ආණ්ඩුව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කුණාටු සහිත තත්වයට ගොදුරු වූ ධීවරයින් 14දෙනකු මරණයට පත්ව සිටින බවත් 36දෙනකු අතුරුදහන් වී ඇති බවත් ධීවර නියෝජ්‍ය ඇමතිවරයා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් පවසයි. තුවාල ලැබූ ධීවරයින් ගණන 24කි.

    fish.jpg


    මීට අමතරව ධීවර බෝට්ටු 37ක් පිළිබඳව තොරතුරක් නැති බවද නියෝජ්‍ය ඇමතිවරයා පවසා තිබේ.

    මෙවැනි සුළි සුළං තත්වයක් උද්ගත වන බව ඇමරිකාව විසින් කලින් අනතුරු අඟවා තිබුණත් ලංකාවේ බලධාරීන් ඒ පිළිබඳව ධීවරයින් වෙත නිසි දැනුම්දීමක් කර නොතිබිණි. එවැනි පූර්ව ක‍්‍රියාමාර්ග නොගත් ආණ්ඩුව දැන් මිය ගිය ධීවරයින් ගණන ගණන් කරමින් සිටින බවට ධීවරයෝ චෝදනා කරති.
     
    • Like
    Reactions: Mr.Truth

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සුනාමියෙන් පස්සේ ආණ්ඩුව තියා කව්රුවත් ඇහැ ඇරලා බැලුවද හදිසි අපදා තත්වයකට මුණ දෙන්න, රට වටේ කුළුණු ගැහුවට මොකද ඒවා වැඩ කරනවද කියල බලනවද, මේ ආයතන නිකන් නාස්ති විතරයි, බු විද්‍යා පතල් කියයි කාලගුණ කියයි, මොනවා උනත් මේ වගේ දේවල් ගැන මොන අය අවත හොයන්නේ නෑ, ගොඩක් දේවල් ටික කලකින් අමතක වෙන නිසා මේකත් වතුරට ගහගෙන යාවි. කාගේ වැරැද්ද උනත් අන්තිමේදී අහිංසක ජිවිත වන්දි ගෙවනවා විතරයි.