ආතතිය ඔබේ ජිවිතයට

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ආතතිය ඔබේ ජිවිතයට

    ආතතිය මිනිස් ජිවිතයේ සාමාන්‍ය කරුණක් ලෙස සැලකිය හැකි අතර යම්තාක් දුරකට ආතතිය ඔබේ ජිවිතයට යහපත් අන්දමින් බලපානවා යැයි ද කිව හැක. මේ නිසා ඔබේ සිරුර භෞතිකව, මානසිකව හා භාවාත්මක ලෙස ආතතියට ක්‍රියාකාරිව ප්‍රතිචාර දක්වනවා. එමගින් ඔබව නිරතුරුවම ශක්තිමත් කරමින් උනන්දු කරනවා වගේම ඔබේ ක්‍රියාකාරිත්වයත් වැඩි දියුණු කරනවා. අධික ලෙස ආතතියට ලක්වීම ඔබේ සිරුරට වගේම මනසටත් ඉතාම අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. ඇත්ත වශයෙන්ම ආතතිය මගින් ඔබේ ජිවිතයට ගෙන දෙන යහපත් බලපෑම සහ අයහපත් බලපෑම වෙන්වන සීමාව ඉතා තුනී රේඛාවක් වැනියි. ඒ කියන්නේ ඕනෑම මොහොතක ආතතිය මගින් යහපත් බලපෑමක් මෙන්ම අයහපත් බලපෑමක් ද විය හැකියි.

    ඉතා බරපතල හා දිගු කලක් පවතින ආතතිය සෑම ආකාරයකින්ම ඔබේ සෞඛ්‍යයට ගෙනදෙන්නේ අයහපත් බලපෑමක්. ඔබට දැනෙන ආතතියේ ප්‍රමාණය කොපමණද යන්න පමණක් නොව ඔබ ආතතීය තත්වයන්ට මුහුණදෙන හා ප්‍රතිචාර දක්වන ආකාරය අනුවත් ඔබට මුහුණදීමට වන සෞඛ්‍යමය ගැටළු කවරාකාරද යන්න තීරණය වෙනවා.

    ආතතිය මගින් ඔබේ සිරුරට හා මනසට සිදුවන හානිකර තත්වයන් කිහිපයක්,


    1. හිසරදය ඇතිවීම

    ඉතා කුඩා හිසරදයක් මිග්‍රේන් තත්වයක් දක්වා වර්ධනය කිරීමට ආතතියට හැකියාව පවතිනවා. මෙය සිදු වන්නේ ආතතීය අවස්ථාවන්හිදී ඔබේ සිරුරෙන් නිකුත් වන ආවේගකාරී රසායනික සංයෝගයන් වන adrenaline (epinephrine) සහ cortisol වැනි සංයෝග නිසයි. ඒ වගේම එමගින් ඔබේ පේශි තදකරමින් ඔබේ වේදනාව තවත් වැඩි කරනවා.
    මෙම හිසරදයන්ගේ වඩාත් බහුල තත්වය වනුයේ හිස දෙපැත්තේම පවතින නොනවතින වේදනාවයි. බොහෝදුරට මෙම ආතතීය හිසරදයන් ඇතිවන්නේ හිසේ බර ගතිය සහ ඇස් පිටුපස පවතින වේදනාවත් සමග බෙල්ලේ පේශි තද කරවන ආකාරයෙන්.
    ඔබට දෛනික ජිවිතයේ පවතින ආතතිය මගහැරීමට නොහැකි වන අතර ඔබේ ආතතියට ඔබේ හිසට බලපෑම් කිරීමට හෝ වේදනාවක් එක් කිරීමට ඉඩ නොදිය යුතුයි. නමුත්, ඔබට ඔබේ ආතතිය පාලනය කරගැනීමට හැකි නම් ඔබට ආතතීය ස්වරුපයේ හිසරදයන්ගෙන් බේරී ඉන්නත් පුළුවන්.

    2. ඔබේ නින්දට බාධා කරයි.

