ආගම_විකුණන්_කෑම

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ආගම_විකුණන්_කෑම

    hedsripada.jpg



    නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ සිදුකරනු ලබන විවිධ සම්මාදන් හේතුවෙන් ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන වන්දනාකරුවන් විවිධ දුෂ්කරතාවන්ට පත්ව ඇත.

    මෙම මාර්ගයේ ස්‌ථාන කීපයකදීම වන්දනාකරුවන්ගේ ගමන් මග හරස්‌ කර පිරිත් නූල් බව පවසමින් විවිධ නූල් වර්ග මුදලට විකිණීම සිදුකරන අතර සමහර ස්‌ථානවල වන්දනාකරුවන් බලහත්කාරයෙන් නතරකර පන්සිල් ලබාදී ඒ සඳහා මුදල් ලබා ගන්නා බවද බොහෝ වන්දනාකරුවෝ පවසති.

    එමෙන්ම තවත් සමහර ස්‌ථානවල ශ්‍රීපාද මාර්ගය හැදීමට බව පවසමින් ගඩොල් කැට විකිණීමද සිදුකරන බවත් මෙකී බොහෝ සම්මාදම් බලහත්කාරයෙන් සිදුකරන බවද එම වන්දනාකරුවෝ පවසති.

    නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ පිරිත් නූලක්‌ ගැට ගසා රුපියල් 50, 100 වැනි මුදලක්‌ අය කරන බවත් පන්සිල් ලබාදී රු. 50 වැනි මුදලක්‌ අය කරන බවත් පවසන වන්දනාකරුවන් මෙම තත්ත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවන්ට පත්වන බවද පවසති.

    මෙකී බොහෝ කටයුතු චීවරධාරීන් ළඟ සිට ගිහි පුද්ගලයන් ලවා සිදුකරවන බවත් මෙම මාර්ගයේ සමහර ස්‌ථානවල පිරිත් නූල් මුදලට බැඳීම ගිහියන් විසින් සිදුකෙරේ. මෙම අකටයුතුකම් නැවැත්වීමට අදාළ බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බව ප්‍රදේශවාසීහු පවසති.




    දිවයින