ආණ්ඩුවේ ටින් අංකය නීති විරෝධියි..! අදහා ගත නොහැකි ගොබ්බ නියෝගයක්..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී TIN අංකයක් (Taxpayer Identification Number) ලබා ගත යුතු බවත් නොඑසේ නම් රුපියල් 50,000 ක දඩයකට යටත් විය යුතු බවටත් මුදල් ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් එන්. එම්.එම්. මිෆ්ලි මහතා ප්‍රකාශ කරයි. ලංකාදීපයේ මාධ්‍යවේදී ගුණසිංහ හේරත් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී මේ බව කියන හිටපු නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයා වැඩිදුරටත් කියන්නේ එවැනි නියෝග දීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට හෝ මුදල් ඇමැතිට හෝ දේශීය ආදායම් පනතේ 102 වගන්තියෙන් කිසිදු නීතිමය බලයක් නොපැවරෙන බවත් මීට එරෙහිව අධිකරණයට යා හැකි බවයි. ලංකාදීපයේ සම්පූර්ණ ලිපිය පහත පරිදිය.

    අදහාගත නොහැකි ගොබ්බ නියෝගයක්..​

    අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේනයේ සඳහන් වෙයි. ඒ නියෝගය 2024 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව ද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. මුදල් අමාත්‍යවරයා ඒ නියෝගය කරන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ බවද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

    ඒ ගැසට් නිවේදනයට අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුමය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (TIN) ද අනිවාර්යයෙන්ම ලබාගත යුතුය. එසේ ලියාපදිංචි නොවන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරන බවත් ඔවුන්ට රුපියල් 50,000 නොඉක්මවන දඩයක් නියම කරන බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කියයි.

    බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය සම්බන්ධයෙන් රජය වෙනත් තීරණ දෙකක් ගෙන තිබේ. ඒ තීරණ කරළියට පැමිණියේ 2024 අය වැය යෝජනා මගිනි. ඒ තීරණ දෙකෙන් එකක් වන්නේ ඉඩම් හෝ වාහන අනෙකුන්ට පැවරීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීමය. එසේම බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කිරීමේ දී ද බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කර තිබේ. ඒ තීරණය 2024 පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව දැන් කියයි.

    මේ නියෝගයට අභියෝග කළ යුතුයි..​

    2024 අය වැයෙන් කරළියට ගෙනා අනෙක් තීරණය වන්නේ අවුරුදු 18 ට වැඩි සියලු‍ම නේවාසිකයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්යය කර තිබීමයි. ආණ්ඩුව කියන හැටියට රටේ නේවාසිකයන් සියලු‍ දෙනා එසේ කළ යුත්තේ තමන්ට වයස අවුරුදු 18 පිරීම නිසාය. නැතිව ආදායම් ඉපයීම හෝ සේවා ලබා ගැනීම යනාදි වෙනත් හේතුවක් හෝ හේතු නිසා නොවෙයි. මේ තීරණය ගෙන තිබෙන්නේ දේශීය ආදායම් පනතේ 102 (3) වගන්තිය යටතේ බව 2023 මැයි 31 වැනිදා මුදල් අමාත්‍යවරයා නිකුත් කළ 2334/21දරන ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ඒ ගැන සඳහන් වන්නේ ඒ ගැසට් පත්‍රයේ ‘‘ආ”‍ කොටසේ ය. ඒ ගැසට්ටුවේ ‘‘අ”‍ කොටසේ සඳහන් පරිදි ‘‘යම් ආයතනයක සේවාවක් ලබා ගැනීමේ දී”‍ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කළ යුතු බවට තිබෙන නියමය සමඟ මම එකඟ වෙමි. එහෙත් වයස අවුරුදු 18 පිරීම නිසාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය යන නියමයට අභියෝග කිරීමට මම කැමැත්තෙමි.

    රටේ දැනට පවතින නීතිය අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය කියා නියම කිරීමට හෝ නියෝග දීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට හෝ මුදල් ඇමැතිට දේශීය ආදායම් පනතේ 102 වගන්තියෙන් කිසිදු නීතිමය බලයක් නොපැවරෙයි.


