මට නම් වාහන ගන්න අදහසක් තිබ්බෙ නෑ. ඒත් unp එකේ යළි පුබුදමු ශ්‍රී ලංකා එකේ තිබ්බ ඒවා අඩු කරපු බඩු දෙක තුනක් අස්සෙ ගහලා එළියට එද්දි පොඩි අපුළක් දැනෙනවා. අය වැයේ හොද දේකට මම දකින්නෙ අධ්‍යාපනයට සල්ලි ටිකක් වැඩියෙන් වෙන් කරපු එක. ඒ ඇරෙන්න ගමේ මිනිහගෙ ආර්ථිකේ උඩට ගන්න, දේශීය කර්මාන්ත ටික උඩට ගන්න , රාජ්‍ය සේවය ශක්තිමත් කරලා උඩට ගන්න කිසිම දෙයක් මේකෙ නෑ.
ඇත්තට අදයාපනෙට සල්ලි වෙන්කරේ අපිට ආදරේටනේ
අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 දක්වා අනුක්රමිකව පහත හෙලීමෙන් අනතුරුව මෙම ඉහල දැමීම සිදු විය. ලබන වසරේදී අධ්‍යාපන වියදම් හතර ගුනයකින් ඉහල නංවන බවට ආන්ඩුවේ ඇමතිවරු කයිවාරු ගැසූහ. අඩු පහසුකම් ගැන විරෝධය පල කරන විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන් අතර පවතින කෝපය වෙනතකට හැරවීම මෙම ඉහල දැමීමේ අරමුනයි.






