වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී TIN අංකයක් (Taxpayer Identification Number) ලබා ගත යුතු බවත් නොඑසේ නම් රුපියල් 50,000 ක දඩයකට යටත් විය යුතු බවටත් මුදල් ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් එන්. එම්.එම්. මිෆ්ලි මහතා ප්‍රකාශ කරයි. ලංකාදීපයේ මාධ්‍යවේදී ගුණසිංහ හේරත් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී මේ බව කියන හිටපු නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයා වැඩිදුරටත් කියන්නේ එවැනි නියෝග දීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට හෝ මුදල් ඇමැතිට හෝ දේශීය ආදායම් පනතේ 102 වගන්තියෙන් කිසිදු නීතිමය බලයක් නොපැවරෙන බවත් මීට එරෙහිව අධිකරණයට යා හැකි බවයි. ලංකාදීපයේ සම්පූර්ණ ලිපිය පහත පරිදිය.
ඒ ගැසට් නිවේදනයට අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුමය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (TIN) ද අනිවාර්යයෙන්ම ලබාගත යුතුය. එසේ ලියාපදිංචි නොවන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරන බවත් ඔවුන්ට රුපියල් 50,000 නොඉක්මවන දඩයක් නියම කරන බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කියයි.
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය සම්බන්ධයෙන් රජය වෙනත් තීරණ දෙකක් ගෙන තිබේ. ඒ තීරණ කරළියට පැමිණියේ 2024 අය වැය යෝජනා මගිනි. ඒ තීරණ දෙකෙන් එකක් වන්නේ ඉඩම් හෝ වාහන අනෙකුන්ට පැවරීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීමය. එසේම බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කිරීමේ දී ද බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කර තිබේ. ඒ තීරණය 2024 පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව දැන් කියයි.
රටේ දැනට පවතින නීතිය අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය කියා නියම කිරීමට හෝ නියෝග දීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට හෝ මුදල් ඇමැතිට දේශීය ආදායම් පනතේ 102 වගන්තියෙන් කිසිදු නීතිමය බලයක් නොපැවරෙයි.
දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු” බවය. ඒ වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය කර තිබෙන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින” පුද්ගලයන්ය. ආදායම් වාර්තාවක් සැපයිය යුත්තේ කවුරුන්දැයි දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ වගන්තියට අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තේ ‘‘ආදායම් බදු අය කිරීමට යටත් වන සියලු පුද්ගලයන්” ය. ආදායම් බදු ගෙවිය යුත්තේ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් මිස අවුරුදු 18 පිරුණු සියලු දෙනා නොවෙයි.
දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු” බවය. එහෙයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය වන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින පුද්ගලයන්” බව ඉතා පැහැදිලිය.
එහෙයින් නීතියෙන් පවරා නැති බලයක් ක්‍රියාත්මක කිරීම නීති විරෝධී ය. අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ ‘‘අ” සහ ‘‘ආ” ලෙස කොටස් දෙකකි. අ කොටසේ සඳහන් වන්නේ යම් ආදායමක් ලබන පුද්ගලයන් සහ වෘත්තිකයන් ගැන කියමින් ඔවුන් දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ කීම අභියෝගයට ලක් කළ නොහැකිය. එසේම නීත්‍යනුකූලය. එහෙත් ඒ ගැසට් නිවේනයේ ‘‘ආ” කොටසේ සඳහන් වන්නේ වයස අවුරුදු 18 පිරුණු සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ නියම කිරීමේ බලයක් අමාත්‍යවරයාට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් රටේ නීතියෙන් පැවරී නැති බලයක් ආරූඩ කර ගැනීම අනීතිකය. නීති විරෝධීය.
අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව යමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රසිද්ධියට පත්කර තිබෙන නිවේදනයක සඳහන් වන්නේ වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. ස්වේච්ඡාවෙන් එසේ නොකරන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරවන බවය. එසේම ලියාපදිංචි නොවන සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගන්නා පුද්ගලයන්ට රුපියල් 50,000 කට නොවැඩි දඩයක් පමුණුවන බවය. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ඒ නිවේදනය අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් එනම් සමෘද්ධි සහ අස්වැසුම සහනාධාර ලබන්නන් සහ පින් පඩි ලබන්නන් සේම යාචකයන් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය. එසේ නොවුණොත් බලහත්කාරයෙන් ඔවුහු ලියාපදිංචි කරවනු ලබති. රුපියල් 50,000කට නොවැඩි අගයකින් දඩ ද ගසති. කොමසාරිස් ජනරාල්ගේ ඒ ස්ථාවරය අනුව දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබානොගන්නා පින් පඩි ලබන වකුගඩු රෝගීන් ඇතුළු ඒ අසරණයන් සේම යාචකයන් ද රුපියල් 50,000 කට නොවැඩි දඩයකට ගොදුරු වීමේ අවදානමක් පවතියි.
එහෙත් කොමසාරිස් ජනරාල්වරයා සහ මුදල් අමාත්‍යවරයා මේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ රටේ නීතියෙන් තමන්ට පැවරී නැති ආරූඩ කරගත් බලයකි. එහෙයින් ඔවුන්ගේ ඒ ක්‍රියාව නීතිය ඉදිරියේ අභියෝගයට ලක් වීමේ ඉඩකඩ ඉතා ඉහළය.
අදහාගත නොහැකි ගොබ්බ නියෝගයක්..