    ආදායම් වාර්තාවක් සැපයිය යුත්තේ කවුරුන්දැයි පනතේ නිශ්චිතව සඳහන්..​


    දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු”‍ බවය. ඒ වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය කර තිබෙන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින”‍ පුද්ගලයන්ය. ආදායම් වාර්තාවක් සැපයිය යුත්තේ කවුරුන්දැයි දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ වගන්තියට අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තේ ‘‘ආදායම් බදු අය කිරීමට යටත් වන සියලු‍ පුද්ගලයන්”‍ ය. ආදායම් බදු ගෙවිය යුත්තේ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් මිස අවුරුදු 18 පිරුණු සියලු‍ දෙනා නොවෙයි.

    දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු”‍ බවය. එහෙයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය වන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින පුද්ගලයන්”‍ බව ඉතා පැහැදිලිය.

    අනීතිකයි, නීති විරෝධියි..​

    ආදායම් බදු අය කරනු ලබන සියලු‍ පුද්ගලයන් බදු වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තෝ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායමක් ලබන පුද්ගලයෝය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුත්තේ බදු ගෙවීමේ වගකීමක් සහිත පුද්ගලයන් බව පනතේ 102 වගන්තියෙන් අනාවරණය වෙයි. එහෙයින් පුද්ගලයන්ගේ ආදායම මත නොව ඔවුන්ගේ වයස මත බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුය කීම බලහත්කාරය පෑමකි. එසේ බලහත්කාරය පෑමේ බලයක් රටේ නීතියෙන් අමාත්‍යවරයාට පවරා නැත.

    එහෙයින් නීතියෙන් පවරා නැති බලයක් ක්‍රියාත්මක කිරීම නීති විරෝධී ය. අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ ‘‘අ”‍ සහ ‘‘ආ”‍ ලෙස කොටස් දෙකකි. අ කොටසේ සඳහන් වන්නේ යම් ආදායමක් ලබන පුද්ගලයන් සහ වෘත්තිකයන් ගැන කියමින් ඔවුන් දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ කීම අභියෝගයට ලක් කළ නොහැකිය. එසේම නීත්‍යනුකූලය. එහෙත් ඒ ගැසට් නිවේනයේ ‘‘ආ”‍ කොටසේ සඳහන් වන්නේ වයස අවුරුදු 18 පිරුණු සියලු‍ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ නියම කිරීමේ බලයක් අමාත්‍යවරයාට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් රටේ නීතියෙන් පැවරී නැති බලයක් ආරූඩ කර ගැනීම අනීතිකය. නීති විරෝධීය.


    පින් පඩි ලබන වකුගඩු රෝගීන් ද යාචකයන් ද පනස්දාහේ දඩයට යටත්..​


    අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව යමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රසිද්ධියට පත්කර තිබෙන නිවේදනයක සඳහන් වන්නේ වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. ස්වේච්ඡාවෙන් එසේ නොකරන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරවන බවය. එසේම ලියාපදිංචි නොවන සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගන්නා පුද්ගලයන්ට රුපියල් 50,000 කට නොවැඩි දඩයක් පමුණුවන බවය. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ඒ නිවේදනය අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ පුද්ගලයන් එනම් සමෘද්ධි සහ අස්වැසුම සහනාධාර ලබන්නන් සහ පින් පඩි ලබන්නන් සේම යාචකයන් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය. එසේ නොවුණොත් බලහත්කාරයෙන් ඔවුහු ලියාපදිංචි කරවනු ලබති. රුපියල් 50,000කට නොවැඩි අගයකින් දඩ ද ගසති. කොමසාරිස් ජනරාල්ගේ ඒ ස්ථාවරය අනුව දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබානොගන්නා පින් පඩි ලබන වකුගඩු රෝගීන් ඇතුළු ඒ අසරණයන් සේම යාචකයන් ද රුපියල් 50,000 කට නොවැඩි දඩයකට ගොදුරු වීමේ අවදානමක් පවතියි.

    එහෙත් කොමසාරිස් ජනරාල්වරයා සහ මුදල් අමාත්‍යවරයා මේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ රටේ නීතියෙන් තමන්ට පැවරී නැති ආරූඩ කරගත් බලයකි. එහෙයින් ඔවුන්ගේ ඒ ක්‍රියාව නීතිය ඉදිරියේ අභියෝගයට ලක් වීමේ ඉඩකඩ ඉතා ඉහළය.

