ආගම්වලට අපහාස උපහාස නොකරව්.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආගම්වලට අපහාස උපහාස නොකරව්.....


    ආගම්වලට අපහාස උපහාස නොකරව්.....

    ආගමක් යනු කුමක්ද..? එක එල්ලේ පිළිතුරු ලබා දිය නොහැකි වුවත්, ආගමවල ඉගැන්වීම අනුව ඒකේ අරමුණ මොකක්ද කියල කියන්න හරි පහසුයි... ආගමක් යනු ප‍්‍රත්‍යක්ෂ ඥානයට ගෝචර නොවන සියලූම දේ සඳහා විවිධ ශාස්තෘවරුන් විසින් තමන්ගේ දෘෂ්ටියෙන් සපයනා ලද අර්ථකථනයකි.... තමන්ගේ දෘෂ්ටියෙන් අර්ථකථන දීමේ දී තමන්ගේ අවට පරිසරය, ජීවන රටාව පැහැදිලිවම ආගමේ පදනමට බලපාලා තියෙනව කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ... හැබැයි අද වෙන කොට එක්තරා බිම්කඩකට සීමාවෙලා තිබුණු ආගම් මුලූ ලොව පුරා පැතිරිලා.... ආගම් බිහිවීමට බලපෑ භූගෝලීය, දේශගුණික හා ජීවන රටාව වැනි මූලික පදනම ඊට හාත්පසින් වෙනස් තවත් පරිසරයකට ආදේශ කරන්නට යාමේදී ආගම්වාදි ගැටලූ මතු වී ආගම්වල මූලික පදනම දෙදරා ගොස් ඇත...

    ඒක හරි සරල උදාහරණයකින් පැහැදිලි කරන්න පුලූවන්... කෙනෙක් ඔටු හුජ්ජ බොන කොට තවත් කෙනෙක් නළලේ හරක් ගොම ගාගන්නවා.... හැබැයි ඔටු හුජ්ජ බොන එකාගේ නළලේ ගොම ගාන්නට ගිය විට වැඬේ කචල් වෙනවා සේ ම නළලේ ගොම ගාගත්ත එකාට ඔටු හුජ්ජි පෙවීමට තැත් කිරීමද කචල් වැඩකි... උනුන් දෙගොල්ලොම එකිනෙකා දෙස පිළිකුලෙන් බලන අතර, ඉන් බාහිර අය ද එය පිළිකුලෙන් හෙළා දකිති... බලපුවාම හැමෝම එකිනෙකා පිළිකුල් කරගති.... ගහකට වැඳ යමක් ඉල්ලන එකා දෙවියන් ඉදිරියේ පව් ක්‍ෂමා කිරීමට ට‍්‍රයි කරන එකා දිහා බලන්නේ උපහාසයෙනි... එලෙසම ඔහු අනෙකා දෙස බලන්නේ ද උපහාසයෙනි.... ඒ දෙකම දිහා බාහිරින් බලන එකා ද බලන්නේ උපහාසයෙනි.... බලපුවාම හැමෝම එකිනෙකා දෙස බලන්නේ උපහාසයෙනි... ආගමක තිත්ත යථාර්තය එයම වේ....

    ඇත්තටම ආගමක් ගැන තර්ක කළ යුතුයි අපහාස කළ යුතුයි උපහාසයට ලක් කළ යුතුයි යන්නට එරෙහිවන පුද්ගලයා කිසිවිටෙක තමන්ගේ ආගමට සුදු හුණු ගා අනෙක් ආගම්වලට අපහාස උපහාස නොකළ යුතුය.... එලෙස අපහාස උපහාස කරන්නේ නම් වෙනත් අයෙක් කරන අපහාස උපහාස දිරවගන්නට තරම් නිහතමානි විය යුතුය... නැතිනම් එතන තියෙන්නේ මොළයේ අඩුවකි... ආගමෙන් අන්ධ වීමය... ආගමෙන් මත් වීමය....

