ආඩම්බරයි නේද හසන්ත .!!!!!

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ආඩම්බරයි නේද හසන්ත .!!!!!

    ආඩම්බරයි නේද හසන්ත .!!!!!




    ​
    සාටක වාසී සියලු ජනතාව වෙත ආදරයෙන් ලියමි,


    පලමුවෙන්ම ඉල්ලා සිටින්නේ දේශයට වින කරන බලවේග ගෙන යන ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි . විදුලි බිල පෙන්වා ජනතාව නොමඟ යවමින් නටන්නට සැරසෙන විගඩම හෙලා දැකිය යුතුය . විපක්ශය උත්සහ කරමින් සිටින්නේ තිස් වසරක් මුලුල්ලේ උතුර දකුණ වනසමින් බෝම්බ පිපිරවූ ත්‍රස්ථවාදී සංවිධනයේ අරමුණු ක්‍රියාත්මක කරවීමට උත්සහ කිරීම බව පැහැදිලිය . එපමණක් නොව අප රටට එරහිව දිවා රෑ නොබලා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කුමන්ත්‍රන වලට පණ දීමට කටයුතු කිරීමයි . ත්‍රස්ථවාදයේ සෙවනැලි අප අතර තවමත් ක්‍රියාත්මකයි . ඒ නිසා ඊනියා ආණ්ඩු විරෝධී කුමන්ත්‍රන හෙලා දැකිය යුතුය .


    321127_581476031869897_1439288246_n.jpg


    68590_644333428917490_2008193649_n.jpg



    අප සිටින්නේ ආසියාවේ ආශ්චර්්‍යය බවට පත්වීම උදෙසා ගමන් කරනා මාර්ගයේ බව පැහැදිලිය . මේවන විට අපේ රටේ ඒක පුද්ගල ආදායම වැඩිවී ඇති බව නොරහසකි . ඉතින් මෙසේ එකක් පමණක් වැඩිවීමට ඉඩ හැර බලා සිටීම ජනතාවාදී ආණ්ඩුවකට කටු ඉඹුලේ නගින්නාක්මෙන් අපහසු කාර්්‍යයකි . ඒ නිසා අපි මේ තත්වය සමනය කිරීමට පියවර ගත්තෙමු .

    540666_642940549056778_708416522_n.jpg


    පලමු පියවර වශයෙන් ලොක වෙලඳපොලේ තෙල් බැරලයක මිල ඩොලර් 95 දක්වා අඩුවෙද්දී අපි තෙල් මිල වැඩි කලෙමු . මේ සඳහා ඒ ඇමති තුමාට සාධාරන හේතු තිබුනි . ඛනිජ තෙල් සංස්ථාව දිනකදී ලබන පාඩුව ඉතා අධිකය . මේ සදහා වගකිව යුත්තේ අසාර්ථක සේවක මණ්ඩලය හා ඉන්ධන නිරපරාදේ අපතේ හරින සාමාන්‍ය ජනතාව මිස , බාල පෙ‍ට්‍රල් ආනයනය කරමින් , හොර ගිවිසුම් ඔස්සේ රටේ සල්ලි පිට පටවන වුන් හෝ අකාර්්‍යක්ශම පරිපාලනය නොවෙන බව දේශමාමක ජනතාව තේ‍රුම්ගත යුතුය .


    482530_622019904482176_1853682278_n.jpg


    පසුව අප විසින් ගෑස් මිල වැඩි කරන්නටද අවසර දුන්සේ වැඩිවී ඇති ඒක පුද්ගල ආදායම , වියදම සමග සමතුලිත කරන්නට බව හසන්ත මහත්තයාට වැටහෙන බව සිතමි .
    පවිත්‍රා ඇන්ටී උපුටා දක්වන පවුලේ නාලිකාවට අනුව ලංකා විදුලිබල මන්ඩලයේ දිනක පාඩුව ඉතා විශාලය .