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    නැති බලයක් ආරූඪ කර ගැනීමක්...​

    දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව අවුරුද්දකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ශුද්ධ ආදායමක් ලබන ඕනෑම පුද්ගලයකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගැනීම සහ ඔහුට බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් පිරිනැමීම නීත්‍යනුකූලය. එහෙත් ආදායම නොසලකා වයස පමණක් සලකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය, බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය, එසේ නොක⁣ළහොත් බලහත්කාරයෙන් ලියාපදිංචි කරවන්නේය, රුපියල් 50,000 කට නොවැඩි දඩයක් ගසන්නේය කීමේ බලයක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් එය නැති බලයක් ආරූඪ කර ගැනීමකි. එසේ කළහොත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට යාමේ අයිතියක් සහ හැකියාවක් පුරවැසියන්ට ලැබෙයි.

    දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට හැකියාව තිබෙන්නේ පුද්ගලයන්ගේ ආදායම් මට්ටම අනුව ඒ පුද්ගලයන් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගෙන ඔවුන්ගෙන් බදු අය කරගැනීමේ බලයයි. වයස අනුව රටේ ජනතාව ලියාපදිංචි කරගැනීමේ බලය පැවරී තිබෙන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්ට මිස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට නොවෙයි.

    ලොව දියුණු රටවල ජනතාවට උපත ලබද්දීම අංකයක් ලැබෙයි. එය පින් (PIN) අංකය ⁣හෙවත් Personal Identification Number නමින් හඳුන්වයි. පාසලකට ඇතුළත් වෙද්දී, රෝහලකින් බෙහෙත් ගනිද්දී, රියැදුරු බලපත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර ලබා ගනිද්දී, බැංකු ගිණුමක් ආරම්භ කරද්දී, ඉඩමක් හෝ නිවසක් මිලදී ගනිද්දී යනාදී ජීවිතයේ සෑම කටයුත්තකදීම ඔවුනට ඒ පින් අංකය අවශ්‍ය වෙයි. උපතේ සිට මරණය දක්වාම ඔවුන් ඒ පින් අංකය භාවිත කළ යුතුය. ඒ අංකය දෙන්නේ රජයෙනි.

    මැතිවරණ කොමිසම සතුව තොරතුරු තියෙද්දී...​

    එහෙත් ලංකාවේ ආණ්ඩුව දෙන්නට යන්නේ පින් අංකයක් නොව ටින් අංකයකි. එය බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් Taxpayer Identification Number නමින් හැඳින්වෙයි. රටේ ජනතාවට ආණ්ඩුව ටින් අංකය දෙන්නට යන්නේ වැරැදි ක්‍රමයකටය. වයස අවුරුදු 18 පිරුණු පුද්ගලයන් කව්ද? ඔවුන් පදිංචිව සිටින්නේ කොහේද?, ඔවුන් කරන රැකියා මොනවාද? යනාදි සියලු‍ තොරතුරු මැතිවරණ කොමිසම සතුව පවතියි. මැතිවරණ කොමිසම සතු ඒ තොරතුරු අවුරුද්දක් පාසා යාවත්කාලීන වෙයි. එහෙයින් අවුරුදු 18 පිරුණු සියලු‍ පුද්ගලයන්ගේ තොරතුරු මැතිවරණ කොමිසමෙන් ලබාගත හැකිය. දේශීය ආදායම් බදු පනතට එක් කළ සංශෝධනයකට අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඒ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක ඒ තොරතුරු ලබාදීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටියි.