    විවෘත මනසෙන්, ආගමකට ගැති නොවී බලන කෙනෙකුට ලෝකයේ අතිශය බහුතර ආගම්වාදින් උගුරට හොරා බේත් බොන බව පැහැදිලිව පේනවා.... ”ආගම් අතර සම්මුතියක්” කියා අමුතු ලේබල් එකක් ගහල හොරාට තමන්ගේ ආගම උඩ දමා දමා අනෙක් ආගම් පාගා දැමීමට පුලූවන් තරම් යටි කූට්ටු වැඩ කරති... අපහාස කරති, උපහාස කරති... හැබැයි ඔවුන් තමන්ගේ ආගමට කවුරුන් හෝ ගේමක් අදින විට රෙද්ද උස්සාගෙන අවලාද කියාගෙන කඩු කිණිසි ඇදගෙන එන්නේ මාර වේශයෙනි...

    ඕනෑම සමාජ සංස්ථාවක කී‍්‍රඩාව, දේශපාලනය, කලාව, ආර්ථිකය ආදි දහසකුත් දේ ඕනෑ තරම් විවේචනයට, උපහාසයට අපහාසයට ඕනෑ තරම් ඉඩ ඇත... නමුදු ආගම ගැන එලෙස කතා කිරීමට අර සම්මුතිවාදි ලේබලය ගසා හරස් කපා ඇත... හැබැයි ලොකුම විහිලූව රටක ඉහත කී සෑම දෙයක්ම තීරණය වන්නේ එම රටේ බහුතර ආගමේ ඕනෑ එපාකම්වලට අනුකූලවය.... ඒ අනුව සෑම රටකම බහුතර ආගමිකයා විසින් සුලූතර ආගමිකයා පාගා දමා ඇත... නමුත් ප‍්‍රසිද්ධියේ ආගම් අතර සම්මුතියක් ඇතැයි පූච්චානම් කියති....

    අරාබියේ පිරිත් නූලක් බැඳගෙන බුදු පිළිමයක් තබා ගන්නා එකා පොලිසියට කුදලාගෙන ගොස් ප‍්‍රශ්න කරන්නේය... හැකි නම් දඩුවමක් ද දෙන්නේය.... එතනදී සිදු වී ඇත්තේ එක් ආගමකට නින්දා කිරීම නොවේද? අපහාස කිරීම නොවේද? හැබැයි ඕක ලංකාවට එන කොට තත්වය වෙනස් වෙන්නේය... තමන්ගේ ආගම අනුව සතෙක් බිලිදෙන්න එන කොට ඒකට නීතියට මුවහ වී බැරියර් දැමේ... එමගින් තවත් ආගමකට අපහාසයක් සිදු නොවේද..? සීමාවක් නොපැනවේද...?

    මේකට හේතුව වී ඇත්තේ තමන් අදහන ආගම ලෝකයේ තියෙන එකම සත්‍යයැයි ද අනෙක් සියලූ ආගම් පට්ට බොරු යැයි සිතා මනෝරාජ්‍යයේ අධිතක්සේරුවෙන් කඳවුරු බැදීමය.... තමන්ගේ ආගම සත්‍ය යැයි කීමට ඇතමුන් බයිබලය පෙරළති... තව එකෙක් කුරානය පෙරළති... තවකෙක් භගවත් ගීතාව... තවකෙක් ති‍්‍රපිටකය.... ඉන් පසු මගේ ශාස්තෘවරයා මෙසේ කියා ඇති බැවින් එය පරම සත්‍ය යැයි පාරම්බාති.... නමුදු අවසන සියල්ලෝ පොළවේ පය ගසා මිනිසා විසින් සොයාගත්ත දේ, මිනිසා විසින් නිර්මාණය කළ දේ පරිභෝජනය කරමින් නොපෙනන ලොවකට ආ වඩා මිනිසාටම නක්කල් කොට පොළවේ ම පස් වී යති...

