ආගන්තුකයන්ගේ මධුසමය | the honeymoon of strangers

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඕක තිය තිය බලන්නෙ නැතුව ඇතුලට ඇවිල්ලම බැලුවනම්........
    මේ දවස්ටිකේම ගොඩක් කස්ටියට love sick 1 ගහල තිබුන නේ.... මෙන්න ඒකට හොද කතාවක්. කවද හරි මේ වගේම තමන් හිතන පතන විදිහට හරියන ගෑනු පරාණයක් මේ ලෝකෙ කොතනකදි හරි හම්බවේවා..... කියල කියවමුකො කතාව.



    [FONT=&quot]ඇයට එසේ[/FONT] [FONT=&quot]කිරීමට අයිතියක් තිබුණාදැයි හෝ ඇයගේ අරමුණ කුමක් වීදැයි මුල් හමුවීමේ සිටම[/FONT] [FONT=&quot]මා පෙළන ගැටළුවකි.ඇය ලැබීමට තරම් නොව පැතීමට තරම් වත් රූමත් කමක් එදින[/FONT] [FONT=&quot]මාගෙන් නිරුපණය නොවීමද මට[/FONT]
    [FONT=&quot]අකමැති වනමෙන් ඇයගෙන් ඉල්ලා සිටියදීත් ඇය[/FONT] [FONT=&quot]මාවෙත මනාපය පල කිරීමද මාගේ හදවතෙහි ඇය ගැන සැකයක් නැතිනම් අපුලක් හෝ[/FONT] [FONT=&quot]අර්ථකතනයක් දිය නොහැකි එහෙත් දරාගත නොහැකි නොසන්සුන්තාවයක් ඇති කිරීමට සමත්[/FONT] [FONT=&quot]වී යැයි සිතේ.[/FONT]
    [FONT=&quot]ඔයාගේ ගෙදරට තව දුරද[/FONT]?
    [FONT=&quot]මාගේ සිතුවිලි දාමය[/FONT] [FONT=&quot]බිඳුනේ ඇයගේ පැනයෙනි.අප මෝටර් රථයට නැගී ගතවුණ පැයකුත් හමාරක කාලය තුල අප[/FONT] [FONT=&quot]අතරේ හටගත් මුල්ම සංවාදය එයයි.ඇයගේ කට හඬේ කිසිදු චකිතයක් හෝ නොවීම මා තව[/FONT] [FONT=&quot]තවත් නොසන්සුන් කරවයි.ඇත්තෙන්ම ඇයගේ ඇමතුම ළදරියකගේ ඇමතුමකින් වෙන්කර[/FONT] [FONT=&quot]හඳුනාගත නොහැකි තරම් ලයාන්විතවත් අකර්ශනීයවත් සවන් හරහා හදට එලබේ.නැවත මා[/FONT] [FONT=&quot]නොසන්සුන්තාවයට පත් වන්නේ ඇයට නාදුනන පිරිමින් සමග මුහු වීමට ඇති හැකියාව[/FONT] [FONT=&quot]ගැන හිතෙහි අප්‍රසන්න වූ සැකයක් මතු කරමිනි.[/FONT]
    [FONT=&quot]හ්ම්ම්ම්...ටිකක්[/FONT]
    [FONT=&quot]එතන මොන වගේද.....මම අහන්නේ වටපිටාව....[/FONT]
    [FONT=&quot]අමුතු දෙයක් නෑ.පොඩි ගෙදරක්.... කාමර දෙකක්...පොඩි සාලයක්..හ්ම්ම් තව පුංචි කුස්සියක්..වටේටම තාප්ප ..මට නම් ඕනෑවට වැඩිත් එක්ක...[/FONT]
    [FONT=&quot]ෂෝයි....මම ආසයි පුංචි ගෙවල් වලට...හැබැයි ප්‍රශ්නයක්...[/FONT]
    [FONT=&quot]ඇයට නැවතත් පැනයකි....ඇය ප්‍රශ්න නගන්නේ පාසල් යන දැරියක් සේය.අයත් මාත්[/FONT] [FONT=&quot]අතර වයස පරතරය ඇය දැරියකුත් මා වියපත් මිනිසෙකුත් කර ඇත..ඇය කෝල ලෙස[/FONT] [FONT=&quot]සිනාසෙයි..එම සිනාවේ අරුත සෙවීමට මා දැරූ තැත ඇයට තේරුම් ගිය නිසාවෙන්දෝ[/FONT] [FONT=&quot]ඇයගේ සිනහව තවත් සුන්දර වී ඇත.[/FONT]
    [FONT=&quot]කියන්න..මොකක්ද ප්‍රශ්නේ...[/FONT]
    [FONT=&quot]ඇයගේ සිනහව හදවත කළඹයි....[/FONT]
    [FONT=&quot]මොකක්ද ප්‍රශ්නේ...එතන හිනා වෙන්න දෙයක් තියනවද...මට පුළුවන් විදියට තමයි මම ඉන්නේ...[/FONT]