    ඔබේ නින්දේ තත්වයට බලපෑම් කිරීමට සහ කරදර සහිත නින්දක් ඔබට උරුම කරදීමට ආතතියට හැකියාව තිබෙනවා.
    නින්ද ඔබේ යහපත් සෞඛ්‍යය සඳහා අත්‍යවශ්‍ය වන අතර අඩු නින්ද නිසා ඔබේ කායික සහ මානසික සෞඛ්‍යයට දැඩිව බලපෑම් ඇති වේවි. මේ තත්වය දිගටම පැවතියහොත් එමගින් බරපතල සෞඛ්‍ය ගැටළු ඇති විය හැකි අතර ඔබේ ජිවිතයට පවා අහිතකර බලපෑමක් ඇති විය හැකියි.
    ආතතිය මගින් ඔබේ නින්ද හා අවදි වී සිටීම අතර පවතින සමබරභාවය බිඳ හෙලනවා. මේ නිසා තමයි නින්ද ආශ්‍රිතව ඇති වන ගැටළු වලට ආතතිය හේතු වන්නේ.

    ඔබ උග්‍ර ආතතීය තත්වයන්ට මුහුණ දෙනවා නම් නින්දට යාමට පෙර පොතක් කියවීම, සැහැල්ලු සංගීතයකට සවන්දීම හෝ ගැඹුරු හුස්ම ගැනීම් වලින් ඔබට සැහැල්ලු විය හැකි අතර එමගින් ඉතා හොඳ නින්දක් ලබාගැනීමට හැකි වේවි.
    කෙසේ වුවත් උග්‍ර ආතතීය තත්වය නිසා ඔබට දින ගණනාවක් නින්ද රහිතව කල් ගෙවන්න වේවි. ඔබත් මෙවන් තත්වයකින් පීඩා විඳිනවා නම් අදම ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වී මේ ගැන සාකච්ඡා කළ යුතුයි.

    3. ඔබේ බර වැඩි වේවි.

    ඔබ තරබාරු නම් හෝ එන්න එන්නම ඔබේ බර වැඩි වෙනවා නම් සමහරවිට එයට හේතුව ආතතීය තත්වය වන්නත් පුළුවන්.ඔබ ආතතියෙන් පසුවන විට ඔබේ සිරුරෙන් Cortisol නම් හෝමෝනය නිදහස් වෙනවා. මෙමගින් ඔබට සීනි සහිත හා අධික මේද සහිත ආහාර වලට ආශාවක් ඇති කරාවි. එමෙන්ම දිගින් දිගටම පවතින ආතතීය තත්වය නිසා ඔබේ වකුගඩු වෙහෙසට පත් කරවනවා. එමගින් ඔබේ ශරීරය තුළ මේදය තැන්පත් කිරීම වැඩි වෙනවා. එමෙන්ම ඔබේ මේද සෛල වල ප්‍රමාණයද වැඩි කරනවා. මෙම තත්වය ඔබේ බර එන්න එන්නම වැඩි කරන්න හේතු වේවි.

    ඔබ ආතතියට පත් වූ විටෙක අයිස්ක්‍රීම් හෝ වෙනත් පැණිරස යමක් කන්නට පුරුදු වනවා වෙනුවට භාවනාවකට හුරු වීමෙන් ඔබේ ගැටළු බොහෝ ප්‍රමාණයක් ඔබට නොදැනුවත්වම ඉවත් වෙලා යාවි.

    4. ආහාර ජීර්ණ කටයුතු වලට බාධා කරයි.

    ආතතිය මගින් ඔබේ ආහාර ජීර්ණ කටයුතු වලට බාධා කළ හැකි අතර එමගින් අමාශයික හා ආන්ත්‍රික ප්‍රදාහයන් පවා ඇති විය හැකියි. අහාර ජීර්ණ කටයුතු වලට බාධා පැමිණවීමට හේතුව ලෙස දැක්විය හැක්කේ ආතතිය මගින් හෝමෝනවල අක්‍රමිකතා, වේගවත් හෘද ස්පන්දනය හා ඉක්මන් ශ්වසනයන් ඇති කිරීමයි. මේ නිසා අජීර්ණය, උදර වේදනාව, බඩ පිපුම සහ ඉදිමීම, අප්පිරියාව සහ වමනය වැනි තත්වයන් ද ඇති විය
    හැකියි.

