ආගමික මූලධර්මවාදය
පසුගිය සමයේ බෞද්ධ මූලධර්මවාදී පැසිස්ට් කල්ලි පිළිබඳ ලංකාවේ ඉංග්‍රිසි මාධ්‍ය මෙන්ම විදේශීය මාධ්‍ය ද පුවත් මවන ලදී. මීට දස වසරකට පෙර ජාතික හෙළ උරුමය බෞද්ධ මූලධර්මවාදී සංවිධානයක් ළෙස හඳුන්වන ලදී. දැන් බොදු බල සේනා සංවිධානය බෞද්ධ මූලධර්මවාදි සංවිධානයක් ළෙස හඳුන්වති. එසේම පසුගිය සතියේ “ෆැෂන් බග්“ ආයතනයට පහර දීමක් සිදුවුණු අවස්ථාවේ ඉංග්‍රීසි මාධ්‍ය එහි වගකීම පැවරුවේ බෞද්ධ මූලධර්මවාදී ෆැසිස්ට් කල්ලි වලටයි. අවාසනාවකට මෙවැනි පුවත් ලියන අය මූලධර්මවාදය යනු කුමක්දැයි කිසිසේත්ම නොදනිති. එබැවින් අපි මූලධර්මවාදය යනු කුමක්දැයි විමසා බලමු.
මූලධර්මවාදය යන සිංහල පදය බිහි වී ඇත්තේ fundamentalism යන ඉංග්‍රීසි පදයෙනි. ඒ අනුව මූලධර්මවාදය යනු යම් ආගමක මූලික සිද්ධාන්ත අනුවම කටයුතු කළ යුතුය යන සමාජ ඉල්ලීමයි. මෙම ඉල්ලීම සමාජයක මතු වන්නේ ආගමික නවීකරණයට ප්‍රතිචාරයක් වශයෙනි.
මූලධර්මවාදය යන සංකල්පය පැන නැගුණේ 19 වන සියවස අග භාගයේ දී ඇමෙරිකාවේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි අය අතරයි. 1878 දී පැවැත්වුණු නයගරා බයිබල් සම්මේලනයෙන් පසුව ක්‍රිස්තියානි මූලික විශ්වාස පිළිබඳ එකඟතාවයක් ඇති කර ගත් අතර 1910 දී පොත් මාලාවක් වශයෙන් පළ කරන ලදී. කන්‍යාවකට සිදුවුණු දරු උපතකින් ජේසුතුමාගේ උපත සිදුවීම, සියළුම පව්කාරයින් වෙනුවෙන් ජේසුතුමා සිය ජීවිතය පූජා කිරීම, මළවුන්ගෙන් උත්ථානය සහ ජේසුතුමා ආශ්චර්රයන් සිදු කිරීම වැනි බයිබලයේ සඳහන් මූලික කරුණු පිලිගැනීම සහ ඒ මත පිහිටා කටයුතු කිරීම සැබෑ කිතුනුවෙකුගේ වගකීම බව මූලධර්මවාදිහු පැවසූහ.
වේද ග්රන්ථ, බයිබලය සහ කුරානය වැනි ආගමික ග්රන්ථ වල සඳහන් කරුණු බොහොමයක් එම ආගම් බිහිවුණු වකවානුවේ පැවැති සමාජ පසුබිම පදනම් කරගෙන ඇති බව පෙනේ. වසර දහස් ගණනක් පුරා සිදුවුණු සමාජ පරිවර්තන ක්‍රියාවලිය මෙන්ම විද්‍යාත්මක සොයා ගැනීම් ද හේතුවෙන් ආගමික ග්රන්ථ වල අඩංගු සමහර කරුණු අද සමාජයට නොගැලපේ. එබැවින් ජනතාව ආගමට අළුත් අර්ථකතනයන් ලබා දෙමින් නවීකරණයට පෙළෙඹුණහ.
