නව කිරිපිටි මිල ගණන්
October 8, 2021 11:16 amපාලන මිල ඉවත් කිරීමත් සමඟ ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්රකාශයට පත්කර තිබේ.
ඒ අනුව කිරිපිටි කිලෝග්රෑමයක් රුපියල් 350කින් සහ ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් ලෙස මිල ඉහළ දැමීමට මේ වන විට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසුවේය.
මේ හේතුවෙන් ආනයනික කිරිපිටි කිලෝග්රෑමයක් රුපියල් 1,300ක උපරිම මිලකට සහ ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520ක උපරිමයකට අලෙවි කිරිමට නියමිත අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත් මුදල් අමාත්යංශය විසින් යම් බදු පැනවීමක් සිදුකළ හොත් එම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ලක්ෂ්මන් වීරසුරිය මහතා කියාසිටියේය.

