ආචාර්ය සචින්

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සචින්, ආචාර්ය උපාධිය එපා කියා ආදර්ශයක් දෙයි

    2345AS.jpg


    ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද සේවය වෙනුවෙන් සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට එරට විශ්ව විද්‍යාලයක් විසින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට තීරණය කළත් සචින් එම උපාධිය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

    ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ එරට Mysore සරසවිය විසින් මෙම අචාර්ය උපාධිය සචින් තෙන්ඩුල්කාර්ට අප්‍රේල් 10 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන උපාධි ප්‍රදානෝත්සවයේදී ලබාදීමට ආරාධනා කර තිබුණත් සිය සැමියා එම උපාධිය පිළිගැනීම සඳහා සූදානම් නොමැති බව ඔහුගේ බිරිඳ දැනුම් දී තිබෙන බවයි.

    ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන තාක්කල් මෙවැනි ගෞරව ආචාර්ය උපාධි හෝ නම්බු නාම පිළිගැනීමට තමා සූදානම් නොමැති බවට සිය සැමියා දැනුම් දුන්බව අදාළ සරසවියේ උප කුලපතිවරයා වන මහාචාර්ය වී.ජී. ටල්වර්ට, අන්ජලී තෙන්ඩුල්කාර් යොමුකර තිබෙන ලිපියේ දැක්වෙන බව සඳහන්ය.

    තමාට මෙවැනි ගෞරවයක් දැක්වීමට ඉදිරිපත්වීම ගැන අදාළ සරසවියට සචින් තුති පුදා තිබෙන බවද වාර්තා වේ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    එල එල... ගංගුලියට හරි හර්බජාන්ට හරි දුන්න නං පැනල ගනියි... (හැබැයි උන්ට ගන්නත් බැහැ මූ කරපු වැඩේ නිසා) :D
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    එල එල... ගංගුලියට හරි හර්බජාන්ට හරි දුන්න නං පැනල ගනියි... (හැබැයි උන්ට ගන්නත් බැහැ මූ කරපු වැඩේ නිසා) :D


    ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන තාක්කල් මෙවැනි ගෞරව ආචාර්ය උපාධි හෝ නම්බු නාම පිළිගැනීමට තමා සූදානම් නොමැති බවට...

    :D
     
    Last edited: