ආණ්ඩුව මාලුත් විකුණන්න ඕනද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මාළුත් විකුණන ශ්‍රී ලංකාවේ රජය.....

    මාළු විකුණන එකත් ලංකාවේ රජය හා එය මෙහෙයවන ආණ්ඩුව විසින් කරන එක වැඩක්. ලංකා ධීවර සංස්ථාව කියන්නේ ඔය වැඩේට හදලා තියෙන රාජ්‍ය ආයතනය. ලංකාවේ රජය විසින් මාළු විකුණන හින්දමද මන්දා මිනිස්සුත් ඔය වැඩේට ගැලපෙන අයව රජය මෙහෙයවන්න තෝරලා යවනවා. ඒ නිසාම සමහර වෙලාවට නෙමෙයි ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුවත් මාළු කඩේ වගේ. වැඩේ කියන්නේ එහෙම මිනිස්සු ඉඳලත්, රජයට අඩු ගාණේ මාළු විකුණන වැඩේවත් හරියට කර ගන්න බැරි එක. ඒකෙනුත් පාඩුයි!

    👉පසුගිය 2021 වසරේදී ලංකා ධීවර සංස්ථාවේ පාඩුව රුපියල් මිලියන 63ක්.

    ලංකාවේ ආණ්ඩුව මාළු විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් විකුණනවා. කජු විකුණන්න හදලා තියෙන රාජ්‍ය ආයතනය කජු සංස්ථාව. මාළු විකුණන වැඩෙන් පාඩු වුනාට කජු විකුණන වැඩෙන් ඒ විදිහට පාඩු වෙලා නැහැ. පසුගිය 2021 වසරේදී කජු සංස්ථාව රුපියල් මිලියන 16ක ලාබයක් ලබලා තියෙනවා.

    හැම රාජ්‍ය ආයතනයක්ම ධීවර සංස්ථාව වගේ පාඩු ලබන්නේ නැහැ. සමහර ආයතන කජු සංස්ථාව වගේ ලාබ ලබනවා. එහෙමනම් වැරැද්ද රාජ්‍ය ආයතන වලට හරි මිනිස්සු දමලා නැතිකමද?

    සමහර විට හරි මිනිස්සු ඔය තැන් වලට වැටුනොත් පාඩු නැති කරලා ලාබ උපයන්න පුළුවන්. එහෙම වෙන්න විදිහක් නැහැ කියලා කියන්න පුළුවන්කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ එහෙම හරි මිනිස්සු ඇවිත් ලාබ උපයා දෙන එක ගැන කිසිම සහතිකයක් නැතිකම. මාළු විකුණන වැඩේ කරන්න මිනිස්සු රටේ ඕනෑ තරම් ඉඳිද්දී ඒ වැඩේ රජයට බාර දීලා ඊට පස්සේ වැඩේට හරියන මිනිස්සු හොයන අලුත් ප්‍රශ්නයක් හදා ගන්න ඕනෑද?

    හැම රාජ්‍ය ආයතනයක්ම හැම අවුරුද්දකම පාඩු ලබන්නේ නැහැ තමයි. සමහර ආයතන එක දිගට පාඩු ලබනවා. තව ඒවා අතරින් පතර ලාබ ලබනවා. ඔය අතර කාලයක් එක දිගට ලාබ ලබන ආයතනත් තියෙනවා. හැබැයි මේ ලාබ කියා පෙන්වන ලාබත් ඇත්තටම ලාබ නෙමෙයි. ගොඩක් වෙලාවට බදු ගෙවන්නාගේ පැත්තෙන් බැලුවහම ඒ ලාබ ලබන ආයතන බොහොමයක්ම පාඩු ලබන ආයතන.

    අපි උදාහරණයක් විදිහට කජු සංස්ථාව ගනිමු. කජු සංස්ථාවේ 2021 ලාබය රුපියල් මිලියන 16ක් බව කලින් කිවුවනේ. නමුත්, ඔය ලාබය ගන්න කජු සංස්ථාවේ හිර කරලා තිබෙන ප්‍රාග්ධනය රුපියල් මිලියන 427ක්. ඔහොම හිර කරලා තියන්න ලංකාවේ රජයට අතිරික්ත ප්‍රාග්ධනයක් නැහැනේ. රජයේ ප්‍රාග්ධනය කියන්නේ ණයට ගත්ත සල්ලි. ඒ සල්ලි වලට වාර්ෂිකව පොලී ගෙවිය යුතුයි.

