ආණ්ඩුව අතහැර බන්දුල ගුනවර්ධනත් යයි
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පස්වරුවේ විදෙස් ගතවූ බව වාර්තාවේ.
රාජපක්ෂ ආණ්ඩුවේ පවතින දේශපාලනික බිඳ වැටීම හේතුවෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍ය වරයා පසුගිය කාලය තුල දැඩි කලකිරීමට පත්ව සිටි අතර මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කන්ඩායම ඉවත්ව යාමත් සමග දැඩි නිහඩ පිලිවෙතක් අනුගමනය කලේය.
අදහසක් ප‍්‍රකාශ නොකොට රටින් බැහැරව ගිය අමාත්‍ය වරයා නැවත ලංකාවට පැමිණෙන දිනයක් සඳහන් කර නැත. රාජපක්ෂ ආණ්ඩුවේ ජේශ්ඨතම අමාත්‍ය වරයෙකු වන ගුනවර්ධන මහතා ආණ්ඩවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන්නේදැයි මෙතෙක් ප‍්‍රකාශ කර නැත. එහෙත් ඔහු බරපතල දේශපාලන තීරණයක් ගැනීමේ අරමුණින් රට හැර ගිය බවට වාර්තා පලවෙමින් ඇත.
- December 3, 2014 LankaHerald
බන්දුල රට පැනීමට සැරසේ
2014 දෙසැම්බර් 02 වෙනි අඟහරුවාදා, 18:55
අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා හදිසියේ විදේශගත වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව අනාවරණය වේ. මෙසේ විදේශගත වීමේ අරමුණ කුමක් දැයි මේ වනවිට හෙළිවී නැත.
අතිශය තීරණාත්මක මැතිවරණයක් පැවැත්වීමට ආසන්නයේ ඇමතිවරයාගේ මෙම විදේශගත වීම බරපතල ගැටලුවක් බව මහින්ද පිලේ ඇමතිවරුන් අතර සාකච්ඡා කෙරෙමින් තිබෙන බව අනාවරණය වේ.
මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කතාකළ ප්‍රමුඛ පෙළේ ඇමතිවරුන් අතර අධ්‍යාපන ඇමතිවරයාද සිටියේය. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාසැල් සිසුන්ගේ මව්පියන් තම මැතිවරණ කාර්යාලයට හෝ පාසලෙන් බාහිර වෙනත් ස්ථාන වෙත කැඳවමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියේය.
එහෙත් පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමත් සමඟ දැඩි කැළඹීමකට පත් වූ ඇමතිවරුන් අතර බන්දුල ගුණවර්ධන ඇමතිවරයාද සිටි බව හෙළිවී තිබේ
- LankaTruth