    [FONT=&quot]ඔහොම කේන්ති ගන්න එපා අයියෝ...ප්‍රශ්නේ තමයි...හ්ම්ම්ම්...හ්ම්ම්ම්..[/FONT]
    [FONT=&quot]කියන්න.....අප්පා......[/FONT]
    [FONT=&quot]මා නොසන්සුන් වෙයි...ඇය තවත් සිනාසෙයි....[/FONT]
    [FONT=&quot]හ්ම්ම්ම්...දැන් ඔය පොඩි ගෙදර මටත් ඉඩ තියනවද...ළමයෝ....[/FONT]
    [FONT=&quot]හ්ම්ම්ම්.....[/FONT]
    [FONT=&quot]මැරෙන්න යනවද මනුස්සයෝ.....[/FONT]
    [FONT=&quot]ඈ අවිනීත රියදුරෙකුට දෙස් තබයි.මා තවත් නොසන්සුන් වෙයි..දුම් වැටියක මිහිරි මතක හිත වටා සෙවනැලි නගයි..[/FONT]
    ------------------------------------------------------------------------------------------------------------
    [FONT=&quot]ඔය ළමයා මේකට නම් කැමති වෙන්නම ඕන.කේන්දරත් හොදටම ගැලපෙනවා.කේන්දර බලන මනුස්සය කිව්වෙත් පාතාගෙන ආව වගේ හඳහන් දෙකක් කියලා.[/FONT]
    [FONT=&quot]නින්දෙන් ඇහැරුනේ අම්මාගේ සද්දෙට.ඇයි යකෝ ගෙදර ආවම මිනිහෙකුට නිදහසේ[/FONT] [FONT=&quot]නිදාගන්නවත් විදියක් නෑ.අනිවා කොහේ හරි ඉන්න කස්කුරුප්පුවක් සෙට් කරලා[/FONT] [FONT=&quot]ඇති.මොන දුකක්ද මම මේ තනියෙන් ඉන්න ආතල් එක කඩන්න හදන්නේ.මොකක් හරි පොඩි[/FONT] [FONT=&quot]දෙයක් කාලා හීනියට අඩියක් ගහගෙන සින්දුවක් කියන් ඉන්න එක තරම් ෆන් එකක්[/FONT] [FONT=&quot]තියේද අප්පා මේ ගෑනියෙක් ගත්තම.ඒකි කියන තාලෙට තමයි නටන්න වෙන්නේ ඊට[/FONT] [FONT=&quot]පස්සේ.ඇරත් උදේ ඇහැරුනා ගමන් හිස්බඩටම දුමක් දාන්න පුලුවන්ද ගෑනියෙක්[/FONT] [FONT=&quot]ගත්තම.[/FONT]
    [FONT=&quot]හරි හරි අපෝ මම එන්නම්.හැබැයි ඔන්න මට රැවුල කපන්න මේකප්[/FONT] [FONT=&quot]දාන්න කියන්න එපා.මගේ විදියට තමයි මම එන්නේ.ඔය බඩ්ඩ මට කැමති වෙනවනම් එහෙම[/FONT] [FONT=&quot]වෙන්න ඕන මගේ සාමාන්‍ය විදියට නැතුව පියරු බබෙකුට නෙවෙයි.ඔන්න අද බලන්න යන[/FONT] [FONT=&quot]එකී මට කැමති උනොත් ආයේ දෙකක් නෑ මමත් කැමතියි.දැන් කීයටද ඔය මගුලට යන්න[/FONT] [FONT=&quot]තියෙන්නේ.මම ඔය මගුලට ගිහින් එහෙමම ගෙදර යනවා.හෙට උදේම වැඩට යන්න ඕනෑ.[/FONT]
    [FONT=&quot]මම මගේ සුපුරුදු කොන්දේසි ලැයිස්තුව අම්මට දැම්මා.මම අත්දැකීමෙන්ම දන්නවා[/FONT] [FONT=&quot]රැවුල කපන්නේ නැතුව කොන්ඩෙත් අවුල් කර ගත්තම මගේ මුණට එන වලස්ත පෙනුමට[/FONT] [FONT=&quot]සිහිකල්පනාව නැති උනත් ඇස්දෙක පේන ගෑනියෙක් නම් කැමති වෙන්නේ නෑ කියලා.හෙට[/FONT] [FONT=&quot]නිවාඩු උනත් කෙප්පයක් කෙලලා කලින්ම ගෙදරින් මාරු වෙන්න හැදුවේ මේ කසාද සීන්[/FONT] [FONT=&quot]එපා වෙච්ච නිසා..[/FONT]
    [FONT=&quot]උඹට කියන කට හොඳයි බිම උලා ගන්න එක.ටිකක් දුරයි දැන්ම නාල ලෑස්තිවෙන්න...[/FONT]
    ------------------------------------------------------------------------------------------------------
    [FONT=&quot]ඔයා උයනවද[/FONT]?