    මේ දවස් වල පොලිය 30% පමණ මට්ටමකනේ. ඒ කියන්නේ රුපියල් මිලියන 427ක් වසරක් හිර කර තියන්න රුපියල් මිලියන 128ක වියදමක් යනවා. දැන් තිබෙන 30% පොලිය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකලා 10%ක පොලියක් සලකමු. ඒත් රුපියල් මිලියන 43ක්. නමුත් කජු සංස්ථාවේ ලාබය රුපියල් මිලියන 16ක් පමණයි. යට කරපු සල්ලි වල පොලී වියදමවත් ලැබෙන්නේ රුපියල් මිලියන 43ක ලාබයක් ලැබුණොත් පමණයි.

    රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් කෙළින්ම පාඩු ලබනවා. ඒවා පාඩුයි කියන එක කාටත් පැහැදිලියිනේ. නමුත් ඔය ලාබ ලබන රාජ්‍ය ආයතන වලින් වැඩි හරියකුත් ඇත්තටම බැලුවොත් පාඩු ලබන ඒවා බව ගොඩක් අයට එකවර පැහැදිලිව පේන දෙයක් නෙමෙයි. අපි හිතමු කජු සංස්ථාවේ යට කරලා තියෙන ප්‍රාග්ධනය මොන විදිහකින් හෝ ද්‍රවශීල කරලා (මෙය කළ හැකි එකම ක්‍රමය නොවුණත් ගොඩක් අයට තේරෙන බාසාවෙන් කජු සංස්ථාව විකුණලා කියා කියමු) ඔය රුපියල් මිලියන 427 එළියට අරගෙන රජය අලුතෙන් ගන්න ණය වලින් ඔය ප්‍රමාණය අඩු කර ගන්නවා කියන්නේ මේ වෙලාවේනම් වසරකට රුපියල් මිලියන 128ක ඉතිරියක්. නමුත් කජු සංස්ථාව තියාගෙන ඉන්න එකෙන් ලැබෙන්නේ රුපියල් මිලියන 16ක් පමණයි.

    පහත ලැයිස්තුවේ තිබෙන්නේ 2021දී ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක ලාබ හෝ අලාබ. ඔය ලාබ වලින් ගොඩක් කජු සංස්ථාවේ ලාබ වගේ තමයි. ප්‍රතිලාභ අනුපාතය දිහා බැලුවොත් ඇත්තටම ඔය පේන ලාබය ලාබයක් නෙමෙයි. ඒ නිසාම සහ තවත් හේතු නිසා ලාබ වලට අනුපාතිකව රජයට ආදායම් ලැබෙන්නේ නැහැ.

    රාජ්‍ය ආයතන අතරින් වුනත් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන වල කැපී පෙනෙන වෙනසක් තිබෙනවා. කිසිසේත්ම පට්ට කාර්යක්ෂමයි කියා කියන්න පුළුවන්කමක් නැතත්, පහත ආයතන සියල්ලම 2021 වසරේදී ලාබ ලබා තිබෙනවා. අනෙක් ඇතැම් රාජ්‍ය ආයතන වලට සාපේක්ෂව මේ ආයතන කාර්යක්ෂමයි. වෙනත් හේතුත් තිබෙනවා.

    ලංකා බැංකුව - රුපියල් මිලියන 43,190

    මහජන බැංකුව - රුපියල් මිලියන 30,387

    ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රුපියල් මිලියන 28,555

    රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව - රුපියල් මිලියන 845

    නිවාස සංවර්ධන හා මූල්‍ය සංස්ථා බැංකුව - රුපියල් මිලියන 1,267

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - රුපියල් මිලියන 2,651

    සේවා නියුක්තයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය - රුපියල් මිලියන 33,159

    සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 11,725

    ජාතික රක්ෂණ භාරකාර අරමුදල - රුපියල් මිලියන 5,936

    ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 310

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය - රුපියල් මිලියන 1,780

    රාජ්‍ය ආයතන අතරින් වුනත් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන වල වෙනසක් තිබීම අහම්බයක් නෙමෙයි. එක හේතුවක් වන්නේ මේ ආයතන පාලනය කරන හා ආයතන වල සේවය කරන අයගේ පුහුණුවේ වෙනස. ආයතනයක් ලාබ ලැබිය යුත්තේ ඇයි කියන එක ගැන අවබෝධයක් තිබෙන අය මේ ගොඩේ වැඩියි. දෙවන හා ප්‍රධානම කාරණය මේ අංශ සෑහෙන තරමකට ප්‍රතිනියාමනය වී තිබීම හා ඒ නිසාම වෙළඳපොළ තරඟයට මුහුණ දෙන්න සිදු වී තිබීම. වැඩි විස්තර බැංකු ක්ෂේත්‍රය ගැනම කතා කරන වෙනම ලිපියක කතා කරමු.

    බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ තත්ත්වය මෙහෙම වුනත් විදුලිබල, බලශක්ති වැනි වෙනත් ක්ෂේත්‍ර වල දැකිය හැක්කේ කිසිම තරඟයක් නැති රාජ්‍ය ඒකාධිකාරයක්. මේ කරුණ බැහැර කරලා එම ආයතන පාඩු ලබන්නේ කළමණාකරණයේ වැරදි නිසා පමණක් කියලා කියන්න බැහැ. කළමණාකරණයේ වැරදි වුනත් ඒ විදිහට සිද්ධ වෙන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් පවතින සන්දර්භය ඇතුළේ. ලැයිස්තුවට නැවත යමු. පාඩු ලබන ආයතන අතර ඉංජිනේරු වෘත්තියට සම්බන්ධ කාර්යයන් කරන ආයතන වල භූමිකාව ගැනත් පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න.

    ලංකා විදුලිබල මණ්ඩලය - රුපියල් මිලියන (-21,450)

    ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව - රුපියල් මිලියන (-82,208)

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය - රුපියල් මිලියන 25,601

    ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය - රුපියල් මිලියන (-2,996)

    සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම - රුපියල් මිලියන (-755)

    සීමාසහිත ශ්‍රීලන්කන් එයාලයින් සමාගම - රුපියල් මිලියන (-170,751)

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය - රුපියල් මිලියන (-3,143)

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව - රුපියල් මිලියන (-1,020)

    ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය - රුපියල් මිලියන 250

    රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 43

    ඉහත ආයතන වල තීරණ ගන්නා අය සුදුසුකම් නැති අයද? ඒ පත්වීම් දේශපාලන පත්වීම්මද? ඒ අයට විධිමත් ලෙස ලැබෙන වෘත්තීය පුහුණුව එක්කම අවිධිමත් ලෙස ලැබෙන දේශපාලනික පුහුණුව මොන වගේ එකක්ද?

    සීමාසහිත මිල්කෝ (පුද්ගලික) සමාගම - රුපියල් මිලියන 330

    ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය - රුපියල් මිලියන 158

    ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව - රුපියල් මිලියන (-232)

    ජනතා වතු සංවර්ධන මණ්ඩලය - රුපියල් මිලියන (-481)

    සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම - රුපියල් මිලියන 468

    සීමාසහිත හලාවත වැවිලි සමාගම - රුපියල් මිලියන 511

    සීමාසහිත කළුබෝවිටියන තේ කර්මාන්ත ශාලාව - රුපියල් මිලියන (-15)

    ශ්‍රී ලංකා කජු සංස්ථාව - රුපියල් මිලියන 16

    සීමාසහිත ලංකා ඛණිජවැලි සමාගම - රුපියල් මිලියන 1,205

    සීමාසහිත ලංකා පොස්පේට් සමාගම - රුපියල් මිලියන 117

    සීමාසහිත කහටගහ ගැරෆයිට් ලංකා සමාගම - රුපියල් මිලියන 4

    සංවර්ධන ලොතරැයි මණ්ඩලය - රුපියල් මිලියන 2,954

    ජාතික ලොතරැයි මණ්ඩලය - රුපියල් මිලියන 1,003

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව - රුපියල් මිලියන 1,238

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව - රුපියල් මිලියන (-21)

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 3,157

    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල - රුපියල් මිලියන (-258)

