ආණ්ඩුවට රෙද්දේ රෙවිල නේද ?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    Capture.JPG
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    අනේ usa වලින් බැහැලා අරුන් ටිකට ගහපල්ලා දෙවියනේ
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    නාකි මයිනන්, කපුටන් සහ ගොබ්බයින් අතින් වැනසෙන අපේ අනාගතය.

    මේ වනවිට පවත්නා ධරුණු ආර්ථීක අර්බුදය හමුවේ මෙරට ඉහළ උද්ධමන අනුපාතිකය හේතුවෙන් සීග්‍රයෙන් ආහාර, බේත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහල යමින් පවතී. තවද මෙම තත්වයේ නරකම අවස්ථාව තව මාස කීපයකින් පැමිණෙන බව අනුමාන කළ හැකිය. ඉදිකිරීම ක්ෂේත්‍රය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර කඩාවැටෙමින් ඇති අතර මෙතෙක් දවස් මෙහි බලපෑම අවම වූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පවා තව දුරටත් මෙයින් ස්වායත්තව පැවතිය නොහැක. බොහෝ බහුජාතික තොරතුරු තාක්ෂණ සමාගම් මේ වනවිට ලංකාවේ වියාපාරික පරිසරය තුල ඇති ගැටළු වලින් ( උදා: අධික පුනරාවර්තන වියදම්, බලශක්ති අර්බුදය වැනි ගැටළු) මිදීම සදහා තම වියාපාර ඉන්දියාව වැනි වෙනත් රටවල් වලට රැගෙන යාමට සිතමින් සිටින බව ක්ෂේත්‍රය තුළින් ලැබෙන ආරංචි මාර්ග මගින් හැගේ. මෙවන් තත්ත්වයක් තුල ලංකාවේ බැංකු පද්ධතිය පවා දැඩි අවධානමකට ලක් වී ඇත. කෙසේ වෙතත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට රජයට දීර්ඝ කාලීන වඩා පිළිවෙලක් ඇති බව නොපෙනන අතර swap සහ credit lines මගින් එදා වෙලා පිරීමසා ගන්න තත්වයකට පත්ව ඇත. IMF පවා ලංකාවට RFA (Rapid Financial Aid) ලබා දීමට එකග නොවන බව පාර්ලිමේ්තුවේදී සදහන් වු අතර ඔවුන් නය මුදල ලබා දීමට ණය තිරසර භාවය පිළිබද සලකිලීමත් වී ඇත. ලංකාවට තව දුරටත් ආදායම් ඉපැයිම පිළිබද සැලැස්මක් නොමැති බව අපගේ පුද්ගලික විස්වාසයයි. මේ තත්ත්වය තුල පුරවැසියන් ලෙස අප කුමක් කළ යුතුද ?
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොළඹ කොටුව සහ පිටකොටුවේ පොදු මගී ගමනාගමනයට බාධා ඇතිවන පරිදි ගැල්වනයිස් බව යොදා ගනිමින් මාර්ග බාධක තනා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොලිසිය විසින්. පොදු මගී ප්‍රවාහනයට බාධා ඇතිවන ලෙස මෙලෙස මාර්ග බාධක යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පොලිසියට අවසර දුන්නේදැයි විමසූ මාධ්‍ය වෙත පිළිතුර ලෙස ලැබී තිබුණේ “ නැහැ, අපෙන් අහව්වෙත නැහැ. අපි අවසර දුන්නෙත් නැහැ” යනුවෙන්.

    අද (24) දිනයේ විරෝධතා පා ගමනක් විශ්ව විද්‍යාල සිසුන් විසින් කැඳවා තිබෙනවා. ඊට එරෙහිව පොලිසිය වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සහ ගත්තත් එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප වුණා. ඉන් පසුව අද උදෑසන වනවිට මෙලෙස නගරයම ආවරණය වන සේ වැටවල් ඉදිකර තිබෙනවා.

    “අපි ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා ලෝකෙන්ම හිඟ කනවා. මේ අය ඒ හිගාකන සල්ලි වලින් මිනිස්සුන්ගේ නිදහස නැති කරලා, විරෝධතා වලට බය වෙලා වැටවල් ගහනවා. සල්ලි නාස්ති කරන්නේ වැටවල් ගහගෙන ආරක්ෂා වෙන්න නම් කවුද අපිට ණය දෙන්නේ” යි මේ ආරක්ෂිත වැටවල් සම්බන්ධයෙන් විමසූ විට මගියෙකු පවසා තිබෙනවා.

    ga8K2I7.jpeg
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පොලිසිය පිකටින් උත්ගොෂණ හින්ද මහජනතාවට පීඩා ඇතිකරනවා කියනවා මෙහෙම පාරවල් වහනකොට මහජනතාව පීඩා වෙන්නේ නැද්ද ?
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    kohomada bung mehema gahanna. Mun ne bung parawal block karanne balan giyama