ආණ්ඩුවේ හැසිරීමට ලකුණු බිංදුවයි

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ආණ්ඩුවේ හැසිරීමට ලකුණු බිංදුවයි

    ලබන සතියේ ජීනිවා මානව හිමිකම් කොමිසම ‍රැස්වෙන්නට තිබෙන අතරේ මේ සතියේදී ආණ්ඩුව ජාත්‍යන්තරව මාර පරාජයන් දෙකක්ම ලැබුවේය.

    ආණ්ඩුව විසින් පසුගිය දවස් වල මහත් සේ උඩ දමමින් අගය කල ශවේන්ද්‍ර සිල්වාට ලැබුනු එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කටයුතු පිලිබඳ උපදේශක කොමිටියේ සාමාජිකත්වය එහි ආරම්භක ‍රැස්වීමේදීම අහෝසි කර දැමීම ඉන් පලමු වැන්නයි.

    මෙයින් අන්ද මන්දව සිටින ආණ්ඩුවේ හො‍රැනෑ මේ ගැන ජනතාවට කියන්නෙ මොනවාදැයි තවමත් කල්පනා කරමින් සිටින බවක් පෙනේ.

    ඒත් සමග සිදු වූ අනිත් පරාජය නම් ආණ්ඩුව විසින් වසර දෙකක් තිස්සේ සිර කරගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකු බවට පිලි ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීමයි.

    මෙම තත්වය තුල පෙනී යන්නේ 27 දා ආරම්භ වෙන මානව හිමිකම් කොමිසම් සභා වාරය ශ්‍රී ලංකාවට ගුණදායක නොවන බවයි.

    රොබර්ටෝ බ්ලේක් පසු ගියදා ශ්‍රී ලංකාවටම පැමිණ ප්‍රසිද්ධීයේ ම කියා සිටියේ එයයි.

    දැන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යමින් ෆොන්සේකා ප්‍රමුඛ ද්‍රෝහීන් කල දේශද්‍රෝහි ක්‍රියාවට බැට දීම සඳහා වීරවංශලා හෙට අනිද්දා වේදිකා මත තප්පුලද්දි ගුනදාස අමරසේකරලාට බටහිර කුමන්ත්‍රණ ගැන කියමින් නැවත වතාවක් පත්තර පි‍ටු ගනන් ලිවිය හැක.

    ඉන්ධන මිල ඉහල දැමීමත් ඒ සමග ජීවන වියදම අහස උසට නැගීමත් නිසා ශීඝ්‍රයෙන් පිරිහෙන තම ජනප්‍රියතාව මෙම සිදු වීම් උපයෝගි කරගෙන රඳවා ගන්නට එම කුලී කරුවන් යොදා ගෙන ආණ්ඩුව උත්සාහ කරනු ඇත.

    මේ ආණ්ඩුව සෑම විටම කලේ එයයි. ජාත්‍යන්තර වශයෙන් එන බලපෑම් රාජ්‍යතන්ත්‍රික මට්ටමින් විසඳා ගන්නවා වෙනුවට එම සිදු වීම් රට තුල බාල ජනප්‍රියතාව ඇති කර ගැනීම සඳහා භාවිතා කිරීමයි.

    මේ තාක් කල් එය යම් පමණකට හෝ සාර්ථක වූයේ යුද ජයග්‍රහණයේ රස්නයත් ඒ නිසාම ආර්ථික අමාරු කම් කෙසේ හෝ පිරි මහගැනීමට ජනයා කැප වීමත් නිසාය.

    එහෙත් දැන් තත්වය වෙනස් වෙමින් තිබේ.

