ආගරපතනේ බිළිඳිය ඝාතනයේ දෙමව්පියෝ හෙළි කළ බිහිසුණු සුලමුල

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආගරපතන, හෙන්ෆොල්ඩ් වතුයායේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී හමුවූ බිළිඳිය වයරයකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී තිබේ.

    ආගරපතන පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

    සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කරන ලදී.

    සැප්තැම්බර් 10 වන දා එම වතුයායේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයෙන් දුර්ගන්ධයක් හමා ඇති අතර ඒ සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ රියැදුරුගේ මව පරික්ෂා කර තිබිණි.

    එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ පිටුපස පොලිතින් බෑගයක බිළිඳියෙකුගේ සිරුරක් තිබෙන බව ඇය දැක තිබුණා ය.



    ඉන් අනතුරුව, ඒ පිළිබඳ අසල්වාසීන්ට දන්වා ඇති අතර ඔවුන් ආගරපතන පොලිසියට මේ පිළිබඳව දැනුම් දී තිබිණි.

    මේ සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ රියැදුරා සැකපිට අත්අඩංගුව ගෙන ප්‍රශ්න කළ බව ආගරපතන පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ පදිංචි වයස 28ක් වූ එක් දරු පියෙකි.

    සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පොලිසියට සඳහන් කර ඇත්තේ, ත්‍රිරෝද රථයේ තිබූ බෑගය මාවනැල්ල ප්‍රදේශයේ සිට හෙන්ෆොල්ඩ් වතුයායට පැමිණි කාන්තාවකගේ බව ය.

    ඉන් අනතුරුව, එම 24 හැවිරිදි කාන්තාව ද පොලිසිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබිණි.

    එහිදී සැකකාර කාන්තාව පොලිසිය පාපොච්චාරණය කර ඇත්තේ, සැකකාර ත්‍රිරෝද රථ රියැදුරා හා තමා අතර අනියම් සම්බන්ධතාවයක් පැවති බව ත් සැප්තැම්බර් 7 වන දා

    ඇය සේවය කළ මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදී මෙම බිළිඳිය ප්‍රසුත කළ බව ත් ය.

    එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළිඳියගේ ගෙල සිර කර ඝාතනය කළ අතර සිරුර සැගවිම සඳහා අනියම් සම්බන්ධය පැවැත්වූ ත්‍රිරෝද රථ රියැදුරා සමග ආගරපතන ප්‍රදේශයට රැගෙන පැමිණි බව ය.

    එහිදී අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථයේ රියැදුරා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ, අලුයම් කාලයේ සිරුර වල දැමිමට සැලසුම් කර තිබූ බව ත් ඊට ප්‍රථම තම මව සිරුර දැක අසල්වාසීන්ට දැනුම් දීම නිසා සිරුර වල දැමිමට නොහැකි වූ බව ත් ය.

    සැකකාර රියැදුරා සහ සැකකාර කාන්තාව අද (සැප්. 12) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

    මේ පිළිබඳව ආගරපතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,049
    113
    ඇයි බං මුන්ට කට ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන්න බැරි. දැන් ඉතිං මිනී මරලා පවුත් රැස් කරගෙන හිරෙත් ලැගපල්ලකෝ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    බලපන් මේකේ උන්ට තමා බබා ඩිලිවරි කරන්න ලංකාවේ අංක එකේ ස්පිරිතාල හොයන, හොඳම වෝ.ඕ.ජී හොයන ප්‍රශ්න.
    මෙතන ඔක්කොම ගෙදර කරලා තියෙන්නෙ.
     

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    Abortion should be legalized, and it's equally important to educate people about sex. Starting from grade 5, children should gradually be introduced to sex education in an age-appropriate way. This will help them grow up informed and make responsible decisions.

    epa nam wikkanam iwarane maranne nathuwa. unuth goda. criminal caseuth na. lamayatath hoda kaladasawak yanawa oya wage kalakanni ekka innawata wada.
    නෑ මචං දරුවෝ adopt කරන්න දෙන එක ඊට වඩා හොයලා බලලා කරන්න ඕනේ, නීතිමය පදනමක් ඇතුව. මොකද සමහරු body parts වලට ගන්නවා, තව සමහරු abuse කරන්න හිතා මතාම ගන්නවා.
    ------ Post added on Sep 15, 2024 at 3:32 PM
     
    • Like
    Reactions: Jiro

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    uththo me wage negative news ma hoya hoya yanne ayi,
    mamanam fully avoid karanwa oya wage dewal.