සචින්, ආචාර්ය උපාධිය එපා කියා ආදර්ශයක් දෙයි
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද සේවය වෙනුවෙන් සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට එරට විශ්ව විද්‍යාලයක් විසින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට තීරණය කළත් සචින් එම උපාධිය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ එරට Mysore සරසවිය විසින් මෙම අචාර්ය උපාධිය සචින් තෙන්ඩුල්කාර්ට අප්‍රේල් 10 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන උපාධි ප්රදානෝත්සවයේදී ලබාදීමට ආරාධනා කර තිබුණත් සිය සැමියා එම උපාධිය පිළිගැනීම සඳහා සූදානම් නොමැති බව ඔහුගේ බිරිඳ දැනුම් දී තිබෙන බවයි.
ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන තාක්කල් මෙවැනි ගෞරව ආචාර්ය උපාධි හෝ නම්බු නාම පිළිගැනීමට තමා සූදානම් නොමැති බවට සිය සැමියා දැනුම් දුන්බව අදාළ සරසවියේ උප කුලපතිවරයා වන මහාචාර්ය වී.ජී. ටල්වර්ට, අන්ජලී තෙන්ඩුල්කාර් යොමුකර තිබෙන ලිපියේ දැක්වෙන බව සඳහන්ය.
තමාට මෙවැනි ගෞරවයක් දැක්වීමට ඉදිරිපත්වීම ගැන අදාළ සරසවියට සචින් තුති පුදා තිබෙන බවද වාර්තා වේ.