වෙළඳාමේ දියුණුව සමග පොලියට මුදල් ණයට දීම සමාජයේ පැන නැගුණු විට පල්ලිය කීවේ කාලය අයිති දෙවියන් වහන්සේට බැවින් පොලී ලබා ගැනීම කිතු දහමට පටහැනි බවයි. එමෙන්ම ගැලීලියෝ ගැලලි, කොපර්නික්ස් සහ චාල්ස් ඩාවින්ගේ සොයා ගැනීම් දේව මැවුම්වාදයට පටහැනි බැවින් ඔවුන් පල්ලියේ උදහසට ලක් විය. සමහරෙක් මෙම නවීන සොයා ගැනීම් වලට ගැලපෙන අයුරින් බයිබලය අරුත් ගැන්වූහ. ඒ සමගම ඔවුන් කතෝලික පල්ලියෙන් බිඳී නව නිකායන් බවට පත් වූහ.
මේ වන විට බයිබලය එකිනෙකට වෙනස් අරුත් ලබා දෙන ක්‍රිස්තියානි නිකායන් දහස් ගණනක් බිහි වී ඇත. මේ සියළුම නිකායන් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන ප්‍රවාහය වන රෝමානු කතෝලික පල්ලියෙන් වෙන් වුණු පිරිස්ය. ඔවුන් බයිබලය නවීකරණයට ලක් කරමින් වෙනස් වන සමාජය සමග ගැලපීමට වෙර දරණ ලදී. ඉන්පසු කතෝලික පල්ලිය ද නවීකරණය ලක් විය. කාන්තා කාදිනල්වරුන් පත් කිරීම, ගබ්සාව සහ සමලිංගික විවාහ සම්බන්ධයෙන් කතෝලික පල්ලියේ මත වෙනස් කරමින් එය තව දුරටත් නවීකරණය විය යුතු බවට කිතුනු සමාජයේ කතිකාවක් ගොඩ නැගී ඇත.
මෙසේ කතෝලික පල්ලිය නවීකරණයට ලක්වන විට එයට අභියෝග කලේ මූලධර්මවාදින්ය. බයිබලයේ සඳහන් වන්නේ දේවභාෂිතය නම් එය සංශෝධනය කිරීමට අන් අයට ඇති හැකියාව මූලධර්මවාදිහු ප්‍රශ්න කළහ. ඔවුන්ගේ ස්ථාවරය වන්නේ බයිබලය දේවභාෂිතය බැවින් එය ප්‍රශ්න කිරීම් වලින් තොරව ඒ ළෙසම පවත්වාගෙන යායුතු බවයි. ඒ අනුව කතෝලික පල්ලියට අභියෝග කරමින් මූලධර්මවාදි ක්‍රිස්තියානි නිකායන් දහස් ගණනක් බිහි වී ඇත. එයින් සමහරෙක් මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන බැවින් විද්‍යාව ඉගෙනීම ප්‍රතික්ෂේප කරයි. තවත් අයෙක් අසනීපවීම දේව කැමැත්ත ළෙස සළකා වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කර යාඥාවෙන් අසනීප සුව කර ගැනීමට වෙර දරති. “ඇසට ඇසක් - දතට දතක්“ යන බයිබල් ඉගැන්වීම අනුව යමින් ද්වේශයෙන් පලි ගනිති. බයිබලයේ එන දෙවියන් වහන්සේ පිලි නොගන්නා අය සාතන්ගේ දරුවන් ළෙස හඳුන්වමින් හිංසනයට ලක් කරති.
යුදෙව් සහ ක්‍රිස්තියානි ආගම් දෙවියන් වහන්සේ අදහන බැවින් එම ආගමිකයින් පිලි ගන්නා ඉස්ලාම් භක්තිකයෝ අන් ආගමිකයින් ප්‍රතික්ෂේප කරති. බයිබල් ඉගැන්වීම ද එය බැවින් 1965 වන තෙක්ම කතෝලික පල්ලිය ද වෙනත් ආගම් පිලි නොගන්නා ලදී. එමෙන්ම ආගම වෙනුවෙන් දියත් කරන ශුද්ධ යුද්ධයක (අල් ජිහාද් විය) දී මිය යන අය දෙව්ලොව යන බවට මුස්ලිම්වරු විශ්වාස කරති. එබැවින් දෙව්ලොව යෑමට කෙටි මං සොයා ඔව්හු ආගම වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වෙති. කුරානයට අනුව ඉස්ලාම් දහම අත්හැරීම මරණ දඬුවම ලබා දිය යුතු වරදකි. නමුත් සමහර මුස්ලිම් රටවල එය සිර දඬුවමට සීමා කර ඇති නමුත් එය මරණ දඬුවම කරන මෙන් මූලධර්මවාදිහු හඬ නගති.
ඉස්ලාම් දහම ද බටහිර යටත්විජිත යුගයේ දී සීඝ්රයෙන් නවීකරණය විය. නැවත ඉස්ලාම් මූලධර්මවාදය හිස එසවූයේ 1979 දී සිදු වූ ඉරාන විප්ලවයේ ආශ්වාදයෙනි. කාන්තාවන් පර්දා සහ බුර්කා ඇඳීම, පිරිමින් රැවුල් වැවීම මෙන්ම ෂරියා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම ද මුස්ලිම් රටවල පැතිරීම ඇරඹුණේ ඉරාන විප්ලවයෙන් පසුවය. 2001 දී ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වුණු ප්‍රහාරයෙන් පසු ලොව පුරා මුස්ලිම් ජනතාව අතර මූලධර්මවාදය පිම්මේ වැඩෙන්න විය.
බොහෝ ආගම්හි මූලධර්ම අන් ආගම් නොඉවසන අතර නම්‍යශීලිත්වය සහ නවීකරණය ප්‍රතික්ෂේප කරයි. එබැවින් මූලධර්මවාදින් බහුආගමික පරිසරයක් තුල යහපැවැත්මට මෙන්ම සාමයට ද බාධාවක් වී තිබේ. මූලධර්මවාදින් දෙස සමාජය බියෙන් සහ සැකයෙන් බලන්නේ මෙම හේතුව හෙයිනි.
බුදු දහමේ මූලික ග්රන්ථ වන්නේ ත්රිපිටකයයි. ත්‍රිපිටකය උගන්වන්නේ අතිශයින්ම අහිංසක දර්ශනයකි. එම දර්ශනය උගන්වන්නේ වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන් බවයි. සතුරාට ද මෛත්‍රි කළ යුතු බවයි. අන් ආගම් වලට ගරු කළ යුතු බවයි. එමෙන්ම කාලාම සූත්‍රයේ දී බුදුන් වහන්සේ දේශනා කරන්නේ තමන් දේශනා කළ පමණින් පිලි නොගෙන තමන්ට ඒත්තු යන්නේ නම් පමණක් පිලි ගන්නා ළෙසයි. බුදුන් වහන්සේ තමන්ගේ පිලිවෙත් නම්‍යශීලීව වෙනස් කර ඇත. රාහුල කුමරුව භාරකරුවන්ගේ කැමැත්ත නොවිමසා පැවිදි කිරීම සම්බන්ධයෙන් සුදොවුන් රජ සිය විරුද්ධත්වය පළ කළ පසු භාරකරුවන්ගේ කැමැත්ත නොමැතිව දරුවන් පැවිදි නොකළ යුතු බවට නියමයක් පැනවීම මේ සම්බන්ධයෙන් ඇති ජනප්‍රිය නිදසුනකි.
ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි පවතින දේශගුණික මෙන්ම සංස්කෘතික සාධක හේතුවෙන් යම් විනය නීති රැකිය නොහැකි බවට භික්ෂුන් වහන්සේලා පෙන්වා දුන් විට ප්‍රාදේශීය අවශ්‍යතා මත විනය නීති සංශෝධනය කිරීමට තරම් බුදුන් වහන්සේ නම්‍යශීලී වූහ. ඒ අනුව බෞද්ධ මූලධර්මවාදය අහිංසකත්වය, නම්‍යශීලිත්වය සහ සහනශීලිත්වය වැනි නවිකාරක ගුණාංග වලින් සමන්විත වේ.
