ආණ්ඩුව සයිටම් පිළි ගනී

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ආණ්ඩුව සයිටම් පිළි ගනී

    ආණ්ඩුව සයිටම් පිළි ගනී


    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (saitam) රාජ්‍ය සහ පෞද්ගලික සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු ඊයේ (21) එකඟතවයට පැමිණියහ. රජයේ විශ්ව විද්‍යාල 07 ක වෛද්‍ය පිඨාධිපතිවරුන් මේ එකඟතාවයට පැමිණියේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ උදෑසන පැවැත්වූ සාකච්ඡාවේදීය.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විශ්විද්‍යාල 07 ක වෛද්‍ය පිඨාධිපතිවරු හා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සාකච්ඡාවට සහභාගී වුහ.

    රජයේ පූර්ණ මැදිහත්විම යටතේ රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව සහිත ආයතනයක් ලෙස මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යාමට වෛද්‍ය පිඨාධිපතිවරු එම සාකච්ඡාවේදි පූර්ණ එකඟත්වයට පැමිණියහ.

    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉහත ආකාරයට රජය සමඟ සම්බන්ධවීමේ දී නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලද එවැනි ක්‍රමවේදයක් යටතට පත් කිරිමට ඉහත සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කෙරින.

    උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලත් විශ්ව විද්‍යාල 07 ක පිඨාධිපතිවරුත් අතර පැවැති සාකච්ඡාවේදි ඇති කර ගත් එකඟතාවය ඊයේ දහවල්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැනුම්දීමට ද පියවර ගැනින.




    http://www.lankanewsline.com/%E0%B6%91%E0%B7%83%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80-%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92-%E0%B6%9C%E0%B6%B1%E0%B7%93-%E0%B7%80%E0%B7%9B.html
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ වුනාට එස්එල්එම්සී එක සහ ජීඑම්ඕඒ එක දිගටම සටන ගෙනියනවා......
    කිරිඇල්ල කියන්නැහේ ඕන ගොනෙකුට පුළුවන් නේ පිළිගන්න.....