    අදහාගත නොහැකි අමනෝඥ ක්‍රියාවක්...​

    මුදල් අමාත්‍යවරයා කියන ආකාරයට අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනාට ටින් අංකයක් ගන්න කියන්නේ ඒ සියලු‍ දෙනාගෙන් බදු අය කරගැනීමට නොවෙයි. වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පද්ධතියක් නඩත්තු කිරීමටය. වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව ද පවතියි. එහෙත් ඒ දෙපාර්තමේන්තුව සතු තොරතුරු යාවත්කාලීන නොවෙයි. අවුරුදු පතා යාවත්කාලීන වන තොරතුරු තිබෙන මැතිවරණ කොමිසමෙන් තොරතුරු රැගෙන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පද්ධතියක් ඉතා පහසුවෙන් නඩත්තු කිරීමේ හැකියාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද තිබේ. ආණ්ඩුවට අවශ්‍ය දෙය පහසුවෙන් ඉටු කරගැනීමට අවශ්‍ය තොරතුරු ආණ්ඩුව සතුවම තිබිය දී අනවශ්‍ය ලෙස රටේ ජනතාව බියගැන්වීම අදහාගත නොහැකි අමනෝඥ ක්‍රියාවකි.

    වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවට නියෝග කරමින් මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අදටත් වලංගු ය. එය අවලංගු කරගත හැක්කේ අධිකරණ ක්‍රියා මාර්ගයකිනි.

    සාකච්ජා සටහන - ගුණසිංහ හේරත්​

     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    මේ රටේ නීතිය උගන්වන්නේ නැති එකේ ප්‍රතිවිපාක තමයි මේ
    නිතිය දන්න පුද්ගලයොත් මීක් නැහැ. කොහොමත් ආදායම් බදු ගෙවන්නත් නැහැනේ ඒ ඇත්තො.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මූත් නිකං අද පත්තරේ වගේ.. පාන්දරම ඊනිව්ස් සී නිව්ස් බලලා මේකෙ අතාරිනවා...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    1705291290225.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,868
    6,163
    113

    මුදල් අමාත්‍යවරයා කියන ආකාරයට අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනාට ටින් අංකයක් ගන්න කියන්නේ ඒ සියලු‍ දෙනාගෙන් බදු අය කරගැනීමට නොවෙයි. වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පද්ධතියක් නඩත්තු කිරීමටය. වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව ද පවතියි. එහෙත් ඒ දෙපාර්තමේන්තුව සතු තොරතුරු යාවත්කාලීන නොවෙයි. අවුරුදු පතා යාවත්කාලීන වන තොරතුරු තිබෙන මැතිවරණ කොමිසමෙන් තොරතුරු රැගෙන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පද්ධතියක් ඉතා පහසුවෙන් නඩත්තු කිරීමේ හැකියාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද තිබේ. ආණ්ඩුවට අවශ්‍ය දෙය පහසුවෙන් ඉටු කරගැනීමට අවශ්‍ය තොරතුරු ආණ්ඩුව සතුවම තිබිය දී අනවශ්‍ය ලෙස රටේ ජනතාව බියගැන්වීම අදහාගත නොහැකි අමනෝඥ ක්‍රියාවකි.

    වයස අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවට නියෝග කරමින් මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අදටත් වලංගු ය. එය අවලංගු කරගත හැක්කේ අධිකරණ ක්‍රියා මාර්ගයකිනි.

    ඉතින් උබ ඔය කියන පනත් ඔක්කොම පාර්ලිමේන්තුවෙන් අනුමත කරල ජනාදිපති අත්සන් කරපුවනෙ. ඒව වෙනස් කරන්නත් පුලුවන් උන්ට 😂 නීතියෙ තියෙන්නෙ මෙහෙමයි අරමයි කිව්වට ඒව උන් හදපුවනෙ, උන් ඊලග දවසෙ ඕක වෙනස් කරල අනුමත කරයි එතකොට උබ මොකෝ කරන්නෙ? 😁

    රනිල් ට හිතුනොත් පනතක් ගෙනෙයි "18 ට වැඩි සියලුම දෙනා ජනාදිපති ගේ බිජ්ජ කටට ගත යුතුය" කියල 😂, උබලට ඒකත් කරන්න වෙනව. ට්‍රැක් ලන්තයේ ගොබ්බ රට වැසියෝ 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතින් උබ ඔය කියන පනත් ඔක්කොම පාර්ලිමේන්තුවෙන් අනුමත කරල ජනාදිපති අත්සන් කරපුවනෙ. ඒව වෙනස් කරන්නත් පුලුවන් උන්ට 😂 නීතියෙ තියෙන්නෙ මෙහෙමයි අරමයි කිව්වට ඒව උන් හදපුවනෙ, උන් ඊලග දවසෙ ඕක වෙනස් කරල අනුමත කරයි එතකොට උබ මොකෝ කරන්නෙ? 😁