    සීමාසහිත ස්වාධීන රූපවාහිණී ජාලය - රුපියල් මිලියන (-344)

    ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව - රුපියල් මිලියන (-224)

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - රුපියල් මිලියන 9

    ලක්සල - රුපියල් මිලියන (-35)

    රාජ්‍ය දැව සංස්ථාව - රුපියල් මිලියන 1,236

    ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 63

    සීමාසහිත ලංකා සතොස සමාගම - රුපියල් මිලියන (-880)

    රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන (-208)

    ලංකා ධීවර සංස්ථාව - රුපියල් මිලියන (-63)

    ලංකා ධීවර වරාය නිෂ්පාදන නීතිගත සංස්ථාව - රුපියල් මිලියන (-140)

    සීමාසහිත ලංකා පොහොර සමාගම - රුපියල් මිලියන 124

    සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම - රුපියල් මිලියන 260

    සීමාසහිත හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම - රුපියල් මිලියන (-947)

    සීමාසහිත ලංකා සීනි සමාගම - රුපියල් මිලියන 1,577

    ඉහත ආයතන 52හි ලාබ අලාබ වල ශුද්ධ එකතුව - රුපියල් මිලියන (-86,042)
    රජ්
    වසර තුළ තෙල් සංස්ථාවේ, විදුලිබල මණ්ඩලයේ හා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අලාබය පමණක් රුපියල් බිලියන 274 ඉක්මවනවා. මෙම මුදල 2021 වසර තුළ සමාගම් වලින් හා පුද්ගලයින්ගෙන් එකතු කළ මුළු ආදායම් බදු ප්‍රමාණයටත් වඩා වැඩියි.

    Copied from #ඉකොනොමැට්ටා

    #පැතූනොමික්ස්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මේකට පැතුම් මොකද කියලා තියෙන්නේ?

     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    Jagoda ponz nam mata penna ba
    Kata thalenna gahanna hethenawa dakkama
    හැබැයි ඔතන කියන කතාව නම් ඇත්ත. මේ forum එකේවත් නිකමට හරි ආණ්ඩුවට වරදක් කියන්න බෑ මේ පනත ආවොත්. ඒ විතරක් නෙවෙයි personal arrears අල්ලන්න පුළුවන් හිතේ හැටියට. ඔක්කෝම අනාථ වෙන පනතක්.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    හැබැයි ඔතන කියන කතාව නම් ඇත්ත. මේ forum එකේවත් නිකමට හරි ආණ්ඩුවට වරදක් කියන්න බෑ මේ පනත ආවොත්. ඒ විතරක් නෙවෙයි personal arrears අල්ලන්න පුළුවන් හිතේ හැටියට. ඔක්කෝම අනාථ වෙන පනතක්.
    Ow uu aththa logical dewal kianawa... eth ultra socialist uttawal nisa okawa penna ba mata
     
    • Like
    Reactions: B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    හැබැයි ඔතන කියන කතාව නම් ඇත්ත. මේ forum එකේවත් නිකමට හරි ආණ්ඩුවට වරදක් කියන්න බෑ මේ පනත ආවොත්. ඒ විතරක් නෙවෙයි personal arrears අල්ලන්න පුළුවන් හිතේ හැටියට. ඔක්කෝම අනාථ වෙන පනතක්.
    එහෙම වෙන්නේ නෑ බන්.
    රටේ ප්‍රශ්න හදල , ඒවා වැඩි කරල ඒවා වලින ජිවත් වෙන උන් ටිකක් ඉන්නව. උන් කියන කතා ඇත්ත වගේම හිතන්න එපා.
     
    • Like
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    එහෙම වෙන්නේ නෑ බන්.
    රටේ ප්‍රශ්න හදල , ඒවා වැඩි කරල ඒවා වලින ජිවත් වෙන උන් ටිකක් ඉන්නව. උන් කියන කතා ඇත්ත වගේම හිතන්න එපා.
    Leeches.. prashna nattam pawathmak naha
     
