ත්‍රෙඩ් ටයිට්ල් එකේ කරන්න කියන දෙයට එකඟ නැහැ. එලකිරිය කියන්නෙ සාකච්ඡා සහ අදහස් ප්‍රකාශ කරන්න නිර්මිත තැනක්. "ඒ වාගේ තැනක" තවත් අයෙක්ගෙ මතවාදයක් නුරුස්නාවූ පමණින් ඒ මතවාදය දරන අයව නෙරපීම හෝ ඒ මතවාදය තහනම් කරීම හොඳ නැහැ. (while staying within prevalent law of course)
හැබැයි පිපේගෙ OP එකේ ගන්න දෙයක් තියනවා. ආගම සංස්කෘතිය පමණක් නෙමෙයි විද්‍යාවන් සහ "යථාර්ථය" පවා හුදු විශ්වාස පදනම් ගොඩනැගුනු දේවල් (මානුෂ්‍ය අත්දැකීමේ විවිධ සීමාවන් නිසා). ඉදින් මගේ විශ්වාසය එකක් අනෙකුගේ විශ්වාසය තවෙකක් වෙච්ච පමණින්ම ඒ විශ්වාස, මතවාද සහ අත්දැකීම් වලට "ගරහන්නාහෙට ගැරහීම" නම් අමන ක්‍රියාවක්.
මේ ලෝකෙ ඕනෑම දැනුම් පද්දතියක (වර්ල්ඩ් විව්) අරමුණක්/ණු තිබෙනවා. ඒ ඒ අරමුණු වලට සාපේක්ෂව තමා ඒ ඒ දැනුම් පද්ධති ගොඩ නැගෙන්නෙ. වෙන විදිහකට කිවහොත්, අපි ලෝකයක් පේන නිසා බලනවා නෙමෙයි, බලන නිසායි ලෝකයක් පෙනෙන්නෙ. බලන්න පාවිච්චි කරන මූලික පදනම සහ මිණුම් දඬු අනුව පේන දේ සහ පේන විදිහ වෙනස් වෙනවා. සරලව කිව්වොත් ඒ ඒ ක්‍රම වලට ඒ ඒ අර්ථ ලැබෙනවා.
OP එකේ කියන පරිදි මත ගැටුම් බොහෝවිට පැන නගින්නෙ, මේ සියලු අර්ථදැක්වීම් වලට යටින් සැඟවුන ඒකීය පරම පාරිශුද්ධ වාස්තවික යථාර්ථයක් තියනවා, ඒ යථාර්ථය නිවැරදිව පෙන්වන්නෙ අපේ දැනුම් පද්ධතියයී, අපේ වර්ල්ඩ් විව් එකයි කියලා කියන්න දරන උත්සහය තුල. නමුත් ඔය පුද්ගලයන්ට ඒ යථාර්ථය "සියලු" සැක දුරුවෙන පරිදි ඔප්පු කරගන්නවත් තවෙකුකට ඔප්පු කරලා පෙන්වන්න වත් බැහැ.
දැන් පොඩ්ඩක් මම අදහන ආගමානුකූලව කතාකළොත්, බුදුදහම ඉහත ගැටළුව පිලිගන්නවා. ඒ නිසාමයි බුදුන් නිවන දේශනා කලේ. මොන විදිහකට විසඳුවත් අපට මේ ලෝකය විසඳන්න බැහැ. ඉදින් ලෝකය විසුරුවා හරින්නයි බුදුන් උපදෙස් දෙන්න. එදාට ප්‍රශ්නයත් විසඳුමත් දෙකම අහෝසිවෙලා යනවා.
ඒ නිසා ත්‍රෙඩ් එක කියවන බෞද්ධයන්ට මට කියන්න තියෙන්නෙ බුදුදහමට කෙතරම් ගැරහුවත් ඒක තමන්ට බාධාවක් කරගන්න එපා. ඒ ගරහන අය කෙරෙහි තරහක් ඇති නොකරගෙන, මේ මනුස්සයෝ මෙහෙම කියන්නෙ ඒ ඒ අය ලඟ අර යටින් කියපු මොන මොන විශ්වාස තියන නිසාද කියලා තේරුම් අරන් ඒ විශ්වාස වලත් සාපේක්ෂ සහ ප්‍රායෝගික වටිනාකම තේරුම් ගැනීමයි.
එහෙම කිව්වටත් මොකෝ අපි හැමෝම පුහුදුන් මිනිසුන්. ඒ නිසා "සේරම දාර්ශනික කතා ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් පමණයි" කියන ඇත්තත් අපි සමස්ථයක් විදිහට පිළිගන්න ඕනෙ. මං හිතන්නෙ එතකොට පුද්ගලයෙකුගෙ චින්තනයට පරිණත වෙන්න ලොකු අවස්ථාවක් උදාවෙනවා. අර කියපු ඒ ඒ දේවල් වල ප්‍රායෝගික වටිනාකමුත්, ඒවායෙ වාස්තවිකත්වයක් නැති හුදු සාපේක්ෂ බවත් තේරුම් යනවා...