ආතල් හොල්මන් අත්දැකීම්.. 👻

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේක මට උන එකක් නෙමේ අපේ අම්මගෙ අක්ක කෙනෙක් බැදපු අන්කල් කෙනෙක්ට උන වැඩ පොර දැන් ජීවතුන් අතර නෑ....

    සිද්දිය මේකයි අන්කලුයි පොරගෙ යාලුවෙකුයි හෙන දුර ගමනක් ගිහිං බයික් එක නැවතිලා ගරාජ් එකකට දාල ත්‍රීවීල් එකක ගිහිං වැඩේ කරං ඉවරවෙද්දි රෑවෙලා දැන් දෙන්න එක්ක 11 ඉදං බයික් එක හදන්න දාපු තැනට ගාටනවලු. එතකොට මලගේකුත් සෙට් වෙලා කෝපි එකක් එහෙම ගහල ආයි යනකොට පාලු හරියකදි මල් වඩමක් ඉස්සෙනවලු පාත් වෙනවලු. වනෙනවලු හෙන විකාරයක් වගේලු දැන් මරබයේ යාලුව අනික් පැත්තට දිව්වලු මූ එහෙම බය එකෙක් නෙමේ ඕන මගුලක් කියල ලගට යද්දි තමාලු දැක්කෙ හරකෙක්ගෙ අගේ මොකෙක් හරි එකෙක් අර මලගෙදර තිබ්බ මල් වඩමක් එල්ලල ගිහිං ඌ ඔලුව ගස්සනකොට මල් වඩම වනෙනවලු
    පපස්සෙ ඩබල බයික් එකත් හදාගෙන උදේ ඇවිල්ල

    මේ හා සමාන කතා අහල ඇති මේක අර අන්කල්කිව්වෙ පොරට උනා කියල.

    උබලගෙත් අත්දැකීම් හලාගෙන යන්න ඔය වගේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    මං බොහොම බය උනා මගේ පන එපා උනා..
    රැ දොලහට හොල්මනකට මාව අහු උනා..//

    මම උත්සවයකට ගියා සිංදු කියන්න
    මට ආපසු යන්ට ලැබුනා ජාමේ දොලහට
    මම බැහැල පාරට හැරුනා කනත්ත දෙසට
    මගේ ගිටාර් එක අතට අරගෙන යන්ට යනකොට
    ශබ්දයක් ඇහිල මං ආපසු බලන ඒකලට
    කලු බල්ලෙක් ඇගට පැන්නනේ බුරාගෙන මට
    මම හැරිලා පස්සට ආපසු දුවන එකලට
    කලු මිනිහෙක් උසට හිටියනේ පාරේ හරහට
    අන්න කෙනෙක් දුර සිට එනවා පෙනුන මෙමහට
    මම දිව්ව එතනට මේ විස්තරය කියන්න
    මම ලගට ගිය විට ඇ සුර කුමරිය ලෙසට
    කිව්ව මෙමහට බය නොවනු එයාට
    ඔයා ගිටාර් ගහන්න ලස්සන සින්දු කියන්න
    මට ආසයි නටන්න කියල කිව්ව මෙමහට
    මම ගිටර් ගහනව ලස්සන බයිල කියනව
    තාලෙට එයත් නටනව මට දුකත් හිතෙනවා
    මම කිව්ව එයාට හොද නැහැ පාරේ නටන්න
    අපි යමු එහාට ගිය මිනි කනත්තට
    මම ගිටාර් ගහනවා ලස්සන බයිල කියනවා
    මට මෙහෙම පේනවා මලමිනි නැගිටල එනවා
    සුදෝ එපා නටන්න අපි යමුකො ගෙදරට
    අපේ අම්ම ඔයාට ආදරේ දේවි හරියට
    මම මෙහෙම කිව්වම එයා පැන්නා අහසට හූ කියාගෙන
    නැවතත් පැන්න පොලොවට
    එයා රවනව මෙමට මම ගැහෙනව බයට
    එයාගේ දත් දෙකක් දිගයි
    ඇස් දෙක ගිනි ගොඩක් වගෙයි
    මම පැන්න අහකට ගිටාර දැතට
    දුන්න ඔලුවට ගිටර් එකේ කැලි හැලෙන්න.
    මේ ශබ්දය ඇහිලා මුර කරුව නැගිටල
    මට වතුර පොවාල බැස්සුව ගෙදර ගිහිල්ලා
    මේ විස්තරේ අහලා අපේ අම්මා බයවෙලා
    මට බලියක් කරලා ගත්තා මාව බේරලා..

