ආණ්ඩුව_වැටෙයිද ?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ok :D



මේ උඩ පනින බයියන්ට අමතක වෙලා මහින්ද 60% කින් විදුලි බිල වැඩිකරපු හැටි එහෙම ... කොත්තමල්ලි කිලෝ එකට රු300ක බද්දක් ගහල ලැම්බොගිනි බදු වලින් නිදහස් කරපු හැටි ... ඒ වගෙම මේකත් අමතක වෙලා යයි :lol:
ඇයි බලු කෑම බළළ් කෑම. ඒ කාලෙ බයියො කෑවෙ ඒවනෙ :lol:

 

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Mahinda-Budget-4.jpg
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!:dull:


    Kawda bn panina 3n dena....
     
    මට නම් වාහන ගන්න අදහසක් තිබ්බෙ නෑ. ඒත් unp එකේ යළි පුබුදමු ශ්‍රී ලංකා එකේ තිබ්බ ඒවා අඩු කරපු බඩු දෙක තුනක් අස්සෙ ගහලා එළියට එද්දි පොඩි අපුළක් දැනෙනවා. අය වැයේ හොද දේකට මම දකින්නෙ අධ්‍යාපනයට සල්ලි ටිකක් වැඩියෙන් වෙන් කරපු එක. ඒ ඇරෙන්න ගමේ මිනිහගෙ ආර්ථිකේ උඩට ගන්න, දේශීය කර්මාන්ත ටික උඩට ගන්න , රාජ්‍ය සේවය ශක්තිමත් කරලා උඩට ගන්න කිසිම දෙයක් මේකෙ නෑ.

    2014 ලංකාවේ GDP එක රුපියල් බිලියන 9000ක් විතර.

    ඒ කාලෙ බජට් එකේ අධ්යාෙපනයට වෙන් කරලා තියෙන්නේ GDP එකේ ප්ර තිශතයක් විදියට 1.9%යි. ඒ කියන්නේ බිලියන 170යි.

    මේ පාර අයවැයේ අධ්යා්පනයට වෙන් කරලා තියෙන්නේ බිලියන 90ක් විතර. රවියා කියන විදියට ඒක GDP estimate එකෙන් 5.41%ක්.

    එහෙම බැලුවම 2016 estimated GDP එක බිලියන 1663 යි. ඒ කියන්නෙ 2014 ඉදන් බැලුවම ආර්ථිකය හැකිළෙනවා 80% කින් විතර!!!

    එක්කො අපිට පිස්සු නැත්තං මුන්ට පිස්සු. මූ නං බොරු කෙළින්ටම උපන් එකෙක්. මේ වගේ පට්ටපල් බොරු සංඛ්යා!ෙල්ඛන තියෙන අයවැයක් ලෝකෙම නැතුව ඇති. අපේ යහපාලන බබාලත් ඉතිං ආඩම්බරෙන් කියනවා අධ්යාරපනේට 6% දීලලු. අම්මප මුන්ට දෙන අධ්යා පනේට වඩා හොදයි ඒ සල්ලිවලින් කෙහෙල් හිටෙව්වනං. ඇත්තටම වෙලා තියෙන්නේ මහින්දගේ කාලෙට වඩා අධ්යා පනයට වෙන්කරන මුදල සෑහෙන්ඩ කප්පාදු කරලා තියෙන එක. අනේ ඉතිං අර ෆුටා කාරයෝ ටික කොයි?
     
    හදුන්නෙත්ති මහතාගේ අයවැය කතාව පහතින් නැරඹිය හැකිය. >>https://web.facebook.com/SriAvTvNet...