    රනිල් ට හිතුනොත් පනතක් ගෙනෙයි "18 ට වැඩි සියලුම දෙනා ජනාදිපති ගේ බිජ්ජ කටට ගත යුතුය" කියල 😂, උබලට ඒකත් කරන්න වෙනව. ට්‍රැක් ලන්තයේ ගොබ්බ රට වැසියෝ 😂

    රනිල් ට හිතුනොත් පනතක් ගෙනෙයි "18 ට වැඩි සියලුම දෙනා ජනාදිපති ගේ බිජ්ජ කටට ගත යුතුය" කියල

    ehema panathak nathuwath ranilge kata ganna set ekak innawa @2osama @monson @netudara
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,868
    6,163
    113
    රනිල් ට හිතුනොත් පනතක් ගෙනෙයි "18 ට වැඩි සියලුම දෙනා ජනාදිපති ගේ බිජ්ජ කටට ගත යුතුය" කියල

    ehema panathak nathuwath ranilge kata ganna set ekak innawa @2osama @monson @netudara

    ඇත්තටම තියෙන්නෙ රනිල්ගෙ, මහින්දගෙ, සජිත් ගෙ අව්ලක් නෙමෙයි බන්, ලන්කා ගොබ්බ රට වැසියන්ගෙ අව්ලක්.
    රනිල් දිහා බලහන් පොර ගානට ව්‍යවස්තාවට පිටින් යන්නෙ නැතුව මැච් එකක් ප්ලේ කරනවනෙ. හොරෙක් කිව්වත් කපටි නරියෙක් කිව්වත් පොර පොරගෙ ක්ශේත්‍රයෙන් දක්ශතා පෙන්නනව, ඒ ඒ අයගෙ ක්ශේත්‍ර වලින් එයාල වැඩ්ඩො. හොරකන් කලත් ඒකත් අහු නොවෙන්න කරනව කියන්නෙ එතන එක්කො උන් දක්ශයි එහෙම නැත්තන් රට වැසියො ගොබ්බයි.
    ලන්කා රට වැසියො ටික තමයි ගොඩක්ම ගොබ්බ ඒකයි රටටම කෙල වෙලා තියෙන්නෙ.
    දේශපාලකයොත් ඉතින් උන් දන්න ශිල්ප දාල ආතල් එකේ ඉන්නව. ඒ ඉතින් උන් දන්න කර්මාන්තෙ.
    මිනිස්සු දැනගන්න ඕනෙ මොලේ පාවිච්චි කරන්න.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,200
    198,834
    113
    Colombo, Sri Lanka
    දැන් මිනිස්සුන්ගේ අතට ටින් එක තමයි දෙන්න වෙලා තියෙන්නේ ජිවත් වෙන්න
     
    • Like
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mehemath jiwitha ude idan saudiya kakusi adinawa. hawasata meke renawa

    mehemath jeewitha

    අනේ එහෙමද.. මම දැන් කුණුහරුපෙන් බනිද්දි පැත්තකට වෙලා ඉන්නම්.. 😂 වැදගත් විදියට තමයි අපිත් ජීවත් වෙන්නෙ හලෝ. ඒක නිසා කොහේවත් යන ගොන්නුන්ගෙන් කුණුහරුප අහගන්න අපිට ඕනෙ නෑ. කවුරු කියලද හිතුවෙ. පාඩුවෙ ඉන්නකොට කුණුහරුපෙන් බැන්නම සද්ද නැතුව පැත්තකට වෙන්න තරම් පිස්සුවක් නෑ. වට්ටි අම්මා බැරි නම් ඕන එකක් ඕන කෙනෙක් හිතා ගන්න. මට ඒක වැඩක් නෑ.. ඔච්චර කැහැටු වට්ටි අම්මලාට PM දදා නෝන්ඩි වෙන ඔයා කවුරු වෙන්න පුළුවන්ද? 🤔

    View attachment 222760
    View attachment 222761
     
    • Haha
    Reactions: Geshi95

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    • Like
    Reactions: lilman