ආණ්ඩුව අය වැය ජය ගනී..!
ශ්රීලනිප සහ පොහොට්ටුවේ බෙදීම් තීව්ර කරමින් ආණ්ඩුව අය වැය ජය ගනී..! 'මෙය හුදු ආදායම් වියදම් ප්රකාශයක් නොවේ' - විවාදය අවසන් කරමින් මුදල් ඇමැති කියයි..!
අයවැය අවසන්වර කියවීම අද (5) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 45 කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ද විපක්ෂව ඡන්ද 74 ක් ද ලැබිණ. ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡන්දය ප්රකාශ කළ අතර ඡන්දය විමසන අවස්ථාවේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරු පිරිසක් සභාවට පැමිණ සිටියේ නැත. අය වැයට විපක්ෂව ඡන්දය නොදෙන්නේ නම් ශ්රීලනිප සහ පොහොට්ටුව අතර සාම සාකච්ඡා බිඳ වැටෙන බව පොහොට්ටුවෝ අනතුරු අඟවා තිබුණාහ.
අය වැය විවාදය අවසන් කරමින් මුදල් ඇමැති මංගල පින්සිරි සමරවීර කීවේ මෙය හුදු ආදායම් වියදම් ප්රකාශයක් නොවන අතර එහි වෙනත් වටිනාකම් ගැබ්වෙලා තිබෙන බවයි.

Last edited: