ආගමික නිදහස ගැන සෙවීම
ආගමික නිදහස ගැන සෙවීම සඳහා වූ ඇමරිකානු විමර්ශන කණ්ඩායමට වීසා බලපත් දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
ඉන්දියාවේ ආගමික නිදහස පිළිබඳ විමර්ශනය කිරීමේ ඇමරිකානු විමර්ශන කණ්ඩායමට ඉන්දියාවට පැමිණීම සඳහා වීසා බලපත් දීම ප්‍රතික්ෂේප කර ඇත.
ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමරිකානු කොමිසමේ විමර්ශකයන් ඉන්දියාවට පැමිණීම සඳහා අවසර ඉල්ලා ඇත්තේ ඇමරිකානු බලධාරීන්ට විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහායි. ඉන්දීය රජය වීසා බලපත්දීම ප්‍රතික්ෂේප කිරීම කනගාටුවට කරුණක් බව එම කොමිසමේ සභාපති රොබට් ජෝර්ඡ් පැවසීය.
මේ සම්බන්ධයෙන් වොෂින්ටන් නුවර ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කරන්නේ එකී ඇමරිකානු කොමිසම ඉන්දියාවේ ආගමික නිදහස ගැන විමර්ශනය කිරීමට ඇති අයිතිය කුමක්ද යන්නයි.
ඉන්දීය රජය ඇමරිකානු නිරීක්ෂණ කණ්ඩායමට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළ හත් වැනි වතාව මෙයයි.
Source : http://www.divaina.com/2016/03/10/forign01.html