ආණ්ඩුවට සරළ බහුතරය අහිමි වන හැටි පාඨලී කියයි.

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    අද' පුවත් වාර්තාව - 2022.03.28
    වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරල බහුතරය අහිමිවීම සඳහා මන්ත්‍රී ආසන 02ක වෙනසක් පමණක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
    ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ, 43 සේනාංකයේ ඉංජිනේරු සමුළුව අමතමිනි.
    ඒ අනුව පාර්ලිමේන්තුව තුළ භාරකාර ආණ්ඩුවක් පිහිටුවා රටට වගකියන අග්‍රාමාත්‍යවරයෙකු, මුදල් ඇමතිවරයෙකු සහ මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන පාලනය කිරීම සඳහා වෘත්තිකයක් පිරිසකට භාරදීම සඳහා කාලය එළඹී තිබෙන බව සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා,
    "අරයාගේ විජ්ජා අපි ඇහුවා, මෙයාගේ විජ්ජා ගැන ඇහුවා, කාලයක් වන් මෑන් ශෝ ගැන අපි 90 දශකයේදී අපි දැක්කා, දියසේන කුමාරයාගේ වැඩපිළිවෙළත් දැක්කා. ඒ නිසා දැන් රටට අවශ්‍යයි පාර්ලිමේන්තුව තුළ මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර පාලනයක්. සමහරු අහනවා මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙනවා, ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා.
    මේ ආණ්ඩුවට එහෙම ලොකු හයියක් නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 145ක් තිබුණා. ඒ 145 ආසන153 දක්වා වැඩි වුණේ සමගි ජන බලවේගයේ 08ක් එතනට ගිය නිසා. ඒ වගේම අද මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා තිබෙනවා පක්‍ෂ 11ක්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට 14ක් ඉන්නවා. අනෙකුත් පක්‍ෂවලට 5ක් ඉන්නවා. සමගි ජනබලවේගයේ 08දෙනා එතනින් ඉවත් වුණොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නේ 145යි. ඒ 145න් මේ 29 අඩු කළොත් කීයද ඉතුරු වෙන්නේ කීයද කියලා දන්නවා.

    ඒකෙනුත් අපේ කථානායකතුමා අයින් කළාම 114යි. දෙන්නයි ඉවත් වෙන්න ඕන. දෙන්නට වඩා අතිවිශාල ප්‍රමාණයක් මේ ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්නවා. ඒ නිසා බහුතරය නැති කරනවා, බහුතරය නැති වෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. සෑම මන්ත්‍රීවරයෙකුගේම ඔළුවේ මේ රට යන්නේ කොහේටද, අපේ පැවැත්ම කොහොමද කියන එක පිළිබඳ විශාල අභියෝගයක් තිබෙනවා.

    ඒ නිසා අනිවාර්යෙන්ම භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. ඒ වගේම රටට වගකියන නව මුදල් ඇමතිවරයෙක්, රටට වගකියන අග්‍රාමාත්‍යවරයෙක් එක්ව රටේ ප්‍රධාන ආයතන ස්වාධීන වෘත්තීය පිරිසකට භාර කළ යුතුයි" යනුවෙන් සඳහන් කළේය.
     
    • Like
    Reactions: sakuntha1996

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    පක තමා. විමල්ලා යාවිද බන්
    මේ වෙලාවේ රාජපක්ෂලා එක්ක ඉන්නේ ඩයි හාඩ් මැදමූලන සැට් එක විතරයි. ගමට ගිහින් චන්දෙ කරන්න බැරි තත්වයක් නේ තියෙන්නේ. විමල්ලා කලිංම පැන්නේ ගේම් එකකටද, බැසිල එක්ක ඔරොප්පුවකටද කියන්න බෑ, නමුත් අනිත් උන් ක්‍රොස් කරන කොට උන්ට ආයි රෙදි ඇඳගෙන අර පැත්තට යන්නත් බෑ , ගියත් වැඩක් නෑ. දැන් ඉතින් එන්ඩ් ගේම් එක යන්නේ මචං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    දැන් ඉතින් එන්ඩ් ගේම් එක යන්නේ මචං.