    වීරවංශලා කොතරම් මොර දුන්නත් යුද ජයග්‍රහණ වේගයෙන් අතීතයට ඇදී යමින් පවතී. එසේම දීනෙන් දින වැඩි වන ජීවන බර දැනටම දරා ගත නොහැකි මට්ටම පැන ඇත. ඒ අතර තත්වය තවත් අමාරු කරමින් නෙලුම් කූලුනු වලට ප්‍රමුඛත්වය ලැබෙන්නේ ගම්බද පාසැල් සිය ගනනින් වැසී යද්දීය.රටේ මුලු මහත් ජනතාවම දේශප්‍රේමි ඇස් බැන්දුම් වලින් ‍රැවටිය හැකි මෝඩයන් නොවන බව ලඟ ලඟ දෙවතාවක්ම මේ රටේ ජනයා පෙන්වා තිබේ. ඒ විශ්‍රාම වැ‍ටුප් පනත් අරගලයේදී හා හලාවත ධීවර සටනේදීය.

    ජීවන වියදම වෙනුවෙන් ඉදිරියේදී සටන් අනිවාර්ය වෙනු ඇති අතර විශ්ව විද්‍යාල සේවකයෝ ඊයේ සිටම සටනේය.

    ඒ අනුව ඉදිරි කාලයේ ආණ්ඩුවට බාහිර හා අභ්‍යන්තර වශයෙන් පෙරමුණු දෙකක සටන් කිරීමට සිදු වනු ඇත.

    ජාත්‍යන්තර තලයේදී ආණ්ඩුවේ හැසිරීම නරක් වුවහොත් සම්බාදක පැනවීමක් දක්වා ඔවුන් යා හැකි අතර එවිට රට ඇතුලත සටනද වේගවත් වනු ඇත.

    අනිත් අතින් අභ්‍යන්තර සටන් මත මර්ධනය දියත් කලහොත් , එවිට නැවත වතාවක් ජාත්‍යන්තරය තුල ආණ්ඩුව හුදකලා වනු ඇත.

    ආණ්ඩුවේ හා රාජපක්ෂලාගේ පාලනය රඳා පවතිනු ඇත්තේ මෙම පෙරමුණු දෙක තුලම ඔවුන් කොතරම් රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරෙනවාද යන්න මතය.

    දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් ඔවුන්ගේ හැසිරීමට දිය හැක්කේ ලකුණු බිංදුවකි.
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Kiyaganna bari wela hitapu godak dewal kiyala thiyanawa. Well said machan! Dan wath ape minissunge das arewaaa! :D

    Anduwa hamadamath kare minissunge karamathin beruna , boru deshapremi kama mawa pala , ai ehema karanna hambawenne na , minisuntama kelala , dan enawa ane apiwa beraganna kiyagena...

    Minissunta karapu dewal amathaka karala , ape minissuma thamai dan oya pelapali yanna hadannae , ah yako munta pela pali giyata wadak naha , anith eka api lankawe indan pela pali giyata wadakuth naha mona de unath , ewata thamai diplomats la inne un hariyata wade karanne na , nikan ibbo tikak ne dala inne , ithin anduwama thamai dan *aragana thiyenne , unwa beraganna inna minissuntath kelewwa , lajja na ape ewunath dan apahu munwa beraganna yanna... ayyo salli... :S
     
    • Like
    Reactions: and

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පළවෙනි කතාව කිසිම පදනමක් නැති කතාවක්, ශවේන්ද්‍ර සිල්වාට එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කටයුතු තනතුර ලැබුනෙ ලංකාවෙ ආණ්ඩුවෙ මැදිහත් විමකින් නෙමෙයි,රටවල් රැසක චන්ද විමසිමකින්.ඒවා ගැන කිසිම තැකිමක් නැතුව ශවේන්ද්‍ර සිල්වා ඉවත් කරේ කෙලින්ම UN එකේ මහලේඛමිල.ඒකුන් ශවේන්ද්‍ර සිල්වා ඉවත් කරපු එකට සතුටු නමි ඉතින් ඒක තමන්ගෙ තියෙන මොලේ වැරැද්ධක්. :yes::P:baffled: හැම මගුලම දේශපාලනිකව බලන්ඩ එපා, ‍ ශවේන්ද්‍ර සිල්වාවගේ ඒතනතුරට සුදුස්සෙක් ලොවෙත් නැ,ඒක තේරැමි ගන්ඩ බැරිනමි ඉතින් කියන්ඩ දෙයක් නැ.:P:P
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0

    ආණ්ඩුව විසින් පසුගිය දවස් වල මහත් සේ උඩ දමමින් අගය කල ශවේන්ද්‍ර සිල්වාට ලැබුනු එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කටයුතු පිලිබඳ උපදේශක කොමිටියේ සාමාජිකත්වය එහි ආරම්භක ‍රැස්වීමේදීම අහෝසි කර දැමීම ඉන් පලමු වැන්නයි.