    [FONT=&quot]ඇයට නැවතත් පැනයකි.එයද සිත අතරමං කරන සිනහවක් මැදින්ය.නැවත මා නොසන්සුන් වෙයි.[/FONT]
    [FONT=&quot]ඔව්....සමහර දවසට...[/FONT]
    [FONT=&quot]මම හිස් ලෙස පිළිතුරු දෙමි.ඇය නොනවත්වා සිනාසෙයි.වරක් දුටු විට තව වරක්[/FONT] [FONT=&quot]නොව සිය වාරයක් බැලීමට සිත්දෙන ඇයගේ වතේ කෝමල රේඛා සිත කුල්මත් කරයි.ඇයගේ[/FONT] [FONT=&quot]සුන්දරත්වය පරිහරණය කිරීමට මම නීතියෙන් අවසර ලබා ඇත.එහෙත් නැවත මා[/FONT] [FONT=&quot]නොසන්සුන්ය.පැරණි එහෙත් මා ප්‍රියකරන ගීතයක් නොදැනීම මිමිනෙයි."මුදු මුහුණේ[/FONT] [FONT=&quot]සුව දැනුනේ ප්‍රිය ළඳුනේ මට විතරද [/FONT]♪♫"
    [FONT=&quot]ශෝක්..ශෝක්..මම ආසයි උයන්න..ඉතින් තව දුරද කියන්නකෝ..අපි පොඩ්ඩක් නැවතිලා යන්ද..මට විකාරයි වගේ අද සිද්ධ වෙච්ච දේවල් නිසා...[/FONT]
    [FONT=&quot]නැවතත් ඇය දොඩමළු වෙයි.නාදුනන මිනිසෙකු සමග හුරතල් වීමට හැකි ගැහැනියට මා දිවයුතු අර්ථකථනය කුමක්ද[/FONT]?
    ------------------------------------------------------------------------------------------------------
    [FONT=&quot]තාත්තා දිගින් දිගටම අහගෙන ආපු මග විස්තරත් එක්ක අපේ වාහනේ නැවතුනේ බන්ධනාගාරේ තාප්පේ විතර එකකට දාපු පතරංග ගේට්ටුවක් ගාව.[/FONT]
    [FONT=&quot]කිව්ව විදියට නම් මෙතන තමයි තැන.[/FONT]
    [FONT=&quot]තාත්තා එහෙම කිව්වේ ගේට්ටුවේ උඩ හරිය බලන්න දාපු ට්‍රයි එක හරිගියේ[/FONT] [FONT=&quot]නැතුව.මට එක පාරටම හිතට ආවේ නවදැලි හේනක සිංදුව[/FONT], [FONT=&quot]ඇයි වදේ මෙහෙම ගෙදරක[/FONT] [FONT=&quot]එකියක් දීග දෙන්න කපුවන්ට කියනවා කියන්නේ අනිවාර්යෙන්ම ගෑනි හේනේ බාබකිව්[/FONT] [FONT=&quot]වෙච්ච වැඳිරි වගේ ඇති...මගේ ෆැන්ටසි වලට වැඩි ආයුෂ නැති උනේ අර පතරංග[/FONT] [FONT=&quot]ගේට්ටුව දෙපළු වෙන්න ගත්තම...මටත් නොදැනීම ඕපන් සෙසමි කියලත්[/FONT] [FONT=&quot]කියවුනා...වෙලාවට කාටවත් ඇහුනේ නෑ..[/FONT]
    [FONT=&quot]මනුස්සයෙක් වගේ හැසිරියන්.පණ්ඩිත කතා කියන්න යන්න එපා.[/FONT]
    [FONT=&quot]තාත්තා එහෙම කිව්වේ පෙර පිනකට හරි මගේ අපත පෙනුමට මේකි කැමති උනොත් කියන[/FONT] [FONT=&quot]අදහසින් වෙන්න ඕනෑ.තාත්තා එහෙම කියලා කාරෙකෙන් එලියට බහින කොටම ලඟට ආපු[/FONT] [FONT=&quot]ජෙනුයින් ලුක් එක තියන ඩයල් එක කට පුරා හිනා උනා.[/FONT]
