ඔය ඩොකා කියන්නෙ මේ බේත ගැන. අද මව්බිමේ පිටු බාගයක් මේකෙ ඇඩ් එක. පත්තරේ interview එකේ කොහෙවත් මේක ඖෂධයක් කියලා නොකියන්න මේ සෙට් එක ප්‍රවේසම් වෙනවා. මොකද මේක ඖෂධයක් විදියට ලියාපදිංචි කරලා නැති හන්දා. ඖෂධයක් විදියට ලියාපදිංචි කලොත් සායනික පරීක්ෂණ කරලා හොරේ එළි වෙන නිසා මේක ආහාර අතිරේක supplement කියන කැටගරි එකේ ලියාපදිංචි කරන්නෙ.
උඹ කිව්වනේ ඖෂධ මාෆියාව ගැන හින්ට් පේනවා කියලා . මේ තියෙන්නෙත් ඖෂධ මාෆියාව තමා ගොඩක් ලෝකයේ ඉන්න බටහිර වෛද්‍යවරු supplement business එකට දැන් බැහැලා ඉන්නෙ. ඇඟට කිසිම වැඩක් නැති දේවල් media වලට ඇවිල්ල දොස්තරකම් ඉස්ස්රහට දාල විකුණනවා. ඔය උදේ වරුවේ tv එකේ යන ඉඩ වෙන් වෙන්නෙ මේවට තමා. supplement business එක බිලියන් ගාණක එකක්.
ඔය කියන තරම් ඕක වැඩ නම් සායනික පරීක්ෂණ වලට දෙන්න තිබ්බනේ ධම්මික පැනිය වගේ. ධම්මිකයා මෝඩයා හින්දා අවසර දුන්න. මුන් ඉගෙන ගත්ත උන් නිසා දන්නවා අන්තිමට මොක්ක්ද වෙන්නෙ කියලා. ඒ හන්දා ඔය පාරෙ යන්නෙ නෑ.
මචං කොරෝනා හොර බේත් හොයන හොඳම විදිය තමා immunity booster ප්‍රතිශක්තිය වර්ධනය කියන වචනේ. එහෙම දෙයක් කරන්න බෑ. හොඳ කෑම වේලක්, හොඳ නින්ද, මානසික සුවය තමා ප්‍රතිශක්තිය උපරිම කරන විදි. උපරිම කරනවා කියන්නෙ පහලට ගිහිල්ල තිබ්බොත් ප්රශස්ත මට්ටමට ගන්නවා කියන එක. ඔය immunity booster වචනේ තේරුම මුන්ගෙන් අහන්නෙ නැත්තෙ අපරාදෙ
බටහිර වෛද්‍ය නම් කියන්න පුලුවන් වෙන්න එපාය මැකෑනිසම් එකත් එක්ක..ඔක්කොම හොර බෙහෙත් කාරයො කොරෝනා වලට බේත් මාකට් ප්‍රතිශක්ති වර්ධක කියලා.
View attachment 123085