    ඕයි ශවේන්ද්‍ර සිල්වා කියන්නෙ අපි කවුරුත් ගෞරවර කරන මනුස්සයෙක්, සාම සාධක කොමිටියෙ දෙමල ලොක්කට ශවේන්ද්‍රව පේන්න බෑනෙ :lol: ප්‍රභාට වුන දේ නිසා දුක ඇති
    ඒත් සමග සිදු වූ අනිත් පරාජය නම් ආණ්ඩුව විසින් වසර දෙකක් තිස්සේ සිර කරගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකු බවට පිලි ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීමයි.
    USA සහ අනිත් රටවල් ඉන්නෙ ෆුල් හැපි එකේ ෆොන්සේක හිරේ නිසා, යුද්දේ දිනවපු මිනිහව සහ දේශපාලන නායකත්වය දුන්න උන්වත් හිරේ යවන්නයි ඇමරිකාවට ඕනෙ, අපේ වේසිගෙ පුතාලට එකට එකතුවෙලා වැඩ කරන්න බෑනෙ
    වීරවංශලා හෙට අනිද්දා වේදිකා මත තප්පුලද්දි ගුනදාස අමරසේකරලාට බටහිර කුමන්ත්‍රණ ගැන කියමින් නැවත වතාවක් පත්තර පි‍ටු ගනන් ලිවිය හැක.
    ඔය පොන්නයො දෙන්නව කවුද ගනං ගන්නෙ
    ජාත්‍යන්තර තලයේදී ආණ්ඩුවේ හැසිරීම නරක් වුවහොත් සම්බාදක පැනවීමක් දක්වා ඔවුන් යා හැකි අතර එවිට රට ඇතුලත සටනද වේගවත් වනු ඇත.
    27 තියෙන මීටින් එකේ මොනව සම්මත කලත් ඕව ක්‍රියාවට නගන්න තව අවුරුද්දක් වගේ යනව, අපිට ලගකදි නං සම්භාධක වැටෙන්න ඉඩක් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆොන්සේකා දේශපාලන සිරකරුවෙක් කියල ඇමරිකාව පිළිගත්තට මොකද වෙන්නෙ???? කිසිම අමුතු දෙයක් වෙන්නෙ නැ,තියෙන දේම තමයි.ඇයි ෆොනිය දේශපාලන සිරකුරැවෙක් නොවේ කියල ඇමරිකාව පිළිගත්තත්,කරපු යුද්ධය සමිබනධයෙන් අදින්ඩ හදන කේස් නතර කරනවද???? නිකන් මෝඩ තර්ක දාන්ඩ එපා :P:P:P