    පහුගිය කාලයේ හදුන්නෙත්තිි මහතාව වර්ණනා කරපු එජාප සහ ජවිපෙ පාක්ෂිකයනුත් හදුන්නෙත්ති මහතාගේ අයවැයේ කතාවට ඇහුන්කන් දෙයි කියා හිතනවා. හදුන්නෙත්ති මහතා කියන ආකාරයට මෙරට මූල්‍ය ක්ෂේත්‍රය මේ ආණ්ඩුව විසින් තනිකරම විවෘත කිරීම නිසා (deregulate කිරීම නිසා) රටේ ආර්ථිකය අස්ථාවර වෙලා ග්‍රීසියේ, ආජන්ටිනාවේ හෝ යුක්රේනයේ උනා වගේ එකවර දැවැන්ත කඩාවැටීමකට ආර්ථිකය ලක් වෙන්ඩ ඉඩ තියෙනවා. ඊට පෙර යම් වර්ධනයක් (බබල් එකක්) එයි. ඒත් ඒක තාවකාලිකයි සහ නොමග යවන සුළුයි. රුපියල විශාල ලෙස කඩා වැටිලා උද්ධමනය ඉහළ ගිහින් විරැකියාව වැඩි වෙලා රජය බංකොලොත් වෙලා බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටෙන තත්වයක් ඇති වෙන්ඩ ඉඩ තියෙනවා. මෙය කොරහේ කිඹුල්ලු දැකීමක් ලෙස කියන අයට කීමට ඇත්තේ ගෝල්ඩක් කී ආයතනයේ වැරදි මූල්‍ය ප්‍රතිපත්ති නිසා බංකොලොත් වූ වෙලාවේ සෙලින්කෝ ව්‍යාපාරයට සම්බන්ධ ද ෆිනෑන්ස්, සෙලාන් බැංකුව වගේ ආයතන වැටිලා මුළු බැංකු පද්ධතියම කඩා වැටෙන්ඩ ගිය වෙලාවේ මහ බැංකුව මැදිහත් වෙලා මූල්‍ය වෙළදපොල පාලනය නොකරන්නට මුළු බැංකු පද්ධතියම සහ ආර්ථිකයම අර්බුදයකට යන්ඩ ඉඩ තිබූ බවයි. සම්පූර්ණයෙන්ම විනිමය සහ මූල්‍ය වෙළදපොල විවෘත කරපු තත්වයක් තුල මහ බැංකුවට එවැනි මැදිහත්වීමක් කරන්ඩ ඇති ඉඩකඩ අවම වෙනවා.

    මා නම් හිතන්නේ මේ තත්වය මහ බැංකුවේ ඉන්න ඉකොනොමික් හිට්මෑන් විසින් රනිල්, රවී වගේ සෘජු බටහිර ඒජන්තයන්ගේ අනුග්‍රහය පිට හිතාමතාම ඇති කරන බවයි. ප්‍රතිඵලය IMF වගේ ආයතන හරහා එන තමන්ගේ ස්වාමිවරුන්ට මෙරට ආර්ථිකය සහ සම්පත් අයිති කරගන්ඩ අවස්ථාව පෑදෙන එක සහ ලංකාවෙ ජනතාව සදාකාලික ආර්ථික වහල්භාවයට පත් වීම. ආණ්ඩුවක් බංකොලොත් වෙන්ඩ යනකොට IMF එක කරන්නේ ණය දීලා බේරගන්ඩ නං (bail-out plan) රටේ සම්පත් පවරාදෙන්ඩ සහ අඩු මිලට විකුණන්ඩ (fire sale) බල කරන එක සහ අනෙක් පැත්තෙන් ටැක්ස් වැඩි කරන්ඩ සහ ආණ්ඩුවේ වියදම් කපා හරින්ඩ (austerity measures) බල කරන එක. මේකෙන් මිනිස්සුන්ගේ පාරිභෝජන හැකියාව අඩුවෙලා ආර්ථිකය තවත් සංකෝචනය වෙලා තවත් ආණ්ඩුවේ ආදායම් අඩු වෙනවා. ප්‍රතිඵලය කලින් ගත් ණය ගෙවා ගන්ඩ තව තවත් ණය ගන්ඩ සිදුවිම. මේක විෂම චක්‍රයක්. මෙයින් ගොඩ ඒමක් නෑ. IMF එක හරහා ආර්ථික යටත්විජිතවාදය ක්‍රියාත්මක වෙන එක ප්‍රධානම ක්‍රමයක් තමයි මේක. යුක්රේනය, ග්‍රීසිය වැනි රටවල අද වෙන්නේ ඒක. එක පැත්තකින් නම වෙනස් කරපු සීපා ගිවිසුම සහ හනුමා පාලම හරහා ඉන්දීය ආර්ථික යටත්විජිතවාදයට ලංකාව ගොදුරු කරන රනිල් ආණ්ඩුව අනෙක් පැත්තෙන් නව ලිබරල් ප්‍රතිපත්ති හරහා බටහිර ආර්ථික යටත්විජිතවාදයට ලංකාව සෘජුවම ගොදුරු කරනවා.

