තිමේට අනේ ඒක එහෙම ඇත්තටම වෙනව නම් කොච්චර හොඳද කියල හිතනවා, ඉතිං ඔක්කොම හබක්