    ෆොන්සේකා වගේ ඇමරිකාවේ ලණු කාපු එකෙක් වෙනුවෙන් ඇමරිකාව මොකක් හරි කරන්ඩ ඔනේ තමයි.සුද්ද සතුටු කරන්ඩ සුදුකොඩිකතා කියපු,සුද්ද සතුටු කරන්ඩ සමිබන්ධන් එක්ක හොර ගිවසුමි ගහපු,සුද්ද සතුටු කරන්ඩ යුද්ධයට බ‍යේ චිනට පැනපු සුද්දගේ කුක්ක වෙන්වෙන්,ඇමරිකාව ඔයවගේ සිනි බෝල කතාවක්වත් නොකියුවනමි තමයි පුදුම වෙන්ඩ ඔනේ.සුද්දට ඔනෙ ඔනෙ විදිහට නටන එවුන්ට සුද්ද ගොඩක් කැමතියි,:P සුද්දගෙ කටු ලොවන එවුන්,වෙනුවෙන් දේශපාලන සිරකුරැ සමිමානය විතරක් නෙමෙයි,ඊට වැඩිය දේවලුත් දෙනව.:P:lol::lol:
    සුද්දගෙ කටුලොවන්ඩ බලාගෙන ඉන්න කුක්ක‍ගෙ,කුක්කන්ට ඔක මැජික් වෙන්ඩ පුලුවන්,ඒත් මතක තියා ගනින් ඇමරිකාව කියන්නෙ මුලු ලෝකයම නෙමේ කියල.ඇමරිකාවත් දන ගහන බලවතුන් දැනටමත් ලෝකේ ඉන්නව :):):yes:
     
    Last edited:
    • Like
    Reactions: mcwolfe

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    ඔතන් අනිත් එක තමයි හැම රටටම තමුන්ගේ permanent interests තියෙනවා. international relationships වල තිඑනවා නේ "there are no permanent friends or enemies but permanent national interests කියල? ඇමෙරිකාවටත්, china වලටත්, russia වලටත්, ඉන්දියාවටත් එහෙමයි. අපි, අපිට වැඩ powerful රටවල් එක්ක ගනුදෙනු කරනකොට අපේ ඉන්ටෙරෙස්ට්ස් ඒගොල්ලන්ගේ ඉන්ටෙරෙස්ට්ස් වලට සමාන නම් අපිට ගොඩක් වාසිය් . කොටින්ම කියනවා නම් ඇමෙරිකාවේ, ලංකාවේ ඉන්ටෙරෙස්ට් වලට support කරන lobbyist group එකක් අපිට තියෙනවා නම් ( LTTE එකට තිබ්බ වගේ) අපිට ගොඩක් ලේසිය් . ඒ උනත් අපිට එක කරගන්න බහ, අපේ ඉන්න මැටි මෝල් diplomats ල ටිකත් එක්ක. උන් ටික බලන්නේ ඉන තරඟ කල් ලංකාවේ සල්ලි වලින් party දාන විතරයි

    හොඳයි දැන් හිතමු Russia and China අපිට‍ මේකෙදි support කරයි කියල? වැඩිය කෑ ගහන්න ඕන නැහැ ඒ ගොල්ලෝ අපිට support කරන්නේ අපිට තියෙන ආදරේට නෙවෙයි, ඒගොල්ලන්ගේ influence එකට අපිව නතු කර ගන්න. ගොඩක් දෙනාට එක තේරෙන්නේ නෑ
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    සුද්දට ඔනෙ ඔනෙ විදිහට නටන එවුන්ට සුද්ද ගොඩක් කැමතියි,:P සුද්දගෙ කටු ලොවන එවුන්

    ඒ වගේම තමයි චීනේට ඕන විදිහට නටන එවුන්ට චීන්නු ගොඩක් කැමතියි
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    සුද්දගෙ කටුලොවන්ඩ බලාගෙන ඉන්න කුක්ක‍ගෙ,කුක්කන්ට ඔක මැජික් වෙන්ඩ පුලුවන්,ඒත් මතක තියා ගනින් ඇමරිකාව කියන්නෙ මුලු ලෝකයම නෙමේ කියල.ඇමරිකාවත් දන ගහන බලවතුන් දැනටමත් ලෝකේ ඉන්නව :):):yes:

    ඔය ගේ worldview එක හරි සරලයි නේ? මේක නිකන් දෙකේ පන්තියේ වගේ " අනේ දැන් එයට වැඩිය මෙය powerful :) එක හින්ද අපි මෙයටයි කැමති".... :) :) ලෝකේ power balance එක ඊට වැඩ ගොඩක් complicated
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොඳයි දැන් හිතමු Russia and China අපිට‍ මේකෙදි support කරයි කියල? වැඩිය කෑ ගහන්න ඕන නැහැ ඒ ගොල්ලෝ අපිට support කරන්නේ අපිට තියෙන ආදරේට නෙවෙයි, ඒගොල්ලන්ගේ influence එකට අපිව නතු කර ගන්න. ගොඩක් දෙනාට එක තේරෙන්නේ නෑ