    මං බොහොම බය උනා මගේ පන එපා උනා..
    රැ දොලහට හොල්මනකට මාව අහු උනා..//
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මල ගේක ගිහින් බිල එදිදී පාන්දර 1 වගේ වැනි වැනි මොකෙක් හරි කකුලෙන් අදිනවා අදිනවා ඉවරයක් නැ
    මල පැනල මේ මොන වේසිගෙ පුතෙක්ද යකෝ කකුලෙන් අදින්න යන්න දෙන නැතුව පරය කියල ආව
    හම්මට පහු වෙනිදා වෙරි බැස්සම තමා යකෝ මතක් වෙලා හින් දාඩිය දැම්මේ
    මල ගෙදරින් කරෝල හරි හාල්මැස්සෝ හරි කෑවා
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මල ගේක ගිහින් බිල එදිදී පාන්දර 1 වගේ වැනි වැනි මොකෙක් හරි කකුලෙන් අදිනවා අදිනවා ඉවරයක් නැ
    මල පැනල මේ මොන වේසිගෙ පුතෙක්ද යකෝ කකුලෙන් අදින්න යන්න දෙන නැතුව පරය කියල ආව
    හම්මට පහු වෙනිදා වෙරි බැස්සම තමා යකෝ මතක් වෙලා හින් දාඩිය දැම්මේ
    මල ගෙදරින් කරෝල හරි හාල්මැස්සෝ හරි කෑවා
    කවුද බන් දන්නෙ උඹේ කකුලෙ කටු අත්තක් හරි මොකක් හරි පැටලුනා ද කියල. උඹ බීල සිහියක් නැතුව ඉදිද්දි.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කවුද බන් දන්නෙ උඹේ කකුලෙ කටු අත්තක් හරි මොකක් හරි පැටලුනා ද කියල. උඹ බීල සිහියක් නැතුව ඉදිද්දි.
    තාර පාර බන් එහෙම එකක් නම් මතක නැ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,819
    113
    Gampaha
    මේක කලින් වෙන නූලක දාපු එකක්. මෙතනටත් කොප්පක් ගැහුව....😅

    මතක විදිහට සිද්දය උනේ මම ඒලෙවල් කරන පළවෙනි අවුරුද්දෙ වගේ.

    අපි යාලුවො කට්ටියක් ගමනක් යන්න දාගෙන හිටිය. කට්ටිය එකතුවෙන්න කතාවෙලා හිටියෙ ටවුන් එකේ තැනකට.
    අපේ ගෙදර ඉඳන් ටවුන් එකට කිලෝමීටර 1.5ක් විතර තිබුණ.

    අදාල දවසෙ පාන්දර දෙකට හෝ තුනට පයින්ම යන්න පිටත්උනා. එදා පරිසරයෙ මීදුම් ගතියක් වගේ තිබුණ.
    කලුවරත් එක්ක මීදුම බෑවම ලඟ තියෙන දෙයක්වත් හරියට පේන්නෙ නෑ පාරෙ ලයිට් තිබුනෙත් සමහර තැන්වල විතරයි.
    මම යන පාරෙ ඉලුක් පඳුරු වැවුන හිස් ඉඩමක් තිබුණ. ඔය හරියට කිට්ටු වෙනකොට අසාමාන්‍ය විදිහට එක තැනක විතරක් ඉලුක් පඳුරු හෙලවෙනව වගේ පේන්න ගත්ත.
    හිතට පොඩි බයක් දැනුනත් පොඩි සතෙක් වෙන්න ඇති කියල හිතන් අතේ තිබ්බ දිග කුඩෙත් තදට අල්ලගෙන ඒ පැත්තට කිට්ටුකරා.
    තවත් ලඟට යනකොට මට පේනව මනුස්සයෙක්ගෙ ඉනෙන් පහල කොටසක් හෙලවෙන පඳුරු වලට ඉස්සරහින් මගේ පැත්ත හැරිල හිටගෙන ඉන්නව.

    දැන්නං බය කියන එක හොඳටම දැනෙන්න ගත්ත. බයටම කුඩේ උස්සගෙන කඳ නැති මිනිහට ගහන්න ඉස්සරහට පැන්න. එතකොටම ඉලුක් ගාල කකා හිටපු හරක කෑ ගහගෙන දුවන්න ගත්ත....

    කොහොමටත් මේ සිද්දිය වැඩිය කාටවත් කියන්න ගියේ නෑ. ඊට පස්සෙ කාඩ් වදින්නෙ හරක් පස්සට බය උන එකා කියලනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    මේක කලින් වෙන නූලක දාපු එකක්. මෙතනටත් කොප්පක් ගැහුව(2)....😅

    මම uni යන්න බෝඩිමක නවතින්න ගිය වෙලේ උන දෙයක්. අනිත් උන් සෙට් එක ඒ වෙනකොටත් වෙන බෝඩිමක නැවතිලා හිටියේ. පලවෙනි දවස් දෙක තුනේ මම ගෙදර ඉදන්මයි ගියේ.පස්සේ අපි ගෙයක් බැලුවා . පලවෙනි දවසේ මම විතරයි හිටියේ. අනිත් උන් උන්ගේ බෝඩිමේ..බෝඩිමේ අංකල් කාරයා ඉතින් මුල්ම දවසේ පරණ හිටපු අය ගැනත් විස්තර කියවනවා එකදිගට. මිනිහාගේ ගෙදර එතන නෙවෙයි. බෝඩිම උන්ගේ මහා ගෙදර. ගේ වත්ත කෙළවරටම දිගයි.. කාමර4යි, කුස්සියයි(කුස්සිය පාවිච්චියක් නෑ හිටපු උනුත්.) කාමරයක් වහලා. එකේ ඉස්සර ඉදල තියෙන්නේ අංකල්ගේ අම්ම. ඒ අම්ම ඉස්සරම බෝඩිමේ හිටපු අයත් එක්කත් හෙන ෆිට් එකේ ඉදල ඉතින් මට අංකලයා රස කර කර කියනවා, බිත්තියේ තිබ්බ පොටෝ එකත් පෙන්නලා. අම්ම මැරිලා අවු ගානකට කලින්.. ඉතින් දැන් මේ ගෙදර වෙන කවුරුත් නෑ, බෝඩින් ලමයි ආවම සෙට් එකකට දෙනවලු... අංකලයා ගියා. රෑ 7.30ට විතර මමත් කන්න යන්න ලෑස්ති උනා. ඉස්සරහ දොර ඇතුලෙන් ලොක් කරලා කුස්සිය පැත්තෙන් යන්න ගියා(ඉස්සරහ දොරේ යතුර නැති සීන් එකක් තියෙන්න ඇති .මතක නෑ ..). පට්ට කළුවරයි ලයිට් තිබ්බේ නෑ පිටිපස්සට . කලුවරේම කුස්සිය පැත්තේ දොරත් අරගෙන යන්න හදන කොට පට්ට කළුවරේ මෙන්න යකෝ ගිනි ගොඩක් මගේ උසටත් වැඩිය. කුස්සිය තියෙන්නේ වත්ත එහා කෙලවරට වගේ වෙන්න. ගිනි ගොඩ පාස් කරල අනිත් පැත්තට හැරිලා ගේට්ටුව පැත්තට එන්න ගියාම කවුද"හ....... හ ........" ගානවා. මම බලුවම වයසක ගෑනු කෙනක් ගිනි ගොඩ එහා ඇත්තේ ඉදන් ඔලුව වන වන හිනා වෙනවා ඉරිච්ච වගේ ගවුමකුත් ඇදගෙන. දැකල පුරුදුයි. කතා නෑ, සද්දේ නෑ , කට අරගෙන හිනා වෙන්වා මාත් එක්ක. කළුවරේ ගිනිගොඩත් එක්ක නිකන් හොල්මන්ම තමයි හිනා වෙන විදිය... මම ටිකක් බලන් ඉදල ගියා කන්න. යන ගමන් මතක් උනේ ඒ හිටියේ අංකලයාගේ අම්මම තමයි. කාල ආයිත් ආව. ගිනි ගොඩ නිවිලා,කවුරුත් නෑ . මම ඉතින් ඇතුලට ගියා. පින්තුරේ හිටපු කෙනාම තමයි.මගේ ඇද තිබ්බේ ජනේලේ ගාව. රෑ 11 පහු වෙලා නේ ඉතින් නිදාගන්නේ , මම දක්කා අර හිටපු ගෑනු කෙනා එකපාරක් වත්තේ ඈත ඇවිදිනවා . ආයිත් ආවේ නෑ . පහු වෙනිදා උදේ අංකලයා ආවා. ඇවිත් නිකන් කතා කර කර ඉද්දි අර ගෑනු කෙනා මෙන්න මිදුල අතුගානවා. බලද්දී ඒ අංකල්ගේ අක්ක කෙනක්.අංකලයට කලින් දවසේ කියන්න අමතක වෙලා. මානසික රෝගී කෙනක්. වත්තේ කෙලවරේ පොඩි කාමරයක් හදල එකේ ඉන්නේ. වත්ත අතුගාගෙන ඉන්නවා. කතා කරන්න බෑ , අර ගොළු අය කතා කරන්න ට්‍රයි කරන විදියට තමයි කතාව. :baffled: මානසික රෝගී කෙනකේ හිනා වෙනවා වගේ තමයි හැම තිස්සෙම හිනා වෙනවා සද්දෙට නෙවෙයි. සද්දේ එන්නේ නෑ එහෙම. පවු ඉතින්. හැබැයි අර ගිනිගොඩ ලගදි මෙලෝ දෙයක් නොදැන බය වෙලා දුවන්න තිබ්බ බය වෙනවානම්.. හොල්මන් කියලා දෙයක් තියනව කියලා කිසි විස්වාසයක් නැති නිසා හොදයි... :rofl:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    දවසක් රෑ එකට විතර චූ කරන්න එලියට බැස්සා. ගේ පිටිපස්සෙ ඇල ඊට පස්සෙ පාරක් තියෙන්නෙ. ඔය පාර දිගේ 500 m විතර ඉස්සරහින් පාලමක් තියෙනවා. නිදි මතේ චූ කර කර පාලම දිහා බැලුවම පාලමේ කොන්ක්‍රීට් කොට කනුවක් උඩ සුදු පාටට ඔලුවෙ ඉදන් පොරවගත්තු එකෙක් වාඩි වෙලා ඉන්නවා. හිතාගන්න බෑ අර හොල්මන් ඉන්නෙ ෆිල්ම් වල රෙද්දක් ඔලුවෙ ඉදන් පෙරවන් ඒ වගේ. මට දැන් ඇතුලට යන්න බෑ මොකක්ද කියල හරියටම දැනගන්නෙ නැතුව. මන් එහෙම කරන්නෙත් නෑ. හිත ගැස්සුනොත් අනිවා හරියටම මොකක්ද කියල කන්ෆර්ම් කරගෙන තමා යන්නේ. බලන් ඉදිය ටික වෙලාවක් ඒත් එහෙම්මය්. පොඩ්ඩක් හෙලවෙනව එච්චරයි. දැන් නිදිමතත් නෑ. තව ටික වෙලාවක් බාන් ඉදියම මූ නැගිට්ටා. මන් හොදට බැලුවා. බලනකොට තමා පෙනුනේ ඒ දවස් වල නෝම්බි. මුස්ලිම් එකෙක් ඔලුවෙ ඉදන් සුදු සරම පෙරවන් මාලු බානවා. 🤐🤐🤐🙄🤐🙄🤐
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,819
    113
    Gampaha
    මේක අපේ තාත්ත කිවුව කතාවක්....