    12427_573043482715833_1420909327_n.jpg


    එයට වග කිව යුත්තේ රෑට විදුලි බුබුලු දල්වාගෙන අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ය , ඇදුමක් මදින්නට ස්ත්‍රික්කය පාවිච්චි කරන මිනිසුන්ය , උන් කුප්පි ලාම්පු පත්තු කලා නං මෙවන් විපතක් වෙන්නේ නැත, රට පුරා බාල් නටමින් රේස් පැද්ද , ලෝකෙටම ණය වෙමින් ණයට කිරුල පවත්වන , විවෘත්ත කලදා සිට සතියකට හත් වතාවක් බලශක්තිය සැපයීම නවත්වමින් අලුත්වැඩියාවන් කරන විදුලි බලාගාර නඩත්තු කරන අපි මේවාට වගකිව යුත්තෝ නොවන බව ඕනෑම කිරි දරුවෙකුට වැටහෙනු ඇතැයි සිතමි .


    307628_585464714804362_1280385401_n.jpg


    අනික විදුලි බිල වැඩිවීම නිසා ලැබෙන වාසි සලකා බැලිය යුතුය, බොදුබල සේනාවට අනුව අපේ උන් දරුවන් හදන්නේ නැත , උන් දවල් කාලයේ හම්බයින්ට වැඩකර පැමිණ රාත්‍රියේදී රූපවාහිනී නරඹා නිදා ගනී .


    420748_645642712119895_211506878_n.jpg


    විදුලි බිල වැඩිවීම හමුවේ රූපවාහිනි අභාවයට යනු ඇත , එ සදහා නිවැසියන් ගත කල කාලය වර්ගයා බෝකිරීම වෙනුවෙන් වැය වනු ඇත. මෙවර ශිෂ්්‍යත්ව විභාගයෙන් ලංකාවේ 6 වැනියා වූ දරුවා පාඩම් කලේ කුප්පි ලාම්පුවේ එලියෙනි , විදුලි බිල වැඩිවීම නිසා ඔබේ දරුවාටද ඒ වාසනාව ‍නුදුරු අනාගතයේම ලැබෙනු ඇත .

    එසේම වැඩිවූ විදුලි බිල වැඩියෙන්ම දැනෙන්නද සුලු පරිමාන ව්‍යාපාරිකයන්ට පමණි බව නොරහසකි . මෙනිසා ඔවුන් ව්‍යාපාරවලින් ඉවත්වේ , ඉතින් සතොස දියුනුවනු ඇත .

    935316_644776705539829_540157263_n.jpg



    එසේම මෙහිලා අප බලාපොරොත්තු වී ඇත්තේ ව්‍යාපාරිකයිට සුලු පරිමාන ව්‍යාපාර වලින් ඉවත්වී ගොවිතැන් කටයුතු කරගැනීමට ඉඩ සලස්වා රට සහලින් ස්වයං පෝශිත කිරීමයි . මේ පිලිඹඳ තවත් විස්තර ඇමරිකාවට එල්ලවූ ප්‍රහාරය හමුවේ උදම්වී ඇති වී . වීරවංශ විසින් ඉදිරි කාලයේදී ලබාදෙනු ඇත.

    63559_641589692525197_1132049487_n.jpg


    අළුත් අවුරුද්ද සැමරුවෙමු . ජනතාව ජාත්‍යාලයෙන් හා ප්‍රීතියෙන් සුඛිත මුදිතවී ඇත . අළුත් අවුරුද්දට කිරිබත් නොකෑ කෙනෙක් නැත . අවුරුදු කාලය නිසා බඩුමිල අඩු කල බව වෙලඳ ඇමතිවරයා ප්‍රසිද්ධ මාධ්‍යයේ කල ප්‍රකාශය මතක ඇති බව සිතමි .

    487424_628064560544377_405115625_n.jpg


    . රටක ජනතාව නිරෝගී විය යුතුය ., අධි රුධිර පීඩනය , දියවැඩියාව වැනි පෝසත් රෝග රටේ ජනතාව අතර පැතිර යාම වැඩිවී ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා පවසයි මේ නිසා අවුරුදු කාලයෙන් පසු තිබුනාටද වඩා බඩුමිල වැඩිකරමින් පවතිමු . ඒ වෙන යමක් නිසා නොවේ ඕනෙවට වඩා ආහාර ගැනීම නිසා ඉහත පැවසූ රෝග වැලඳී රටේ ශ්‍රම බලකාය එක තැන් වීම වැලක් වීමටය .