    දැන් මෙතනිදි අපි බලන්ඩ ඔනේ වචනයකින්වත් අපිට යුද්ධය සදහා උදවු නොකරපු රටවල් දිහා නෙමෙයි නේද? අපිට උදවු කරපු රටවල් දිහා.රැසියාව සහ චිනය ඇත්තටම බැලුවොත් සමාජවාදි ක්‍රමයක් පවතින සහ පැවතුනු රටවල් දෙකක්. ඒක හින්ද ඒ රටවල් ඇමරිකාව වගේ සුරගෙන,වවාගෙන කරන්ඩ හදන රටවල් නෙමෙයි.ලෝකේ ‍කිසිම තැනක ඒකට උදාහරන නැ.
    ඒත් ඇමරිකාවවගේ බටහිර රටවල්වල කෙරැවාව ලෝකේ කොහෙ බැලුවත් දැකගන්ඩ පුලුවන්.අපි ඔනෙම දෙයක් දිහා බලන්නෙ සාපෙක්ෂවනේ,ඒක හින්ද ඔක ගැනත් සාපේක්ෂව බලල සුබවාදිව හිතමු. :yes: මොකද කවර දාකවත් සුබවාදිව ඇමරිකාව දිහා බලන්ඩ බැ,කොටියට උදවුකරන එවුන් ගැන කවර කතාද?
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    මොකද කවර දාකවත් සුබවාදිව ඇමරිකාව දිහා බලන්ඩ බැ

    එක ඇත්ත ඒ උනාට ඔය කියන තරම් යකා කළු නැහැ. America වල LTTE එක තහනම් සංවිධානයක් කලේ නැත්තම් අපිට LTTE එක පරද්දන ඔයිට වැඩ ගොඩක් අමාරු වෙන්න තිබුන.


    http://en.wikipedia.org/wiki/Liberation_Tigers_of_Tamil_Eelam#Proscription_as_a_terrorist_group
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ වගේම තමයි චීනේට ඕන විදිහට නටන එවුන්ට චීන්නු ගොඩක් කැමතියි

    යුද්ධෙ කාලෙ ගැන ගත්තොත් අපි චිනෙට ඔනේ විදිහට නැටුවද,නැත්නමි චිනේ අපිට ඔනේ විදිහට නැටුවද??? මම නමි හිතන්නෙ චිනේ අපිට ඔනේ විදිහටයි නැටුවෙ.නැත්නමි නිෂේධ බලය පාවිචිචි කරන්නෙ නැනේ.ඒක "එක පැත්තකින්" බුලපුවාව අපිට ඔනේ විදිහට නැටිල්ලක් තමයි.මොකද චිනේ,රැසියාවේ නිෂේධ බලය අපිටයි ඔනේ වෙලා තිබේබ,චිනේ රැසියා‍වේ ආයුධත් අපිටයි ඔනේ වෙලා තිබිබෙ.ඇමරිකාවවගේ කොටියගෙ කුක්කො, එපා කියද්දි තමයි ඒවා අපිට ලැබුනෙ.ඔය රටවල් දෙක නැත්නමි අදටත් කොටිය ඉන්නව,යුද්ධය වෙනුවෙන් ඒ රටවල් කරපු දේ අපි කිසිම වෙලාවක අමතක හෝ හැල්ලු නොකල යුතුයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    එක ඇත්ත ඒ උනාට ඔය කියන තරම් යකා කළු නැහැ. America වල LTTE එක තහනම් සංවිධානයක් කලේ නැත්තම් අපිට LTTE එක පරද්දන ඔයිට වැඩ ගොඩක් අමාරු වෙන්න තිබුන.


    http://en.wikipedia.org/wiki/Liberation_Tigers_of_Tamil_Eelam#Proscription_as_a_terrorist_group