    ලෝකයේ ඇස දුටු සෑම තැනකම ඇත්තේ මිනිසා විසින් ගොඩනැගූ දේය.... ලෝකයේ මෙහා කෙළවර සිට එහා කෙළවරට අමතන්නට, පෙනි හිටින්නට එදා ඔය කියන එක ශාස්තෘවරයෙකුටවත් නොහැකි වූ බව සත්‍යයකි.... එකවර මිනිසුන් සිය ගණනක් අහසින් ගෙන යාමටත්, මුහුදේ පාකර යැවීමටත්, මුහුද යටින් යැවීමටත් එදා ශාස්තෘවරුන්ට නොහැකි වූ බව සත්‍යයකි... තත්පරයකින් මුලූ ලෝකයම ධුලි ගොඩක් කිරීමට හැකියාවක් කිසිම ශාස්තෘවරයෙකුට නොතිබූ බව සැබෑවකි.... හැබැයි ප‍්‍රායෝගිකව සිතන මිනිසා විසින් ඒ සියල්ලම ප‍්‍රායෝගිකව කර පෙන්නා ඇත... එහෙම බලපුවාම ආගම්වලින් කර ඇත්තේ එදා මිනිසාට කවදාවත් කිරීමට නොහැකි යැයි සිතපු දේවල්වලට අමුතුම සංකල්පනාවක් ලබා දී අනුගාමිකයා කඬේ යැවීමය... අද වන විට ආගම නැමති මැජික් මල්ලේ බැර සැහැල්ලූ වෙමින් පවතී.... නුදුරු අනාගතයේ දී ඒ මැජික් මල්ල හිස් වෙනවා ඇත... එවිට ලෝකයේ ආගම් යනු ඊසොප්ගේ උපමා කතා මෙන් සාහිත්‍ය වටිනාකමක් ඇති ප‍්‍රබන්ධ වනවා ඇත.... ඒ වෙනුවට ප‍්‍රායෝගිකව අත්විඳින දේ සහ ඊට නවාංග එකතු කරන පොදු සම්මුතියකට ලොව එකග වනවා ඇත...

    ඔබට ආගමක් ඇදහීමට, විශ්වාස කිරිමට අයිතියක් ඇත... නමුදු ඒ අයිතියට අනෙකා ගරු කළ යුතු යැයි විවේචනය නොකළ යුතු යැයි කීමට ඔබට අයිතියක් නැත.... ඊට එක හේතුවක් වන්නේ ඔබ ද වෙනත් ආගම්වලට මදි නොකියන්න පහර ගසන නිසාය.... තවත් හේතුවක් වන්නේ තවකෙක් පහර ගසනුයේ ආගම නැමති සංකල්පයට මිස ඔබට නොවීමය... එබැවින් ඔබගේ දෘෂ්ටි කෝණයෙන් ඔහු මිථ්‍යාදෘෂ්ටිකයෙක් වන බැවින් අනිවාර්යයෙන් ඔහුට පනිෂ්මන්ට් එකක් ලැබෙනවාය... එලෙස නම් ඔබ කලබල වී
    ඔහු හට අමුතුවෙන් දඩුවම් කිරිමට ඔහු නෙරපා දැමීමට සූදානම් නොවිය යුතුය... දවසක ඔබේ ආගම අනුව ඔහුට ලැබෙන පනිෂ්මන්ට් එක ගැන සිතා සතුටුවන්න... නැතිනම් අනුකම්පා කරන්න... ඔබ රෙද්ද උස්සා ඔහුගෙන් ගේම ඉල්ලීමෙන් තේරෙන්නේ ඔබට ඔබ ආගමේ ඉගැන්වීම ෂුවර් නැති බවක් නොවේ ද...?