    මමනං කියන්නෙ මිනිස්සුන්ට පොහොට්ටුව කියනකොටම පෝළිං මතක් වෙන තත්ත්වයක් එනකං මේ ආණ්ඩුව තියන්න ඕන 😅
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේ වෙලාවේ රාජපක්ෂලා එක්ක ඉන්නේ ඩයි හාඩ් මැදමූලන සැට් එක විතරයි. ගමට ගිහින් චන්දෙ කරන්න බැරි තත්වයක් නේ තියෙන්නේ. විමල්ලා කලිංම පැන්නේ ගේම් එකකටද, බැසිල එක්ක ඔරොප්පුවකටද කියන්න බෑ, නමුත් අනිත් උන් ක්‍රොස් කරන කොට උන්ට ආයි රෙදි ඇඳගෙන අර පැත්තට යන්නත් බෑ , ගියත් වැඩක් නෑ. දැන් ඉතින් එන්ඩ් ගේම් එක යන්නේ මචං.
    උන් හදන්නෙ ආණ්ඩුවෙන් ගැලවෙන ඡන්ද වෙන පක්ශ වලට යන්න නොදී උන් විකල්පය කියලා පෙන්නලා ඒ ඡන්ද එකතු කරන් උන්ට වැලිව් එකක් හදාගන්න. ඔය ඔක්කොම ඩීල්

    මමනං කියන්නෙ මිනිස්සුන්ට පොහොට්ටුව කියනකොටම පෝළිං මතක් වෙන තත්ත්වයක් එනකං මේ ආණ්ඩුව තියන්න ඕන 😅
    අනිවාර්යයෙන්. තව අවුරුදු දෙකක් ආණ්ඩුව ‍යන්නම ඕනි මේ විදියට මිනිස්සුන්ට සැප දිදී🤭
    ------ Post added on Mar 28, 2022 at 12:19 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    මේ වෙලාවේ රාජපක්ෂලා එක්ක ඉන්නේ ඩයි හාඩ් මැදමූලන සැට් එක විතරයි. ගමට ගිහින් චන්දෙ කරන්න බැරි තත්වයක් නේ තියෙන්නේ. විමල්ලා කලිංම පැන්නේ ගේම් එකකටද, බැසිල එක්ක ඔරොප්පුවකටද කියන්න බෑ, නමුත් අනිත් උන් ක්‍රොස් කරන කොට උන්ට ආයි රෙදි ඇඳගෙන අර පැත්තට යන්නත් බෑ , ගියත් වැඩක් නෑ. දැන් ඉතින් එන්ඩ් ගේම් එක යන්නේ මචං.
    නන්දගෙ එරා එක නම් ඉවරයි. නාමල්ට අනාගතයක් හදන්න සැදැහැවත් බයියො ඕන තරම් ඉන්නවා. උන් මේ වෙලාවේ කරන්න යන කැපකිරීම් වලට රැවටෙන්න එපා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මමනං කියන්නෙ මිනිස්සුන්ට පොහොට්ටුව කියනකොටම පෝළිං මතක් වෙන තත්ත්වයක් එනකං මේ ආණ්ඩුව තියන්න ඕන 😅
    දැන් ඉතිං අලුතෙන් එන කෂ්ටියටත් පෝලිම් නැති කරන්න බැහැ ආපු ගමන්. මේක නියර්ලි බංකොලොත් රටක්. සක්කරයා ආවත්, රනිලා ආවත්, සජිත් ආවත්, අනුර ආවත් ඔච්චරයි, පෝලිම් කියන්නේ නිව් නොර්මල් වෙයි කාලයක් යනකන්. ඒකයි මේ වෙලාවේ චම්පිකයා යි රනිලයි දෙන්නම කියන්නේ එකතු වෙලා කරමු කියලා. තනියම ගේම ගහන වෙලාව පහුවුනා. දැන් රටක්, ජාතියක් විදියට මේ කට්ට හැමෝම කන්න වෙනවා, කාටවත් ඇඟිලි දික්කරන්නේ නැතුව ජාතික ප්‍රතිපත්තියකට යන එක තමයි සේෆ්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉදිරි අවුරුදු 3 නන්දිට වැඩ කරගන්න බැරි එකට හේතු හදනවා.