බෞද්ධයා බෞද්ධ මූලධර්මවාදයෙන් ඈත් වූයේ එහි අවිහිංසකත්වය සිය පැවැත්මට තර්ජනයක් වුණු බැවිනි. ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, බංගලිදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවලින් බුදු දහම තුරන් වූයේ (නැතහොත් දුර්වල වූයේ) ප්‍රචණ්ඩකාරි ආගම් වලට අවිහිංසාවෙන් පිලිතුරු සැපයීමට වෙර දැරීමෙනි. තිබ්බත නිදහස් සටන එක තැන පල් වෙන්නේ ද එය බෞද්ධ මූලධර්ම මත පදනම් වී ඇති බැවිනි. බුදු සමය ලංකාවේ රාජ්‍ය ආගම වීමෙන් පසු මෙරට ක්‍රියාත්මක වූයේ ද බෞද්ධ මූලධර්මවාදයයි. එබැවින් සේන සහ ගුත්තික වැනි අශ්ව වෙළෙඳුන්ට පවා රාජ්‍ය බලය පැහැර ගැනීමට හැකි විය.
එළාර යුගයේ දී බෞද්ධ මූලධර්මවාදය රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් බැව් බෞද්ධ භික්ෂුහු වටහා ගත්හ. එබැවින් ඔවුන් ආත්මාරක්ෂාව පතා සටන් වැදීම බුද්ධාගමට එකඟ බව දුටුගැමුණු කුමාරයාට ඉගැන්වීය. ඒ සිංහල බුද්ධාගමේ උපතයි. එම නව දර්ශනය සමග දුටුගැමුණු රජු සිංහල ඉතිහාසයේ වීරයා බවට පත් විය. ඉන් පසු ආක්රමණික තර්ජන ඇති වූ සෑම විටම පන්සලේ මෙහෙයවීමෙන් සිය ආරක්ෂාව පතා සිංහල බෞද්ධයෝ සටනට ගියහ. අදත් සිදුවන්නේ සිංහල බුද්ධාගමේ ඒ ක්‍රියාකාරිත්වයයි. බටහිර රටවල වීරයින් වී ඇති ජුලියස් සීසර්, මහ ඇලෙක්සැන්ඩර් සහ නැපෝලියන් යනු අන් රටවල් ආක්‍රමණය කර සම්පත් කොල්ල කෑ හොරුන්ය. ගැමුණු, විජයබා සහ පැරකුම්බා වැනි අපේ රජවරු සතුරාගෙන් මව්බිම බේරාගත් සැබෑ විරුවන්ය.
ඉහත විග්‍රහයෙන් පෙන්වන්නේ බෞද්ධ මූලධර්මවාදය අන් ආගම්හි මූලධර්මවාදයන්ට වඩා හාත්පසින්ම වෙනස් බවයි. විශේෂයෙන්ම එය ප්‍රචණ්ඩත්වයට කිසිසේත්ම අදාළ නොවන බවයි. එබැවින් යම් බෞද්ධයින් පිරිසක් ප්රචණ්ඩව හෝ අන් ආගම් ඉවසීමෙන් තොරව හැසිරෙන බව පෙන්වීමට බෞද්ධ මූලධර්මවාදින් ළෙස ඔවුන්ව හැඳින්වීම තම නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමකි. එමෙන්ම බුදු දහම විකෘති කර බුදුන් වහන්සේට අපහාස කිරීමකි.

Code:
https://www.facebook.com/UdayaGammanpilaFanPage

බුවා ඒ ලෙවල් පලවෙනියා වගේම 5 ශිෂ්‍යත්වයෙනුත් ලංකාවෙන්ම 3 නෙහ්. උගත් බුද්ධිමත් මිනිස්සු දැන් දේශපාලනේ කරන්නෙ නැහැනෙ. මේ මිනිස්සුන්ටත් කොයි කාලයක් කරන්න දෙයිද දන්නෙ නැහැ. මතකද ඒ කතාවට කියුව දේවල් ? 