    [FONT=&quot]හොයා ගන්න අමාරු[/FONT] [FONT=&quot]උනාද...මගේ නම කිව්ව නම් ලේසියෙන්ම හොයාගන්න තිබුනා..ඒ උනාට ලොකුකම් කියන්න[/FONT] [FONT=&quot]ඕනේ නෑ නේ.ඇතුලට යමුකෝ ගමන් මහන්සියත් ඇතිනේ.[/FONT]
    [FONT=&quot]මෑන්ස් දීපු පදිරි[/FONT] [FONT=&quot]ටෝකෙන් මට පොරව අල්ලලා ගියා.මමත් ඉතින් මොකක්ද එකට රිංගන මොකාද එකා වගේ ගේ[/FONT] [FONT=&quot]ඇතුලට රිංගුවා..යකෝ මේක සිනමන් ග්‍රෑන්ඩ් එකේ ලොබිය වගේ නේ.මේස පුටු සෝෆා[/FONT] [FONT=&quot]හැමතැනම.මම ශේප් එකේ පැත්තකට උනේ අපේ සැට් එක වාඩිවෙන තැන බලල වාඩි[/FONT] [FONT=&quot]වෙන්න.ඔන්න එතකොටමයි වැදගත් පෙනුමක් තියන ගෑනු මනුස්සයෙක් සාලෙට ආවේ.අනේ[/FONT] [FONT=&quot]අපරාදේ කියන්න බෑ ඒ මනුස්සය ලොස් නැතුව අපි කාටත් එක ගානේ හිනා පාරවල්[/FONT] [FONT=&quot]දැම්ම.අම්ම නම් හොඳයි දොනියන්දා කොහොමද දන්නේ නෑ.[/FONT]
    [FONT=&quot]මෙයාද මනමාල මහත්තයා...[/FONT]
    [FONT=&quot]ඔව් ඔව්[/FONT]
    [FONT=&quot]පැනල උත්තර දුන්නේ අපේ අම්මා..අනේ ඒ මනුස්සයගේ සිරියාවන්ත මුණ හතර වරං වෙලා ගියා..[/FONT]
    -----------------------------------------------------------------------------------------
    [FONT=&quot]මග නැවතුන ඉසිඹුවෙන් යටපත් විඩාව හා නොසන්සුන්කමත් සමග මාගේ නවාතැනට එන[/FONT] [FONT=&quot]තුරු අප අතරේ වචනයකුදු හුවමාරු නොවීම එක අතකින් සැනසිල්ලකි.චන්ද්‍රිකා[/FONT] [FONT=&quot]තාක්ෂනය නොවුනානම් මා පත් වන අපහසු තාවය සිතා ගත නොහැක.මා ඇය දෙස හොරැහින්[/FONT] [FONT=&quot]බැලූ කීප විටකම පෙනුනේ ඇය තනියෙන් සිනාසෙන බව හා මාදෙස හොරැහින් බලන[/FONT] [FONT=&quot]බවය.ඇයගේ සිනහවේ මුහු වී ඇත්තේ සංග්‍රාමයක් දිනු රැජනක ගේ ඇති ආඩම්බරයද.ඇය[/FONT] [FONT=&quot]ජයගත්තා විය හැක.ඇයගේ ජයග්‍රහණයේ සදාතනික සිහිවටනය ලෙස ඇයට මාගේ ආත්මය අද[/FONT] [FONT=&quot]සිට පාවිච්චි කල හැක.[/FONT]
    [FONT=&quot]මෙතනද තැන..ඔයාගේ විස්තර වලට මම හදා ගත්ත ඉමජිනේෂන් එකට වැඩිය නම් මෙතන ගොඩක් ලස්සනයි.දැන් කළුවරයි නේ උදේට බලමු.[/FONT]
    [FONT=&quot]ඇය නැවතත් සිනාසෙයි.ඒ සිනහව ඇතුලේ යම්කිසි සරදමක් ඇතියි සිතේ.[/FONT]
    [FONT=&quot]මොකද ළමයෝ ලජ්ජා වෙලා.මේක ඔයාගේ තැන හරි නම් මමයි ලජ්ජා වෙන්න ඕනෑ.දැන් උඩ බලං ඉන්නේ නැතුව මට මේ බෑග් දෙක ගන්න උදව් කරන්න.[/FONT]
