ආචාරශීලී_මංකොල්ලකරුවා_menna

WAMI7

Member
Dec 3, 2010
821
82
0
හොරෙක්_හොරෙක්_ACHAARASHEELEEE

ලොව ආචාරශීලීම මංකොල්ලකරුවා

මංකොල්ලයක් පිළිබඳව අසන්නට ලැබෙන පුවත් එතරම් යහපත් හෝ ශුභදායක නොවේ. එමෙන්ම ඇතැම්විට මෙවැනි මංකොල්ලයන් නිසා දේපළ හානි මෙන්ම ජීවිත හානි සිදුවූ අවස්ථා පිළිබඳවද නිතර අසන්නට දකින්නට ලැබේ. නමුත් මෙම පුවත වාර්තා වන්නේ ලොව ආචාරශීලීම අවිගත් සොරා හෝ මංකොල්ලකරු ලෙස සැලකිය හැකි පුද්ගලයෙකු පිළිබඳවය. වයස්ගත පුද්ගලයෙකු මුදල් අයකැමි ලෙස කටයුතු කළ ඉන්ධන පිරවුම්හලකට ඇතුළු වූ මෙම සොරා සිය ගිනි අවිය පෙන්වා තමන්ට සහය දක්වන ලෙස අයකැමිගෙන් ඉල්ලීමක් කරයි.

“මහත්මයාණනි, මම ඔබ මංකොල්ලකැමටයි සූදානම් වෙන්නේ. කරුණාකර මට ඔබේ මුදල් ලබාදෙන්න” ඔහු අයකැමිගෙන් ඉල්ලයි. තමන් මෙම සොරකම සිදුකරන්නේ සිය පවුල වෙනුවෙන් බවත්, එසේ කිරීමට සිදුවීම ගැන සමාව අයදින බවත් ඔහු පුන පුනා අවධාරණය කරයි. ඩොලර් 300 ක මුදලක් ලබාගන්නා මෙම සොරා තමන් මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයට පත්වූ විට එම මුදල නැවත ලබාදීමට එකඟවෙයි.

rob.jpg


මෙම සිදුවීම අදාළ පිරවුම්හලෙහි ආරක්ෂිත කැමරා වල සටහන්ව ඇති අතර පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව තිබෙන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.



:D+++++++++++++++++++++++++++++++++++++++++++++:D
 
Last edited:

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
හොරා වුනත් ලස්සනට වැඩේ කරල තියනවා...........
ස්තූතියි විස්තරේ කියුවට...........