ආණ්ඩුවෙන් නව තෙල් වර්ගයක්

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ආණ්ඩුවෙන් නව තෙල් වර්ගයක්

    DFT-1-53.jpg


    ත්‍රී රෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේ දී නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය.

    ඒ සඳහා වන තත්ව පරීක්ෂණය මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පත්වීම් ලැබූ ඉංජිනේරුවන්ට ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ දී නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේද කීවේය.

    ‘‘පහුගිය කාලේ අපිට පෙට්රල්, ඩීසල් සහ ලාම්පු තෙල්වල මිල වැඩි කරන්න සිදු වුණා. මමත් ආණ්ඩුවත් එය සිදු කළේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් ගැටළු ප්‍රශ්න විසඳා ගැනීමට ඇතැම් විට අපිට අකමැති දේවල් කරන්නත් සිදු වෙනවා. එයින් මහජනතාවට සිදුවන පීඩාව ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. නමුත් අපි දැන් අලූත් විදියට සිතමින් වෙනත් ක්‍රමවලින් මහජනතාවට සහනයක් ලබා දෙන්නේ කෙසේද යන්න ගැන මේ වන විට සොයා බලමින් සිටිනවා.

    ඒ අනුව ආර්ථික සහනයක් ලබාදිය හැකි සේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට අපි මේ වන විට අත්හදා බලමින් සිටිනවා යැයිද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

    gossip.hirufm.lk
     
    Last edited:
    • Like
    Reactions: freddy

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Oyanam karanna hadanne Car walata Tax eka wagema Car petrol wadi karanna Car ekak super luxury karanna yanne :no:
     

    Similar threads