ආණ්ඩුව පෙරලනවා - චම්පික
ජනාධිපති චීනය සමග ගිවිසුමක් අත්සන් කර නොරොච්චෝලේ අයිතිය දෙන්න යනවා. මෙය ආණ්ඩුව පෙරළීමට හේතුවේවි - ඇමැති චම්පික
නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 900 ක් නිපදවූවත් එය කොළඹට ගෙන ඒමට හැකියාවක් නැහැ... මෙගාවොට් 900 ක පුත්තලම ලක්විජය බලාගාරය (නොරොච්චෝල බලාගාරය) පාලනය සඳහා චීනයට ලබාදීමට සූදානම් බවත් සැප්තැම්බර් 16 වන දා චීන ජනාධිපතිතුමා ලංකාවට පැමිණිමෙන් පසු මේ සම්බන්ධව රාජ්‍යන් දෙක අතර ගිවිසුමකට එළඹීමට නියමිත බවත් මේ දිනවල කතාබහට ලක්වේ. මෙය එක්තරා ආකාරයක දේශපාලනමය කාරණයක් වන බවත් රටේ පවතින විදුලි ඉල්ලූමෙන් 60 % ක බලශක්තිය සැපයිය හැකි නොරොච්චෝල බලාගාරයේ අයිතිය සහ පාලනය විදේශිකයන් සතුවන්නේ නම් එය ලංකාවේ බලශක්ති අනාගතයට මරු පහරක් වන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටී.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (14) කොළඹ මූලික අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේ පැවති ලබලශක්ති මාෆියාව සහ ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අභියෝගල සාකච්ඡාව ආරම්භ කරමිනි. කල්පිටිය නොරොච්චෝල ප්‍රදේශයේ මූලික ශක්‍යතා අධ්‍යයනයකින් පසු නොරොච්චෝල ගල් අ`ගුරු බලාගාරය ඉදිකිරීමට යෝජනා වූ අතර එහිදී මූලික අඩුපාඩු දෙකක් සිදු වී තිඛෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එනම් අවුරුද්දේ මාස 06 - 08 ක් පමණ කාලයක් මුහුද රළුවීම නිසා ගල් අඟුරු ගොඩබෑමට හැකියාවක් නොමැතිවීම හා එම කලාපයේ මුහුදේ ගැඹුර අඩුවීම නිසා ප්‍රමාණවත් ජැටියක් නිර්මාණය කිරීම අපහසුවයි.
දවසේ පැය 24ම, දවස් 7 ම ක්‍රියාත්මක වන්නේ නම් නොරොච්චෝල බලාගාරයේ නිපදවෙන මෙගාවොට් 900 ක බලශක්ති ධාරිතාව ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 60% ක් සපුරාලිය හැකිය. 60% ක් බලශක්තිය සැපයිය හැකි බලාගාරයේ අයිතිය සහ පාලනය විදේශිකයන් සතුවන්නේ නම් එය ලංකාවේ බලශක්ති අනාගතයට මරු පහරක් වන අතර බලශක්ති සුරක්ෂිතතාවට ගැටළුවකි. දේශපාලනිකව රාජ්‍ය බලය පෙරළීමට පවා මෙය හේතුවිය හැකි අතර රටේ බලශක්ති සුරක්ෂිතතාවට වග කියන මෙවැනි විශාල බලාගාරයක් විදේශිකයන් සතුනොවිය යුතු බවත් අතර එය රටේ බලශක්ති ස්වෛරීත්වය පවරාදීමක් වන බවත් අමාත්‍යවරයා පේනවා දෙයි. බලාගාරයේ අඩුපාඩු පවතින්නේ නම් එය අප නිවැරදි කරගත යුතු අතර විදුලිබල මණ්ඩලය විසින් කාර්යක්ෂමව බලාගාරය පාලනය කළ යුතුය. ඉදිරි දශකයේ ලංකාවේ විදුලි සුරක්ෂිතතාවයේ ප්‍රධාන යතුර නොරොච්චෝල බලාගාරයයි.
බලශක්ති මාෆියාවන් ශ්‍රී ලංකාව තුළ ප්‍රබල ලෙසම ක්‍රියාත්මක වෙමින් සිටින අතර ජලාශවල ජල ප්‍රමාණය අඩුවන විට, විදුලිය නිපදවීම පහළ වැටෙන විට මෙම පිරිස් ක්‍රියාත්මක වෙති. කණගාටුවට කරුණ නම් මෙය පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ බලාගාරවලද ක්‍රියාත්මක වීමයි. මෙම පිරිස සුළු පිරිසක් වුවද ඔවුන්ගේ බලය අසීමාන්තික බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය. ඉදිරියේදී මෙම බලශක්ති හි`ගය ප්‍රබලවම උද්ගත වන අතර අදවන විට කොළඹ නගරයේ පමණක් මහා පරිමාණයේ හෝටල් සහ ගොඩනැගිලි 40 කට ආසන්න පමාණයක් ඉදිවෙමින් පවතී. මෙම ගොඩනැගිලි සඳහා ඉදිරියේදී ජලය සහ විදුලිය සැපයීමේ ප්‍රබල ගැටළුවකට මුහුණදීමට සිදුවනු ඇත. එහිදී පුද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමට සිදුවන අතර එය අධික මිලක් දැරීමට සිදුවන කටයුත්තක් වනු ඇත.
අද යථාර්ථය නම් නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 900 ම නිපදවූවත් එම විදුලි බලය කොළඹට ගෙන ඒමට නොහැක. එයට හේතුව සම්ප්‍රේෂණ පද්ධතියේ ධාරිතාව මෙගාවොට් 900 ක ධාරිතාවක් ගෙන ඒමට තරම් ප්‍රමාණවත් නොවීමයි. එමෙන්ම මෙම මෙගාවොට් 900 ක ධාරිතාව නිපදවීම සඳහා අවශ්‍ය ගල් අ`ගුරු ගොඩබෑමට ජැටියේ ධාරිතාව ප්‍රමාණවත් නොවේ. සමනල වැව, කොත්මලේ වැනි ව්‍යාපෘති වලදීද මෙවැනි ගැටළු ගණනාවක් සිදුව තිබේ. මෙය සැළසුම්කරණයේ සිදුවූ ප්‍රධාන අඩුපාඩු හා ප්‍රශ්න වන අතර මෙම වැරදිවලට කිසිවෙකුට දඬුවම් ලබාදී නොමැත. එය ප්‍රබල ප්‍රශ්නයකි. තවදුරටත් මෙවැනි දෑ සිදුනොවීමට ඉඩනොදී මේ සියල්ලගෙන් අප දැන්වත් පාඩමක් ඉගෙනගත යුතුව තිබේ.
අපේ රටට තාක්ෂණික විගනණයක් කිරීමට ක්‍රමවේදයක් නොමැත. සිදුකෙරෙනුයේ මූල්‍ය විගනණයක් පමණි. ස්වාධීන ආයතනයකින් කෙරෙන තාක්ෂණික විගණනයක් නැත. බලගතු තාක්ෂණ විගණන කමිටුවක් අපට අවශ්‍යව තිබේ. මේ රට ඉදිරියට යාමට නම් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දඬුවම් දීමේ බලය සහිත දූෂණ වංචා මැඩලීමට හැකි ආයතනයක් රටට අවශ්‍ය බවත් රටකට ප්‍රාග්ධනය තිබුණු පමණින්, ආර්ථීකය දියුණු වූ පමණින් ඉදිරියට යා නොහැකි අතර රටේ විශ්වාසයක් ගොඩනැගිය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
Gossip lanka