සෑම පැයකදීම ආසාදිතයින් 5ක් මියයන තත්ත්වයක් - සෞඛ්‍ය අංශ
August 11, 2021 06:12 pm
සෑම පැයකටම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 05 දෙනෙකු මියයන තත්ත්වයක් මේ වනවිට රටතුළ නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
එහි උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පෙන්වාදෙන්නේ දෛනිකව වාර්තාවන ආසාදිතයින් මෙන් කිහිපගුණයකින් වැඩිපිරිසක් සමාජය තුළ සිටිය හැකි බවය.
මේ අතර ගැබිනි මව්වරුන් 19 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
මේ අතර, ලැබී ඇති දත්තවලට අනුව හෙද කාර්යය මණ්ඩලයේ 1,000ක පමණ පිරිසක් කොවිඩ් වෛරසයේ ආසාදිතයින් බවට පත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
#හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක් #මාර වැඩේ ලංකාවට උනේ #විශ්වය පුරා විහිදී ගියා