    ආගම් අදහන මිනිසුන් විසින් ඔවුන්ගේ ඇදහිලි හා විශ්වාස අනුව ලෝකය පාලනය කිරීමට උත්සහා දරන තාක්කල්, ඔවුන්ගේ එම විශ්වාසය නිසා වෙනත් ආගමිකයින්ගේ ජීවිතවලට බලපෑමක් කරන තාක්කල්, තමන්ගේ ඇදහීම තමන්ට පමණක් සීමා කර නොගන්නා තාක්කල්, කිසිවෙකුටත් තමන්ගේ ආගම විවේචනය නොකළ යුතුය කියා බැරියර් දැමිය නොහැක....
    මන්ද යත් ඔබ මුලින් අධෝවාතයක් පිටකර කලින්ම නහය වසා අනුන් දෙස බලා ගඳයි කියනා එක සදාචාර සම්පන්න නොවන නිසාය....

    pathfinder_PNG_Face.png


     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,806
    113
    Gampaha
    ගොන් ජෝක් නෙ බන් ත්‍රෙඩ් එකේ තියෙන්නෙ.

    මා පහර ගසනුයේ ආගම නැමති සංකල්පයට
    දැන් ඌ ඇවිත් පහර ගහල යනකන් ඇනිත් උන් ඇටිකෙහෙල් කාපු උගඩුවො වගේ බලන්න ඉන්න ඕනෙලු.. :lol:

    ඔබ කලබල වී මා හට අමුතුවෙන් දඩුවම් කිරිමට මා නෙරපා දැමීමට සූදානම් නොවිය යුතුය...
    පෙරලා පහර ගසන්න එපාලු ඌ පවු ලු.. කවුරු හරි උයාට ගහල සිදුනද? මල අඬවැඩියාවක් නෙ යකෝ මේක..

    පීස් මෙයාට ආයිත් ගහන්න එපා.. :yes: කැමති එකක් කියල යන්න දෙන්න.. :Dපවුනෙ මචන්ලා කතාවෙලා මූට සපොර්ට් එකක් දෙමු.. :sorry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ලෝකයේ මෙහා කෙළවර සිට එහා කෙළවරට අමතන්නට, පෙනි හිටින්නට එදා ඔය කියන එක ශාස්තෘවරයෙකුටවත් නොහැකි වූ බව සත්‍යයකි.... එකවර මිනිසුන් සිය ගණනක් අහසින් ගෙන යාමටත්, මුහුදේ පාකර යැවීමටත්, මුහුද යටින් යැවීමටත් එදා ශාස්තෘවරුන්ට නොහැකි වූ බව සත්‍යයකි... තත්පරයකින් මුලූ ලෝකයම ධුලි ගොඩක් කිරීමට හැකියාවක් කිසිම ශාස්තෘවරයෙකුට නොතිබූ බව සැබෑවකි....
    අපොයි ... ආගමික ශාස්තෘවරු බිහිවෙන්නේ න්‍යෂ්ඨික,ජීවවිද්‍යාත්මක අවි හදන්න,සන්නිවේදනය දියුනු කරන්න,ගමනාගමන පහසුකම් දියුණු කරන්නද

    අර ත්‍රෙඩ් එකේ වාද කරපු කිසිම කෙනෙකුට වඩා උඹට නම් හොඳට
    රිදිලා කියලා පේනවා.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපොයි ... ආගමික ශාස්තෘවරු බිහිවෙන්නේ න්‍යෂ්ඨික,ජීවවිද්‍යාත්මක අවි හදන්න,සන්නිවේදනය දියුනු කරන්න,ගමනාගමන පහසුකම් දියුණු කරන්නද

    අර ත්‍රෙඩ් එකේ වාද කරපු කිසිම කෙනෙකුට වඩා උඹට නම් හොඳට
    රිදිලා කියලා පේනවා.

    ළාමක වෙන්න එපා බං.... ඔය උඹල තටම තටම කියන සංසාරේ ස්ටෙප් පාක් කරන්න තැනක් නැති කරන්න පුලුවන්කම ගැන කිව්වේ... ටිකක් පැහැදිලිව කියවල හිටපං... කොහෙද කමෙන්ට් කරන්න හදිසි වෙනවනේ....
     