    5. හිසකෙස් අඩුවීම.

    ආතතිය ඔබේ කේශ කලාපයට පවා බලපාන අතර මේ නිසා ඔබේ හිසෙන් හිසකෙස් ගැලවී යාම සිදු විය හැකියි.
    ආතතිය මගින් කේශ මුලයන්ගේ චක්‍රාකාර ක්‍රියාවලියට බලපෑම් කළ හැකි අතර එමගින් හිසකෙස් ගැලවී යාම වැඩි කිරීම සිදු විය හැකියි. උග්‍ර ආතතීය තත්වයෙන් පීඩා විඳින තැනැත්තෙකුට ඊට මාස තුනකට පසු Telogen Effluvium නමැති හිසකෙස් යාමේ ඉතා සුලබ රෝගී තත්වයට ගොදුරු වීමේ අවධානමක් ඇත.

    ඒ වගේම ආතතියෙන් පෙලෙන පුද්ගලයන්ගෙන් සමහරෙක් පුරුද්දක් වශයෙන් තමන්ගේ හිසකෙස් ඇදීම ද සිදු කරන බව සොයාගෙන තිබෙනවා. මෙමගින් කේශ මූලයන්ට හානි සිදු විය හැකි අතර එමගින් කෙස් ගැලවී යාම තවත් වැඩි විය හැකියි.
    හිසකෙස් ගැලවී යාම යනු ආතතියට ඔබේ සිරුර දක්වන සාමාන්‍ය ප්‍රතිචාරයක් වන අතර ඔබ ආතතීය තත්වය පාලනය කරගත් පසුව ඔබේ හිසකෙස් ද පෙර පවතී සාමාන්‍ය තත්වයටම පත් වේවි. නමුත් ඔබේ හිසකෙස් ගැලවී යාම අසාමාන්‍ය ලෙස වැඩි නම් අදම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ඒ සඳහා බලපාන ලද හේතුව දැනගෙන් ප්‍රතිකාර අරඹන්න.

    6. ඇදුම සහ ශ්වසන රෝග උත්සන්න කිරීම.

    ශ්වසන රෝග වලින් පෙළෙන්නන්ට ආතතීය තත්වයන්ට මුහුණදීම සුදුසු වන්නේ නැහැ.
    විශේෂයෙන්ම ඇදුම රෝගයෙන් පෙළෙන්නන් ආතතියෙන් පසු වෙනවා නම් ඔවුන්ගේ ඇදුම රෝග තත්වය උත්සන්න විය හැකියි. එමගින් නාසය සහ පෙනහළු අතර වාතය ගමන් කිරීම අවහිර කරනවා.
    මෙහිදී වැදගත්ම කරුණ වන්නේ ආතතිය මගින් ඇදුම රෝගය නොපවතින අයෙකුට ඇදුම රෝගය සෑදීමක් නොකරන අතර ඇදුම රෝගය පවතින අයෙකුට එම තත්වය දරුණු කිරීම පමණක් සිදු කරනවා.
    ඔබ ආතතියෙන් පසු වන විට ගැඹුරු හුස්ම ගැනීම් සහ වේගයෙන් හුස්ම ගැනීම් කිරීමට උත්සහ කරනවා. මෙම තත්වය ඇදුම රෝගයෙන් පීඩා විඳින්නන්ට දුෂ්කර ප්‍රතිඵල ගෙන දෙනවා. මෙමගින් හුස්ම ගැනීම සඳහා ප්‍රමාණවත් වන ඔක්සිජන් මට්ටම ලබාගැනීමට අපහසු කරවනවා.

    ඔබ ඇදුම රෝගයෙන් පෙලෙන අයෙකු නම් සැහැල්ලු වීම සහ ශ්වසනය පහසු කරන ආකාරයන් ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් අස දැනුවත්ව සිටීම හදිසි ඇදුම රෝගී තත්වයන් සඳහා ක්‍රියාත්මක වීමට ඔබට උපකාරී වේවි.


    උපුටා ගන්නා ලදී


    වටිනවනම් බමීප් එකක් දාල රෙප් එකක් දීල සලකමුද යාලුවේ....:)
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    22.gif


    පට්ට...!!.