    සරල බහුතර නැති උනා කියල තවත් නාටකයක් විතරයි. කිසිම වෙනසක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: ewijesekara

    කට්ට හැමෝටම කන්න වුණාට දැන් බැණුම 100% පොහොට්ටු ආණ්ඩුවටනෙ ඒක තනුක කරන්න හොඳ නෑ :lol:
     
    • Haha
    Reactions: ewijesekara

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කට්ට හැමෝටම කන්න වුණාට දැන් බැණුම 100% පොහොට්ටු ආණ්ඩුවටනෙ ඒක තනුක කරන්න හොඳ නෑ :lol:
    ඉතිං හොයල බලපංකො 2005 පස්සේ බොරුවට ණය අරන් ජන්ද දිනන්න පෙරේතකමේ බොරු වැඩ වලට වියදම් කරේ කවුද කියල..පොහොට්ටුවේ ඉන්න උන්මනේ ඒවට මුල,උන්ට බණින්නෙ නැතුව කාටද බණින්න කියන්නේ..
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඉතිං හොයල බලපංකො 2005 පස්සේ බොරුවට ණය අරන් බොරු වැඩ වලට වියදම් කරේ කවුද කියල..පොහොට්ටුවේ ඉන්න උන්මනේ ඒවට මුල,
    ඒත් මිනිස්සුන්ට ඒවගෙ ප්‍රතිඵල ඇඟට දැනෙන්නෙ දැන් නෙ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉදිරි අවුරුදු 3 නන්දිට වැඩ කරගන්න බැරි එකට හේතු හදනවා.