    • Like
    Reactions: KasunKDP

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ළාමක වෙන්න එපා බං.... ඔය උඹල තටම තටම කියන සංසාරේ ස්ටෙප් පාක් කරන්න තැනක් නැති කරන්න පුලුවන්කම ගැන කිව්වේ... ටිකක් පැහැදිලිව කියවල හිටපං... කොහෙද කමෙන්ට් කරන්න හදිසි වෙනවනේ....

    අයාලේ යන එකේ පාත් එකක් හොයාගත්තා නම් මොකෝ රතු සහෝදරයා...

    ආගම් අරහං වුන සෝවියට් සමූහාණ්ඩුව වැටිලා හුගක් කල්.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අයාලේ යන එකේ පාත් එකක් හොයාගත්තා නම් මොකෝ රතු සහෝදරයා...

    ආගම් අරහං වුන සෝවියට් සමූහාණ්ඩුව වැටිලා හුගක් කල්.

    උඹ කියන ඔය තර්කයෙන් ගත්තම අද ලංකාව ලෝකයේ අංක 01 වෙන්න ඕන...
    මොකද ලංකාවේ පඳුරකට පයින් ගැහුවත් බෞද්ධයෙක්, කිතුණුවෙක්, ඉස්ලාමිකයෙක් එහෙම නැත්තං හින්දුවෙක් එළියට පනිනවා... :growl:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුන්ට හේතුවාදී අදහස් එන්නේ අල්ලා ගැන විතරයි .එතකොට තර්කානුකුලව හිතල බලන එක අවුලක් නැ වෙන එකෙක් තමන්ගේ එක ගැන කියවනකොට තමයි ආගමෙන් ලැබුන හැදියාව පෙන්න ගන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    උඹ කියන ඔය තර්කයෙන් ගත්තම අද ලංකාව ලෝකයේ අංක 01 වෙන්න ඕන...

    ඇයි බන් සමාජවාදය තිබුන රටවල් ආගම් තහනම් කරලත් ඔච්චර දුප්පත් වුනේ..


    මොකද ලංකාවේ පඳුරකට පයින් ගැහුවත් බෞද්ධයෙක්, කිතුණුවෙක්, ඉස්ලාමිකයෙක් එහෙම නැත්තං හින්දුවෙක් එළියට පනිනවා... :growl:

    අඩේ මාර ප්‍රශ්නයක් නේ...මොකෝ බන් ඉතින් අපි කරන්නේ ඒකට.ජොබ් එකක් වත් නැතුව හිටිය කාල් මාස්ක්ගේ ගේමුද සමාජවාදය
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇයි බන් සමාජවාදය තිබුන රටවල් ආගම් තහනම් කරලත් ඔච්චර දුප්පත් වුනේ..
    අඩේ මාර ප්‍රශ්නයක් නේ...මොකෝ බන් ඉතින් අපි කරන්නේ ඒකට.ජොබ් එකක් වත් නැතුව හිටිය කාල් මාස්ක්ගේ ගේමුද සමාජවාදය

    උඹ කලින් ගෙනාපු තර්කය අනුව මම උත්තර දුන්නේ... උඹගේ තර්කයෙන් කිව්වේ ආගමක් නැත්තං රටකට කෙළවෙනවා කියලනේ... ඒ අර්ථය බොරු කියල ඔප්පු කලාම තවත් මෝඩ තර්කයක් ගේනවා... දැන් උඹ කලින් ගෙනාපු තර්කය උඹම කෙළවනවා...

    මට ඕන්නම් උඹෙන් අහන්න පුලූවන් ආගම ඔලූඩ උඩ තියාගෙන පැය 24 ම බණ රන් වෙන රටක් දුප්පත් වුණේ කොහොමද කියල....

    :growl:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    උඹ කලින් ගෙනාපු තර්කය අනුව මම උත්තර දුන්නේ... උඹගේ තර්කයෙන් කිව්වේ ආගමක් නැත්තං රටකට කෙළවෙනවා කියලනේ... ඒ අර්ථය බොරු කියල ඔප්පු කලාම තවත් මෝඩ තර්කයක් ගේනවා... දැන් උඹ කලින් ගෙනාපු තර්කය උඹම කෙළවනවා...