    කොටියව තහනමි කරාට ඇති වැඩක් නැ,කොටියට අයුධ දෙනවනමි.කොටියව තහනමි කරාට ඇති වැඩක් නැ,කොටියට වැරැද්ධව අපි සටන් කරද්දි අපේ රටට සමිබාධක දාන්ඩ හදනවනමි.කොටියව තහනමි කරාට ඇති වැඩක් නැ,යුද්ධය අවසාන වෙලා මහ කොටියව මරන්ඩ යද්දි ඒකව බේර ගන්ඩ හෙලිකොප්ටර් එවන්ඩ හැදුවනමි.කොටියව තහනමි කරාට ඇති වැඩක් නැ,කොටි සංවිධානය සුනුවිසුනු උනාට පස්සෙ ඒ‍කේදි නොකරපු සුදුකොඩි සින්වලට නඩු දාන්ඩ හදනවනමි.කොටියව තහනමි කරාට ඇති වැඩක් නැ,දෙමල ඩයස්පෝරාවට වැඩෙන්ඩ ඉඩදිල බලන් ඉන්නවනමි.
    නමට දාන තහනමෙන් මොන මගුලක් කරන්නද ????? සැබැවටම ක්‍රියාත්මක් වන තහනමයි වැදගත් වෙන්නෙ.පොතේ ලියුවට ඇති වැඩක් නැ ක්‍රියාත්මක වෙන්නෙ නැත්නමි.:angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈත්ත කාතාව ඔය එක එක මහින්දට පස්ස පෑත්ත දික්කරන එවුන් කෑගෑහුවට උනුත් දන්නව... ඈත්ත මොකක්ද කියල...
    හෑබෑයි ශවේද්‍ර කියන්නෙ අපි ඔක්කොම ගරු කරන කෙනෙක් එතුමාට උන දේ ගෑන දුක්වෙනව...

    මට පේන විදිහට මුලු ලෝකෙම පාටන් අරන් තියන ජන අරගල මේ පින් බිමටත් තවත් වෑඩිකාලයක් නොගිහින් එයි.. අනේ දේයියනේ.. මේ පින් රට අවුරුදු 30ක්ම දුක් වින්දා.. ලේවලින් පෙගුනා.. තව පාරක් ඒ වගේ උගයක්නම් එපා...

    මගේ මව් බිම තවත් සිරියාවක්, මාලදිවයිනක්, ග්‍රීසියක් නම් කරන්න එපා.... එහෙම වෙන්න දෙන්නත් එපා..
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    මගුලක් කතාකරනවා , ජිනීවා වලදී හිකවුනොත් හිකවෙන්නේ ලංකාවට , ආණ්ඩුවට විතරක් නෙවේ. එකටත් උඩ පැනපල්ලා .
     
    • Like
    Reactions: sriboysl

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගුලක් කතාකරනවා , ජිනීවා වලදී හිකවුනොත් හිකවෙන්නේ ලංකාවට , ආණ්ඩුවට විතරක් නෙවේ. එකටත් උඩ පැනපල්ලා .

    :yes::yes::yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    1839683939Feb-24-L.jpg


    :lol::P
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    මගුලක් කතාකරනවා , ජිනීවා වලදී හිකවුනොත් හිකවෙන්නේ ලංකාවට , ආණ්ඩුවට විතරක් නෙවේ. එකටත් උඩ පැනපල්ලා .


    දැන් වැරදිලාවත් මානව හිමිකම් කඩ කරනවා කියල ඒ ගොල්ලෝ resoution එක pass කර ගත්තොත්? එතකොට මොනවද වෙන්නේ? අපිට සම්භාදක දායිද?


    ඔකේ අනික් පැත්තත් ඊට වැඩ අදාලයි. ආණ්ඩුව කරන පිස්සු වැඩ හින්ද අහක ඉන්න අහිංසක මිනිස්සුන්ට තමයි අන්තිමට අමාරුවේ වැටෙන්නේ