ආඩම්බරකාර තාත්තා සහ කරුමක්කාර බාප්පලා ජ'ප
පසුගිය 05වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ සිසු සිසුවියන් විසින් එම විශ්වවිද්‍යාලට මුදලට සිසුන් බදවා ගැනීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයෙන් පසු හදිසියේම අද (07) සිට එම පීඨයද වසා දැමීමට එහි උපකුලපතිවරයා ප්‍රමුඛ පාලනාධිකාරිය විසින් තීරණය කර ඇතැයි වාර්තාවේ.
පීඨාධිපතිවරයා විසින් අද උදේ 9යට කැඳවා තිබූ හදිසි රැස්වීමේදී සිසුන්ට මේ බව දන්වා ඇති අතර එහිදී පවසා ඇත්තේ සිසුන්ගේ විරෝධතාව තිබූ දිනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ දේහයකට අවසන් ගෞරව දැක්වීම සඳහා පරිපාලනය සූදානමින් සිටියත් සිසුන් පැවැත්වූ විරෝධතාවය නිසා එයට අගෞරවයක් සිදුවූ බවයි.
කෙසේ නමුත් පෙරදැනුම් දීමකින් තොරව මෙසේ හදිසියේම පීඨය වසා දැමූ නිසා අද උදෑසන විශ්විද්‍යාලයට පැමිණි සිසුන්ට ආපසු නිවෙස් බලා යාමට සිදුව ඇත. එසේම සායනික පුහුණුව සදහා රෝහල් වෙත වාර්තා කල සිසුන්වද එම රෝහල් වලින් ආපසු හරවා යවා ඇත. නැවත දැනුම් දෙන තුරු එම සිසුන් රෝහල්වල සායනික පුහුණුව සඳහා ඇතුලත් කර නොගන්නා ලෙසද විශ්වවිද්‍යාල පරිපාලය විසින් එම රෝහල් වෙත දැනුම් දී ඇත.
වෛද්‍ය පීඨයේ පරිපාලනය ආචාර්යවරුන්ටද දන්වා ඇත්තේ අදාළ විරෝධතාවය පෙර සිසුන්ට මේ බව දැනුවත් කර තිබුනත් සිසුන් එය නොතැකූ බවයි. කෙසේ නමුත් සිසුන් පවසන්නේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. කිසිඳු අයුරකින් මේ සම්බන්ධයෙන් පරිපාලනය විසින් තමන්ව දැනුවත් නොකළ බවත්ය.
එම විරෝධතාවය කිසි ලෙසකින්වත් සාර්තක වන්නේ නැති බවට පරිපාලනය ගණන්බලා තිබූ නිසා එදින උසස් අධයාපන අමාත්‍ය එස්. බී. දිසානායක ඇමතිවරයාත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයාත් විශ්වවිද්‍යාලයට පැමිණිමට නියමිතව තිබී ඇති අතර විරෝධතාවය හේතුවෙන් එයට බාධා වී ඇති බවද වාර්තා වේ. එහිදී එස්. බී. ඇමතිවරයා විසින් උපකුලපතිවරයාට බැණවැදී ඇති අතර ඉන් ප්‍රකෝප වී සිටි උපකුලපතිවරයා මෙසේ වෛද්‍යපීඨය වසා දැමීමට තීරණය කර ඇතැය විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.