නාකි මයිනන්, කපුටන් සහ ගොබ්බයින් අතින් වැනසෙන අපේ අනාගතය.
මේ වනවිට පවත්නා ධරුණු ආර්ථීක අර්බුදය හමුවේ මෙරට ඉහළ උද්ධමන අනුපාතිකය හේතුවෙන් සීග්‍රයෙන් ආහාර, බේත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහල යමින් පවතී. තවද මෙම තත්වයේ නරකම අවස්ථාව තව මාස කීපයකින් පැමිණෙන බව අනුමාන කළ හැකිය. ඉදිකිරීම ක්ෂේත්රය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර කඩාවැටෙමින් ඇති අතර මෙතෙක් දවස් මෙහි බලපෑම අවම වූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට පවා තව දුරටත් මෙයින් ස්වායත්තව පැවතිය නොහැක. බොහෝ බහුජාතික තොරතුරු තාක්ෂණ සමාගම් මේ වනවිට ලංකාවේ වියාපාරික පරිසරය තුල ඇති ගැටළු වලින් ( උදා: අධික පුනරාවර්තන වියදම්, බලශක්ති අර්බුදය වැනි ගැටළු) මිදීම සදහා තම වියාපාර ඉන්දියාව වැනි වෙනත් රටවල් වලට රැගෙන යාමට සිතමින් සිටින බව ක්ෂේත්රය තුළින් ලැබෙන ආරංචි මාර්ග මගින් හැගේ. මෙවන් තත්ත්වයක් තුල ලංකාවේ බැංකු පද්ධතිය පවා දැඩි අවධානමකට ලක් වී ඇත. කෙසේ වෙතත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට රජයට දීර්ඝ කාලීන වඩා පිළිවෙලක් ඇති බව නොපෙනන අතර swap සහ credit lines මගින් එදා වෙලා පිරීමසා ගන්න තත්වයකට පත්ව ඇත. IMF පවා ලංකාවට RFA (Rapid Financial Aid) ලබා දීමට එකග නොවන බව පාර්ලිමේ්තුවේදී සදහන් වු අතර ඔවුන් නය මුදල ලබා දීමට ණය තිරසර භාවය පිළිබද සලකිලීමත් වී ඇත. ලංකාවට තව දුරටත් ආදායම් ඉපැයිම පිළිබද සැලැස්මක් නොමැති බව අපගේ පුද්ගලික විස්වාසයයි. මේ තත්ත්වය තුල පුරවැසියන් ලෙස අප කුමක් කළ යුතුද ?