    • Like
    Reactions: dilann

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    එහෙම වෙන්නේ නෑ බන්.
    රටේ ප්‍රශ්න හදල , ඒවා වැඩි කරල ඒවා වලින ජිවත් වෙන උන් ටිකක් ඉන්නව. උන් කියන කතා ඇත්ත වගේම හිතන්න එපා.
    වෙන්න පුළුවන් මේක මෙයාලගේ තියෙන සත්භාවයක් නොවෙන්නත් පුළුවන්. ඒත් මේ පනත නම් සෑහෙන අවුල්. කිසිම දෙයක් ආණ්ඩුවට විරුද්ධව කියන්න බෑ උතුරු කොරියාව , චීනේ වගේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    වෙන්න පුළුවන් මේක මෙයාලගේ තියෙන සත්භාවයක් නොවෙන්නත් පුළුවන්. ඒත් මේ පනත නම් සෑහෙන අවුල්. කිසිම දෙයක් ආණ්ඩුවට විරුද්ධව කියන්න බෑ උතුරු කොරියාව , චීනේ වගේ.
    මම කිව්වේ අර මුන් ගැනම නෙවෙයි .. ඔය youtube සෙට් එක ගැන.. තරිදු කියන එකත් අදාලයි.
    තමන්ගේ පුදලික කැමැත්ත , අකමැත්ත ට මිනිස්සු අවුස්සන්න ඕන නෑ .

    මම දැක්ක අන්තරේ උන් ටිකක් යාපනේ ගිහින් ත්‍රස්ත පනත ගැන දේශනා කරනවා.
    උන්ට යාපනේ ගිහින් දෙමල උන් අවුස්සලා හරි උන්ගේ දේ කරගන්න ඕනේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    ලෝකෙ ඔක්කොම ව්‍යාපාර කරන්නේ ආන්ඩු වලින් තමය්. ඔච්චර නිදහස් වෙළඳපොල පික්කො උඩ දාන් නටන ඇමෙරිකාව බැංකු කාරයො කෙලෝ ගත්තම ආණ්ඩුවෙන් නෙමෙය්ද බේරගන්නේ.

    රටක ආණ්ඩුව ඒ රටේ ව්‍යාපාර කරන්නෙ නෑ කියන්නෙ වෙන රටක ආණ්ඩුවක් ඒක කරනව කියන එක. ලංකාව වගේ පොඩි රටවල් වලට වෙන්නෙ ඉන්දියාවෙන්, ඇමෙරිකාවෙන් ගන්න එක. එතකොට රටේ ඉන්න උන්ට කොහොමත් හුලන්. අනිත් එක ආණ්ඩුවට අයිති ආයතනයක ලාබ පාඩු බලන්න වෙනම formula ඕනෙ. උදාහරනකෙට දුම්රිය වගේ ඒවයින් ලංකාවෙ logistic, work force වලට වෙන contribution calculate කරන්නෙ නැතුව නිකන් balance sheet එක බලල පාඩු කියන එක වැරදි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මම කිව්වේ අර මුන් ගැනම නෙවෙයි .. ඔය youtube සෙට් එක ගැන.. තරිදු කියන එකත් අදාලයි.
    තමන්ගේ පුදලික කැමැත්ත , අකමැත්ත ට මිනිස්සු අවුස්සන්න ඕන නෑ .

    මම දැක්ක අන්තරේ උන් ටිකක් යාපනේ ගිහින් ත්‍රස්ත පනත ගැන දේශනා කරනවා.
    උන්ට යාපනේ ගිහින් දෙමල උන් අවුස්සලා හරි උන්ගේ දේ කරගන්න ඕනේ.
    හැබැයි ඉතිං අහිංසක මිනිස්සුත් නිකං චෝදනා නැතිව ඉන්නවා නේද ? ඔය icrp , prevention of terrorism වගේ ඒවා අවභාවිතා කියලා .
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකට පැතුම් මොකද කියලා තියෙන්නේ?


    මෙයා කියනවනේ නිදහස් සෞඛ්යයි නිදහස් අධ්‍යාපනයයි විකුනන්න යන්නේ කියලා. ප්‍රශ්නේ අපි ඒව භුක්ති විඳිනව නම් අපි ඒවට සම්මාදම් වෙන්න ඔනෙ. බදු කියන්නේ ඒවට. නිදහස් අධ්‍යපානයෙන් ඉගෙන ගෙන ලක්ෂයක් පඩි ගත්තම 1200ක් ගෙවන්න හූල්ලනවා​