    සරල බහුතර නැති උනා කියල තවත් නාටකයක් විතරයි. කිසිම වෙනසක් වෙන්නේ නෑ
    නාටක වලින් සෙල්ලන් දාන වෙලාව පහුවෙලා මචං. මහපොලොවේ වැඩකරන භෞතිකයත් එක්ක සම්මුක වෙන වෙලාව. මිනිස්සුන්ට කන්න නැති තත්වයක් තියෙන්නේ, උද්ධමනය 49%, කරන්සි බෝඩ් ගැන කතාකරන්නේ. තවත් නාටක පෙන්නලා මේක ගොඩ දාන්න බැහැ.
    මේ තියෙන්නේ ඉන්දියන් මන්ත්‍රී කෙනෙක්ට ජනතාව සලකපු හැටි, මේක මෙහේ වෙනවා පුතෝ නාටක පෙන්නුවොත්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    උන් හදන්නෙ ආණ්ඩුවෙන් ගැලවෙන ඡන්ද වෙන පක්ශ වලට යන්න නොදී උන් විකල්පය කියලා පෙන්නලා ඒ ඡන්ද එකතු කරන් උන්ට වැලිව් එකක් හදාගන්න. ඔය ඔක්කොම ඩීල්------ Post added on Mar 28, 2022 at 12:19 PM
    මුන් කොහේ ගන්නද බං රට පුරා. මුං ජාතික තලයේ දේශපාලකයෝ නෙවෙයි, ඕන්නම් ඔය කොලඹින් යන චන්ද ටිකක් අයින් කරයි. ඒ සෙල්ලන් වැඩකරන්නේ නෑ බං.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මුන් කොහේ ගන්නද බං රට පුරා. මුං ජාතික තලයේ දේශපාලකයෝ නෙවෙයි, ඕන්නම් ඔය කොලඹින් යන චන්ද ටිකක් අයින් කරයි. ඒ සෙල්ලන් වැඩකරන්නේ නෑ බං.
    ජාතිය ආගම එලියට දාපු ගමන් ඔය ඔක්කොම හරියනවා. රටේ බහුතරයක් වහල්ලු හරි ලේසී රව්ට්ටන්න.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාටක වලින් සෙල්ලන් දාන වෙලාව පහුවෙලා මචං. මහපොලොවේ වැඩකරන භෞතිකයත් එක්ක සම්මුක වෙන වෙලාව. මිනිස්සුන්ට කන්න නැති තත්වයක් තියෙන්නේ, උද්ධමනය 49%, කරන්සි බෝඩ් ගැන කතාකරන්නේ. තවත් නාටක පෙන්නලා මේක ගොඩ දාන්න බැහැ.
    මේ තියෙන්නේ ඉන්දියන් මන්ත්‍රී කෙනෙක්ට ජනතාව සලකපු හැටි, මේක මෙහේ වෙනවා පුතෝ නාටක පෙන්නුවොත්.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    අද' පුවත් වාර්තාව - 2022.03.28
    වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරල බහුතරය අහිමිවීම සඳහා මන්ත්‍රී ආසන 02ක වෙනසක් පමණක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ, 43 සේනාංකයේ ඉංජිනේරු සමුළුව අමතමිනි.
    ඒ අනුව පාර්ලිමේන්තුව තුළ භාරකාර ආණ්ඩුවක් පිහිටුවා රටට වගකියන අග්‍රාමාත්‍යවරයෙකු, මුදල් ඇමතිවරයෙකු සහ මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන පාලනය කිරීම සඳහා වෘත්තිකයක් පිරිසකට භාරදීම සඳහා කාලය එළඹී තිබෙන බව සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා,
    "අරයාගේ විජ්ජා අපි ඇහුවා, මෙයාගේ විජ්ජා ගැන ඇහුවා, කාලයක් වන් මෑන් ශෝ ගැන අපි 90 දශකයේදී අපි දැක්කා, දියසේන කුමාරයාගේ වැඩපිළිවෙළත් දැක්කා. ඒ නිසා දැන් රටට අවශ්‍යයි පාර්ලිමේන්තුව තුළ මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර පාලනයක්. සමහරු අහනවා මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙනවා, ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා.
    මේ ආණ්ඩුවට එහෙම ලොකු හයියක් නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 145ක් තිබුණා. ඒ 145 ආසන153 දක්වා වැඩි වුණේ සමගි ජන බලවේගයේ 08ක් එතනට ගිය නිසා. ඒ වගේම අද මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා තිබෙනවා පක්‍ෂ 11ක්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට 14ක් ඉන්නවා. අනෙකුත් පක්‍ෂවලට 5ක් ඉන්නවා. සමගි ජනබලවේගයේ 08දෙනා එතනින් ඉවත් වුණොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නේ 145යි. ඒ 145න් මේ 29 අඩු කළොත් කීයද ඉතුරු වෙන්නේ කීයද කියලා දන්නවා.

    ඒකෙනුත් අපේ කථානායකතුමා අයින් කළාම 114යි. දෙන්නයි ඉවත් වෙන්න ඕන. දෙන්නට වඩා අතිවිශාල ප්‍රමාණයක් මේ ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්නවා. ඒ නිසා බහුතරය නැති කරනවා, බහුතරය නැති වෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. සෑම මන්ත්‍රීවරයෙකුගේම ඔළුවේ මේ රට යන්නේ කොහේටද, අපේ පැවැත්ම කොහොමද කියන එක පිළිබඳ විශාල අභියෝගයක් තිබෙනවා.

    ඒ නිසා අනිවාර්යෙන්ම භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. ඒ වගේම රටට වගකියන නව මුදල් ඇමතිවරයෙක්, රටට වගකියන අග්‍රාමාත්‍යවරයෙක් එක්ව රටේ ප්‍රධාන ආයතන ස්වාධීන වෘත්තීය පිරිසකට භාර කළ යුතුයි" යනුවෙන් සඳහන් කළේය.

    43 සේනාංක ඉංජිනේරු සංසදයේ සභාපති, ඉංජිනේරු සුරත් සෙනවිරත්න