දැනට අවුරුදු 10කට 15කට කළින් අපේ ගෙදරත් පර්ෂියන් කැට් කෙනෙක් හිටියා. වෙලාවකට හුරතල් බෝල ගෙඩිය. අනික් වෙලාවට මල යස්සනී වගේ. ඌව අතගාලා නිකන් හිටියම ආයෙ අතගාන්නකියලා පුරු පුරු ගානවා! අත කීපපාරක් එක දිගට අතගගා ගත්තොත් ඌ ගොරනවා වගේ ටෝන් එකක් දානවා. ඊට පස්සේ අත ගන්නකොට ගොරෝලා ඇඟිල්ල හපන්න වගේ කටේ දාගන්නවා.
එක පාරක් මම ඇඟිල්ල ගන්න හදනකොට හෙන සද්දයක් දාලා ලේ එන්නම හැපුවනේ බන්! හපලා ඉවරවෙලා නැගිටලා නැට්ට කරකෝ කරකෝ මගේ මගේ මූන දිහා බලන් හිටියා. අම්මට හු කියලා ගැව්වා අහුවෙච්ච සෙරෙප්පුවෙන් පාරක්! පොර ආයෙ ළඟට ගත්තේ නෑ. අතේ දුරින් තමයි. රස කෑමක් හම්බ උනාමත් පෙන්න පෙන්න කෑවා. දුන්නෑ තියෙන තරහට. අඩු තරමේ කාමරයට වත් ගත්තේ නෑ.![]()
ඔය පුරු පුරු ගාන්න පටන් ගත්තම තව තවත් හුරතල් කළාම
ඌට ආදරේ දරාගන්න බෑ වගේ දෙයක් වෙනවා.

එතකොට තමා ඔය හපන්නයි එක එක ඒවා කරන්නේ...
එහෙම වෙලා අපේ ගෙදර අයගෙත් අත් සීරිලා තියනවා.
හැපුවේ ඒ වෙලාවේ මොකක් හරි වෙලා මතක් වෙලා තරහට වගේ ද, නැත්නම් බැරිවෙලා ද දන්නෑ.
කොහොම වුනත් සත්තුනේ... පලිගන්න යන්න එපා...