    මේ වගේ වෙලාවක පුද්ගලික මට්ටමින් කරන්ඩ පුළුවන් එක දෙයක් තමයි තමන්ගේ ඉතුරුම්වලින් යම් ප්‍රමාණයක් හෝ රත්‍රං වලට කන්වර්ට් කර ගැනීම. ඉඩම්, වාහන වැනි ආයෝජනවලත් වටිනාකම රටේ මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව මත ගොඩක් රදාපවතිනවා. නමුත් රත්‍රං වලට ඇති පිළිගැනීම නැති වන්නේ නෑ. ආර්ථික කඩාවැටීමකින් පස්සේ ආපහු අළු ගසා දාලා නැගිටිනකොට තමන්ට යම් වත්කමත් ඉතුරු වෙලා තියෙයි ආරම්භයක් ගන්ඩ (මේ ආණ්ඩුව බලපත්‍ර හරහා තෝරාගත් ධනවතුන් 50 දෙනෙකුට රත්තරං ආනයනය කිරීමේ ඒකාධිකාරය පැවරීමත් ප්‍රශ්නයක්. ආර්ථික අර්බුදයකදී සහ ඉන් ගොඩ ඒමේදී මේ පිරිසට ලොකු වාසියක් ලැබෙනවා). නැත්තං වෙන්නේ තමන්ගේ ඉතුරුම් සියල්ල වාෂ්ප වෙලා පාරට වැටෙන එක. අනෙක් කරන්ඩ පුළුවන් දේ තමයි හැකිතාක් ස්වයංපෝෂිත ජීවන රටාවකට පුරුදු වෙන එක. මේක නගරවල මිනිස්සුන්ට කරන්ඩ අමාරු උනත් ගම්වල මිනිස්සුන්ට කරන්ඩ පුළුවන්. එයින් තමන්ට මේකෙන් වෙන ඉම්පැක්ට් එක අඩු කරගත හැකියි.

    කඩා වැටීමකින් පස්සේ නැවත ආර්ථිකයක් ගොඩනගන්ඩ රටක් ඉතුරු වෙලා තියෙයිද කියන එකත් ප්‍රශ්නයක්. මොකද අනෙක් පැත්තෙන් දෙමළ බෙදුම්වාදය ඉස්සරහට දාගෙන එන බටහිර/ඉන්දීය දේශපාලනික යටත්විජිතවාදයත් අපි බලාපොරොත්තු වූ පරිදිම රනිල් ආණ්ඩුව යටතේ උපරිමව ක්‍රියාත්මක වෙන නිසා. දෙමළ ඊළම දකුණු ආසියාවේ ඊශ්‍රායලය සහ ලංකාව දකුණු ආසියාවේ පලස්තීනය වෙන අනතුර ඉතාම සැබෑ අනතුරක් ලෙස අපි ඉදිරියේ තියෙනවා. 2001 වගේම මේ රනිල් ආණ්ඩුවෙත් බටහිර/ඉන්දීය දේශපාලන සහ ආර්ථික යටත්විජිතවාදි සංරචක දෙකම ඉතාම වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් එල්ටිටීඊ වගේ සන්නද්ධ හමුදාවක් රටේ නැති නිසා ගොඩක් දෙනෙක්ට ඒක එච්චර දැනෙන්නේ නෑ අවසාන ප්‍රතිඵල එනකං. බොහෝ විට ඉදිරියේදී මේ සංරචක දෙක එකතු වෙලා එකට ක්‍රියා කරන්ඩත් පුළුවන්. සංස්කෘතික යටත්විජිතවාදය කොහොමත් තියෙනවානේ.