    මට ඕන්නම් උඹෙන් අහන්න පුලූවන් ආගම ඔලූඩ උඩ තියාගෙන පැය 24 ම බණ රන් වෙන රටක් දුප්පත් වුණේ කොහොමද කියල....

    :growl:


    ආගම් අරහං රටේ සෝවියට් විද්‍යාඥයෝ නම් උඹ තරම් ආගම් වලට ගැහුවේ නෑ බන්.උන් ඒ මතවල ඇත්ත නැත්ත හෙව්වා.නැතුව ගෙඩිය පිටින්ම "මම මේවා පිළිගන්නේ නෑ" කියලා කුණු ගොඩට විසි කලේ නෑ.

    ආගම් අබිං වුන සමාජවාදයට කෙල වුනේ මොකද කියලා මට උඹෙන් අහන්න පුලුවන්.;)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ආගම් අරහං රටේ සෝවියට් විද්‍යාඥයෝ නම් උඹ තරම් ආගම් වලට ගැහුවේ නෑ බන්.උන් ඒ මතවල ඇත්ත නැත්ත හෙව්වා.නැතුව ගෙඩිය පිටින්ම "මම මේවා පිළිගන්නේ නෑ" කියලා කුණු ගොඩට විසි කලේ නෑ.

    ආගම් අබිං වුන සමාජවාදයට කෙල වුනේ මොකද කියලා මට උඹෙන් අහන්න පුලුවන්.;)


    මම ත්‍රෙඞ් එකෙන් කියන්නෙත් උඹල වගේ එවුන් ගැන තමයි....
    උඹ උඹ පයගහල ඉන්න පොළවේ යථාර්ථය නොසොයා කොහේටදෝ බෙල්ල දික් කරනවා...
    අපි මෙහෙම හිතමු.. ලංකාවේ බහුතර ආගම කුමක් ද? බෞද්ධ..
    බැලූ බැල්මට ලෝකයේ සුපිරිසිදුම ථෙරවාදි බුද්ධාගම තියෙන්නේ ලංකාවේ...
    හරි ඒක ඇත්ත නම්, උඹ කියන තර්කෙත් ඇත්ත නම් අද ලංකාව මේ වගේ තැනක තියෙන්නේ බෑනේ...
    වැඩියෙන්ම සියදිවිනසා ගන්නා රට ලංකාව...
    වැඩිම ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ලංකාව ඉස්සරහින්...
    ඒක පුද්ගල ආදායම අතින් ලංකාව ඉන්නේ ලිස්ට් එකේ අන්තිම හරියේ...
    ඉහල තැන සිට පහළටම යන කං දුෂණය, හොරකම වැහි වැහැලා...

    එතකොට උඹගේ තර්කයෙන් ඔය දේවල් බැර කරන්න වෙන්නේ බුද්ධාගමට...
    එක අතකින් මම සතුටුවෙනවා උඹ විවෘතව කතා කරපු එක ගැන.... :)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අයාලේ යන එකේ පාත් එකක් හොයාගත්තා නම් මොකෝ රතු සහෝදරයා...

    ආගම් අරහං වුන සෝවියට් සමූහාණ්ඩුව වැටිලා හුගක් කල්.

    ඇයි බන් සමාජවාදය තිබුන රටවල් ආගම් තහනම් කරලත් ඔච්චර දුප්පත් වුනේ..




    අඩේ මාර ප්‍රශ්නයක් නේ...මොකෝ බන් ඉතින් අපි කරන්නේ ඒකට.ජොබ් එකක් වත් නැතුව හිටිය කාල් මාස්ක්ගේ ගේමුද සමාජවාදය

    ලොල් ... ආගම් අදහන්නේ නැති ඔක්කොම සමාජවාදියෝද බන් ?
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ලොල් ... ආගම් අදහන්නේ නැති ඔක්කොම සමාජවාදියෝද බන් ?

    ලේ දුන්නට ,නුවණ දෙන්න බෑ නේ බ්‍රෝ ;)