ආනමඩුවේ මදීනා හෝටලයට ගහන්න ආවේ O/L, A/L ළමයි. Hotel opened now.
අන්තර් ජාලය භාවිත කරමින් මාර්තු 10 (ඊයේ) 10pm ට පමණ ආනමඩුව ද.මු.දසනායක ක්රීඩාංගනයට රැස්වන ලෙස ‘සිංහල, බෞද්ධ‘ දේශප්රේමීන්ට කැදවීමක් ලැබී තිබුණි. ඒ අනුව, පැමිණි පිරිස 21 කි. බහුතරය සා.පෙ., උ.පෙ., ඉගෙන ගන්නා ළමුන් ය. එයින් 7 දෙනෙකු බයිසිකල් දෙකක් හා ස්කුටරයක නැගී මදීනා මුස්ලිම් හෝටලය අසලට පැමිණ එයට ගිණි තබා ඇත.දැන් ඒ ගිණි තබන්නට පැමිණි 7 න් 4 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉතිරි තිදෙනා ද හෙට උදෑසන වන විට අත්අඩංගුවට ගනු ඇත. ඔවුන් සියලු දෙනා පාසල් යන දරුවන්ය.
වාසනාවකට සිංහල බෞද්ධයන් 95%කටත් වැඩි ආනමඩුවේ තිබෙන මුස්ලිම් කඩ තුනට ජාතිආලය පැතිරුනේ නැත. ඒ වෙනුවට එකාවන්වන්, පැය 12 කට ත් අඩු කාලයකින් මදීනා හෝටලයට වහලයක් ගසා, කෙටි කෑම ටිකක්, බනිස්, ස්පංචි ටිකක්, කෙසෙල් කැනක් රැගෙන විත් නැවත හෝටලය විවෘත කළේය. උමතුව පරාජය කළේය. සාමුහිකත්වය පෙන්වීය.
2009 යුද්ධය අවසන් වන විට මේ ළමයින්ට අවුරුදු 9-10 කි. යුද්ධය ඔවුන්ට මතක නැත. ආනමඩුවේ කාලකන්නි නරුමයින් විනාශ කර ඇත්තේ මේ මල් වැනි ළමයින් ගේ සිත්ය. මේ වැඩේ පිටුපස සිටින නරුමයින් හදුණා ගැනීම වැදගත්වන්නේ මේ නිසාය. ඇත්තටම, ස්කුටියේ නැගී ගිය සා.පෙ. සිසුවෙකු රටක් ගැන, ජාතියක්, ආගමක් ගැන කුමන නම් අවබෝධයක් නිසා ලක්ෂ ගණනකට කන්නට දුන් වෙළෙදසැලක් ගිණි තබන්නට ඇති ද?ඉගෙනගන්නවා නම් ආනමඩුවෙන් ඉගෙන ගත හැකි බොහෝ දේ තිබේ!
Rajith Keerthi Tennakoon