    [FONT=&quot]ඇය මට සරදම් කරයි.මාගේ සිත මා ගැනම ඇති වූ සානුකම්පිත හැගීමකින් වෙලේ.මා[/FONT] [FONT=&quot]ඇති තරම් ගැහැණුන් ආශ්‍රය කර ඇත.ඔවුන්ගේ කතා බහෙන් සහ හැසිරීමෙන් ඔවුන්ගේ[/FONT] [FONT=&quot]ගති ලක්ෂණ තේරුම් ගැනීමට තරම් දැනුමක් මා සතු උවත් තේරුම් ගත නොහැකි[/FONT] [FONT=&quot]ගැහැනියක් හා ජීවිත කාලයම ගත කිරීමට මා හට සිදුවනු ඇත.නැවත මා නොසන්සුන්[/FONT] [FONT=&quot]වේ.නැත ඇයට පමණක් මාහට සරදම් කිරීමට ඉඩ දිය යුතු නැත.මමද දොඩමළු විය යුතුය.[/FONT]
    [FONT=&quot]මේ බෑග් දෙකේද ඔක්කොම තියෙන්නේ...මම හිතුවා ලොරියක වත් ගෙන්න ඕනෑ කියල.[/FONT]
    [FONT=&quot]ලොරියක ගේන්නේ මොනවටද...වැඩිය ඇඳුම් නෑ...මොකද මම අදින්නේ ජීන්ස් එකයි ටි[/FONT] [FONT=&quot]එකයි.වැඩිය මේකප් දාන්නෙත් නෑ..ඒ නිසා ඒවාට යන ඉඩත් ඉතුරු වෙලා...ලැප්[/FONT] [FONT=&quot]එකෙයි පොර්ටබල් එකෙයි තියනවා මගේ අනිත් වටිනා දේවල් ටික.ඔය බෑග් දෙකේත් ඉඩ[/FONT] [FONT=&quot]ඉතුරු වෙලා ඇති.සමහර දේවල් අමතක වෙන්නත් ඇති ඉක්මනට පැක් කරපු නිසා....[/FONT]
    [FONT=&quot]නැවතත් මා ඇයට පරාජය විය.ඇය නොනවත්වාම කතා කරයි.දොඩමළු ඇයගේ වත දෙස බලා[/FONT] [FONT=&quot]සිටීම නෙතට රසඳුනකි.ඒ සුන්දරත්වය සදාකාලයටම මාසතු නොවේදැයි සිතට සැනසිල්ලක්[/FONT] [FONT=&quot]නැත්තේ කුමක් නිසාද.[/FONT]
    [FONT=&quot]ඒක නෙවෙයි ළමයෝ...අපි රෑට කන්නේ මොනවද[/FONT]?[FONT=&quot]මට මතකම නැති උනා..මගදී..අපි උයමුද...එහෙම ෂෝයි...[/FONT]
    [FONT=&quot]උයන්න විදියක් නෑ...[/FONT]
    [FONT=&quot]ඇයි ඔයා කලින් කිව්වේ ඔයා සමහර දවසට උයනවා කියලා...[/FONT]
    [FONT=&quot]මම කිව්ව තමයි...මම උයනවා කියන්නේ ඔම්ලට් එකක් හදන එක මැගී එකක් හදා ගන්නවා වගේ වැඩ වලට.නැතුව බත් උයන එක ගැන නෙවෙයි.[/FONT]
    [FONT=&quot]හරි..අපි මැගී හදමු..කෝ තියනවද ගෙනාපුවා....[/FONT]
    [FONT=&quot]මතක නෑ ඉස්සෙල්ලා මේ ටික අස් කරලා ඉම්මු.පස්සේ පුළුවන් කෑම බලන්න....[/FONT]
    [FONT=&quot]ඇය දොඩමළු වන්නේ ගිරවියක මෙනි...ඇය....හ්ම්ම්ම්ම්ම්....යකෝ මේකි ආව ගමන් කා කියා ගත්ත ගමන් මයි.මාවත් කාල තමයි නතර වෙන්නේ..[/FONT]
    -------------------------------------------------------------------------------------------------------

    Good Story :D:D:D