අවුරුදු 18 ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේනයේ සඳහන් වෙයි. ඒ නියෝගය 2024 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව ද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. මුදල් අමාත්‍යවරයා ඒ නියෝගය කරන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ බවද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.ඒ ගැසට් නිවේදනයට අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුමය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (TIN) ද අනිවාර්යයෙන්ම ලබාගත යුතුය. එසේ ලියාපදිංචි නොවන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරන බවත් ඔවුන්ට රුපියල් 50,000 නොඉක්මවන දඩයක් නියම කරන බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කියයි.
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය සම්බන්ධයෙන් රජය වෙනත් තීරණ දෙකක් ගෙන තිබේ. ඒ තීරණ කරළියට පැමිණියේ 2024 අය වැය යෝජනා මගිනි. ඒ තීරණ දෙකෙන් එකක් වන්නේ ඉඩම් හෝ වාහන අනෙකුන්ට පැවරීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීමය. එසේම බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කිරීමේ දී ද බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කර තිබේ. ඒ තීරණය 2024 පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව දැන් කියයි.
මේ නියෝගයට අභියෝග කළ යුතුයි..
2024 අය වැයෙන් කරළියට ගෙනා අනෙක් තීරණය වන්නේ අවුරුදු 18 ට වැඩි සියලුම නේවාසිකයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්යය කර තිබීමයි. ආණ්ඩුව කියන හැටියට රටේ නේවාසිකයන් සියලු දෙනා එසේ කළ යුත්තේ තමන්ට වයස අවුරුදු 18 පිරීම නිසාය. නැතිව ආදායම් ඉපයීම හෝ සේවා ලබා ගැනීම යනාදි වෙනත් හේතුවක් හෝ හේතු නිසා නොවෙයි. මේ තීරණය ගෙන තිබෙන්නේ දේශීය ආදායම් පනතේ 102 (3) වගන්තිය යටතේ බව 2023 මැයි 31 වැනිදා මුදල් අමාත්‍යවරයා නිකුත් කළ 2334/21දරන ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ඒ ගැන සඳහන් වන්නේ ඒ ගැසට් පත්‍රයේ ‘‘ආ” කොටසේ ය. ඒ ගැසට්ටුවේ ‘‘අ” කොටසේ සඳහන් පරිදි ‘‘යම් ආයතනයක සේවාවක් ලබා ගැනීමේ දී” බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කළ යුතු බවට තිබෙන නියමය සමඟ මම එකඟ වෙමි. එහෙත් වයස අවුරුදු 18 පිරීම නිසාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය යන නියමයට අභියෝග කිරීමට මම කැමැත්තෙමි.රටේ දැනට පවතින නීතිය අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය කියා නියම කිරීමට හෝ නියෝග දීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට හෝ මුදල් ඇමැතිට දේශීය ආදායම් පනතේ 102 වගන්තියෙන් කිසිදු නීතිමය බලයක් නොපැවරෙයි.
ආදායම් වාර්තාවක් සැපයිය යුත්තේ කවුරුන්දැයි පනතේ නිශ්චිතව සඳහන්..
දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු” බවය. ඒ වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය කර තිබෙන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින” පුද්ගලයන්ය. ආදායම් වාර්තාවක් සැපයිය යුත්තේ කවුරුන්දැයි දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ වගන්තියට අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තේ ‘‘ආදායම් බදු අය කිරීමට යටත් වන සියලු පුද්ගලයන්” ය. ආදායම් බදු ගෙවිය යුත්තේ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් මිස අවුරුදු 18 පිරුණු සියලු දෙනා නොවෙයි.
දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු” බවය. එහෙයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය වන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින පුද්ගලයන්” බව ඉතා පැහැදිලිය.
අනීතිකයි, නීති විරෝධියි..
ආදායම් බදු අය කරනු ලබන සියලු පුද්ගලයන් බදු වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තෝ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායමක් ලබන පුද්ගලයෝය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුත්තේ බදු ගෙවීමේ වගකීමක් සහිත පුද්ගලයන් බව පනතේ 102 වගන්තියෙන් අනාවරණය වෙයි. එහෙයින් පුද්ගලයන්ගේ ආදායම මත නොව ඔවුන්ගේ වයස මත බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුය කීම බලහත්කාරය පෑමකි. එසේ බලහත්කාරය පෑමේ බලයක් රටේ නීතියෙන් අමාත්‍යවරයාට පවරා නැත.එහෙයින් නීතියෙන් පවරා නැති බලයක් ක්‍රියාත්මක කිරීම නීති විරෝධී ය. අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ ‘‘අ” සහ ‘‘ආ” ලෙස කොටස් දෙකකි. අ කොටසේ සඳහන් වන්නේ යම් ආදායමක් ලබන පුද්ගලයන් සහ වෘත්තිකයන් ගැන කියමින් ඔවුන් දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ කීම අභියෝගයට ලක් කළ නොහැකිය. එසේම නීත්‍යනුකූලය. එහෙත් ඒ ගැසට් නිවේනයේ ‘‘ආ” කොටසේ සඳහන් වන්නේ වයස අවුරුදු 18 පිරුණු සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ නියම කිරීමේ බලයක් අමාත්‍යවරයාට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් රටේ නීතියෙන් පැවරී නැති බලයක් ආරූඩ කර ගැනීම අනීතිකය. නීති විරෝධීය.
පින් පඩි ලබන වකුගඩු රෝගීන් ද යාචකයන් ද පනස්දාහේ දඩයට යටත්..