    544342_623509830999850_537406538_n.jpg



    735064_597411736942993_777218445_n.jpg


    ආණ්ඩුවේ ඇමති වරුන් බුද්ධිමත්ය . ලෝකයේ ලොකුම ඇමති මන්ඩලය ඉන්නේ අපට වීම ආඩම්බරයකට කරුනක් බව හසන්ත මහත්තයාද පිලිගෙන ඇත .ඇමතිවරු යන්නේ පොදු ප්‍රවාහණ සේවයේ බස්රථ වල මිස පරිවාර රථ පිරිවරාගෙන නොවේ , අපේ ඇමති මන්ඩලයේ කුරුනෑගලින් ගෙන එනු ලැබූ ස්ත්‍රී දූශකයෝ නැත , ගාල්ලේ මාල හොරුනැත , කැලනියේ මදාවියෝ නැත . රටේ දෙවැනි පුරවැසි පුට්වේ නිධන් හොරෙක් නැත , මධ්‍යම පලාතේ ඉඩම් හොරෙක් නැත , වයඹ පලාතේ උසාවියට ගල් ගසන්නෝද නැත , ත්‍රස්ථවාදියෙකුට නැගෙනහිර භාරදී නැත ..........
    කොටින්ම කිව්වොත් අපේ ගෙදර අතේ සතේ නැතුව හිටපු එකෙක් අවු‍රුද්දක් වැනි කෙටි කාලයකින් නැව් දෙකක හිමිකාරයෙක් උනේම නැත. ...........



    531778_600494203301413_1462370968_n.jpg



    24267_600490539968446_447122476_n.jpg



    තත්වය මෙසේ පවතිද්දි රටේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩ නැගීම උදෙසා අසාර්ථක උත්සාහයක නියැලෙන විපක්ශය හෙලා දකිමු .


    544007_639288996088600_1001268548_n.jpg


    පිරිසිදු විපක්ශයක් ඇත්තේම නැත , වමේ පක්ශ හොයන්නත් නැත , ඉන්න උන් කෙලින්නෙත් පිස්සුමය .විපක්ශයේ බොහෝ මන්ත්‍රීවරුන් රටේ බලය ඇල්ලීම පසක තබා බලන්නේ පක්ශය ඇත්ලේ බලය ඇල්ලීමටය . විප්ලව වාදියේ නිහඩවී ඇත නිහඩ නොවේ නම් නිහඩ කරවා ඇත .


    539104_598992293451604_501336570_n.jpg


    17691_610490132301820_1462042981_n.jpg


    තරු හතරේ ‍‍ජෙනරාල් ආගිය අතක් නැත .

    536190_635710713113095_146784184_n.jpg


    වෙනදා රට හෙල්ලූ කම්කරු අරගල ගෙන ගිය රතු කමිස කාරයෝ දැන් ඉන්නේ මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේ පමණි .

    ඉතින් කුමන කථාද අපි නොනැවතී මේ රට ආශ්චර්්‍යය කරා ගෙනයන්නෙමු .
    ආඩම්බරයි නේද හසන්ත .!!!!!


    මීට ,
    ආඩම්බරකාර තාත්තා .
    ​






    උපුටා ගැනීම

    විලක්කුව


    දෙනෙත නිවගන්නට යමක් සොයන, මරු කතරක සිහිල් සෙවනක් සොයන වුන් නොහොත් මගේ වර්ගයේ උන් වෙනුවෙන් .........





    http://wilakuwa.blogspot.com/2013/04/blog-post_19.html
    ​
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020468.gif
    හිනා වෙන්නදෝ අඩන්නද කියා නොදනිමි...
    00020344.gif


    මේවා බලා ඇමතිවරුන්නම් අපට සිනාසෙන බව නිතැතින්ම දනිමි...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    api hamoma dannawa me hamadema,eth chandayak thibboth udin dinanne,monawa wenawada kiyala hithaganna baha.rep+++
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ඉතින් කුමන කථාද අපි නොනැවතී මේ රට ආශ්චර්්‍යය කරා ගෙනයන්නෙමු .
    ආඩම්බරයි නේද
     

    Similar threads