ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මැතිදුන්ගේ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් කරන උපුටා ගැනීමකි.
2008-2015 ස්වර්ණමය යුගය ගැන නොදන්න අයට සහ අමතක වුණු අයට නැවතත් ඒ යුගය අත්විඳින්නට මං පෙත් විවර කරමින් අනිද්දා බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඒමට නියමිතයි. මුලින්ම එතුමට ගෞරවයක් විදියට කියන්න ඕන එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොරක්.
සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙක් යම් රටක දේශපාලනය කරනකොට රටේ ව්‍යවස්ථාවට අනුව තමන් සුදුසුකම් හදාගන්න වෙනවනෙ.ඒ වෙනුවට ව්‍යවස්ථාව තමන්ට ඕන විදියට හදාගන්නවා කියන්නෙ පොරක්. උදාහරණයකින් කිව්වොත් අපි විභාගයකට ලෑස්ති වෙනකොට සිලබස් එකේ තියෙන දේවල් පාඩම් කරලා කොතනින් ඇහුවත් උත්තර ලියන්න පුළුවන් විදියට අපි ලෑස්ති වෙන්න එපැයි. එහෙම නැතුව අපි පාඩම් කරලා තියෙන ටිකෙන් විතරක් ප්‍රශ්න පත්තරය හදවගන්න අපිට පුළුවන් නම් අන්න අපි පොරක් වෙන්න ඕන.
ඉතින් එහෙම බැලුවම බැසිල් ඇත්තටම පොරක්.
දැන් මේ බැසිලාගමනය ගැන පුද්ගලිකව මම නම් ඉතාම උද්‍යෝගයෙන් සහ කැමැත්තෙන් ඉන්නෙ. ඒකට හේතු කිහිපයක් තියෙනව. අර මේ දවස්වල Viral වෙලා තියෙන අපේ ආදරණීය සීතා අරඹෙපොළ ඇමතිතුමිය වේදිකාවක අඬන Video එකක් තියෙනවනෙ. අර "සක්වල ගල කම්පිත කරගෙන,දෙපළු කරගෙන දුටුගැමුණු රජු වගේ ගෝඨාභයට වඩින්න" කියන එක. ඉතින් එතුමිය බලාපොරොත්තු වුණු විදියටම ගල කම්පනය කරගෙන විශාල ශබ්දයකුත් එක්කම ගෝඨාභය ජනාධිපතිතුමා ආවනෙ. දුටු ගැමුණුව හම්බුණ එකේ කෝකිලා මන්ත්‍රීතුමිය කිව්වා වගේ අපිට අඩුවට තිබුණේ දුටුගැමුණු යුද්ධෙ කරනකොට ඒ වෙනකොට ජීවතුන් අතරවත් හිටපු නැති "කාවන්තිස්ස" ආර්ථිකය හැදුවා වගේ ආර්ථිකය හදන්න ඕන කරන කාවන්තිස්ස රජතුමාව.
නාමල් රාජපක්ෂ අපේ තරුණ ඇමතිතුමත් කියලා තිබුණා ත්‍රීවිල් එකේ රෝද 3 සම්පූර්ණ වෙන්න බැසිල් රාජපක්ෂ මහත්තයත් ඕන. එතකොට තමයි හොඳටම කරන්න පුළුවන් වෙන්නෙ කියලා. ඒ කියන්නෙ එතුමත් පිළිගන්නවා බැසිල් බාප්පි නැතුව තමන්ගෙ තාත්තිගෙයි පොඩි බාප්පිගෙයි ආණ්ඩුව නිකන් එක රෝදයක් නැතුව කොට උඩ තියෙන පරණ ලදරං ත්‍රීවිල් කට්ටක් වගේ කියලා. මොනා වුණත් තරුණ දේශපාලකයෙක් විදියට එතුමගෙ ඒ අවංකකමට අපි ගරු කරන්න ඕන. නාමල්, මේ මල් මිට ඔබට.
මේ රට හදන්න ඕන කරන දේවල් පිළිවෙලට ගත්තොත් ඒකට අවශ්‍ය කරලා තිබුණු දේවල් List එකක් තිබ්බා. ජනාධිපතිධූරය ඒකට ඕන වුණා. අගමැතිකමට අයියව ඕන වුණා.ඊට පස්සෙ පාර්ලිමේන්තුවේ 2/3ක් ඕන වුණා.ඊට පස්සෙ ඔක්කොම බලතල ටික ජනාධිපතිට දීපු 20 වන සංශෝධනය ඕන වුණා. ඊට පස්සෙ ජනාධිපති ආරක්ෂක ලේකම් කාලෙ එතුමව අධීක්ෂණය කරපු දුමින්ද සිල්වා මැතිතුමාව ඕන වුණා. මාස 19ක් ගිහිල්ලා හරි දැන් ඒ සියලු දේවල් හරි. අඩුවකට තිබුණේ මොළ 7ක් තියෙන බැසිල් රාජපක්ෂ මැතිතුමා විතරයි.
පොහොට්ටු මන්ත්‍රීවරු දෙවියන්ගෙන් පවා ඉල්ලුවේ බැසිල් රාජපක්ෂයන් පාර්ලිමේන්තුවට එවන්නට එතුමාගේ සිත වෙනස් කර දෙන ලෙසය. අවසානයේ ඒ දේව කන්නලව් වල ප්‍රථිඵලයක් ලෙස සියළු ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු මල්පලගන්වමින් අනිද්දට එතුමත් පාර්ලිමේන්තුවට පැමිණෙනවා. එතකොට ඔවුන්ට මේ රට හදන්න ඕන කරපු සියළුම දේවල් ටික සම්පූර්ණ වෙනවා. දැන් ඉතින් අපිට තියෙන්නෙ මේම මේම රට හැදෙන හැටි බලන් ඉන්න විතරයි.
අනිද්දා ඉඳන් එළඹෙන ඒ නව යුගයට සුබ පැතුම්..!!!
ආයු රක්ඛංතු ආවඩා
චිරං ජයතු යුවරජුනි.
ජය ජය වේ..!!!