    දේශපාලන අස්ථාවරත්වය මතු වෙන්ඩ පුළුවන් තවත් පැත්තක් තමා නැවත සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති වෙන එක. මේ ගැන සැක ඇති වෙන කාරණාවත් තමයි ලංකාව ස්විස් බැංකුවල ඇති කලු සල්ලි බාධාවකින් තොරව මෙරට ආයෝජනය කරන්ඩ අවසර දුන් පසු මෙරටට සල්ලි පොම්ප කරපු අය අතර ලෝකෙම වහාබ්වාදයට සහ ජිහාඩ්කාරයන්ට ෆන්ඩ් කරන (ඇමරිකානු එක්සත් ජනපදයේ මැදපෙරදිග චක්ගෝලයෝ දෙන්නා වන) සවුදි අරාබියේ සහ කටාරයේ පුරවැසියන් සිටීම (http://www.news.lk/news/business/it...). මේ අයට අවශ්‍යනම් මේ එවන සල්ලිවලින් අයිසිස් වගේ කල්ලියක් හදලා යම් බෞද්ධ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් ටිකක් කරන්ඩ පුළුවන්. මේ අතරතුර පිරිසක් ආපහු සමාජ ජාල හරහා බොදුබල සේනා පන්නයේ මුස්ලිම් විරෝධී ෆැසිස්ට්වාදයක් මතු කරන ගතියකුත් පේනවා. මේ නිසා සමහර විට නැවතත් සිංහල මුස්ලිම් ගැටුමක් හදලා දකුණේ අර්බුදයක් ඇති කරන්ඩත් ඉඩ තියෙනවා උතුරු සහ නැගෙනහිර දෙමළ බෙදුම්වාදයට සමගාමීව. මේ ගැනත් අවධානයෙන් ඉන්න එක වැදගත්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Today news valata kiwwa, Internet Bill vadi venne nathilu, samagamen vitharalu aya kara ganne.
     
    Today news valata kiwwa, Internet Bill vadi venne nathilu, samagamen vitharalu aya kara ganne.

    ඔව් සමාගම එතනින් නවත්තනවාලු...

    දැන් උඹට විදේශිකයින්ට මේ රටේ ඉඩම් සිමාවක් තොරව ගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නෙමෙයිද?

    යකෝ අරාබි කාරයෝ සල්ලි දාලා හම්බ කොලනි හදයි...මොලේ නැ තොපිට
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    grama sewa wasam hama ekata million 1500 gane denawalu.. yako lankawe okkoma gramasewa wasam walata 1500 gane dennama trillion ganak yanawa.. lol
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    Me budget eke mahaa loku prashnayak na. Mokada mee budget eken wechha dewal meeta kalin budget waladith api ath dakala thiyena hinda. kalin budget walata wadaa meka wenas wenne giya aandu wage naya aragena nathi eka witharai. Ethakota adyaapaneta wen karapu wadi pura gaanenuth niyama widihata prayojanayak gaththoth rata me widihata tika kaalayak duwala goda ena track ekata daa ganna puluwan wei.. godak denekta thiyena duka thamange pudgalika prathilaaba walata kelawichcha eka. Oka tika dawasakin amathka wela yai :lol:

    නය ද.දේ.නි 72% කියන එක හොදයි බන්
    ගොඩක් අය රට ණය අරන් වැඩි වැඩි කීවට හරියට දන්නේ නතුව කියවන්නේ
    2001 කාලේ 102% මහින්ද 2010 පටන් ගන්න කොට 85% ද කොහෙද 2015 වෙද්දී 72%
    ඒ කියන්නේ ඉතාමත් හොද මට්ටමක් බන්
    උබ ඔය දරා ගන්න බැරි තරම් ණය අරන් ණය අරන් කියල කියවන්නේ මහ බැංකු වාර්තා බලලා අධ්‍යනයක් කරලා නෙමේනේ ඔහේ කියන්නම් වාලේ නේ කියවන්නේ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,142
    113

    ඔව් සමාගම එතනින් නවත්තනවාලු...

    දැන් උඹට විදේශිකයින්ට මේ රටේ ඉඩම් සිමාවක් තොරව ගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නෙමෙයිද?

    යකෝ අරාබි කාරයෝ සල්ලි දාලා හම්බ කොලනි හදයි...මොලේ නැ තොපිට

    Lease karanna witharai ban puluwan.government ekata lease agreement cancel karanna puluwan