    දවසක් යාළුවො සෙට් එකක් බෝතලේකට වට වෙලා ඉන්න වෙලාවක, කතාවට හොල්මන් සීන් එක ඇදිල ඇවිල්ල...
    මෙතනින් එකෙක් හොල්මන් ගැන කිසි බයක්, විශ්වාසයක් නැති විදිහටලු කතාව....

    අනෙක් පාප මිත්‍රයො සෙට් එක එකතුවෙලා බය නැති එකාට චැලේන්ජ් එකක් දීල.
    ඒක තමයි රෑ දෙගොඩහරියට කනත්ත මැද ට ගිහින්, එතන තිබුණ ගහකට කම්බි ඇණයක් ගහල එන එක... මෙතනදි කම්බි ඇණයක් ගහන්නෙ, මිනිහ අදාල තැනටම ගියාද කියල අනික් උන්ට දැනගන්න.....

    ඕන්න දැන් නියම කර ගත්ත වෙලාවට මේ මනුස්සය වෙරි මරගාතෙම,
    වැඩේට අදාල උපකරණ ටිකත් අරගෙන සරමත් කරට උස්සගෙන වැනි වැනි ගියාලු කනත්ත මැදට....
    මේ වෙලාවෙ කස්ටිය ඉස්සරහ පොර ටෝක් දුන්නට, ගෙම්බෙක් බක බක ගෑවත් චූ යන ලෙවල් එකේ තමයි මනුස්සය ඉඳල තියෙන්නෙ...

    ඕන්න ඉතිං කොහොම හරි මිනිහ ගැහුවලු ඇණේ ගහට, ඒ කරල එන්න හැරුනට එන්න බෑලු....
    පිටි පස්සෙන් කවුරු හරි සරමෙන් අල්ලගෙන එන්න නොදී ඇදගෙන ඉන්නවලු....
    මූ බය වෙලා දඟලල සිහිනැතිවෙලා....

    පස්සෙ, අරූ ආවෙ නැති නිසා, පාප මිත්‍රයො සෙට් එක ගමේ උං එක්ක එකතුවෙලා, උදේ පාන්දර යාලුවව හොයන්න කනත්තට ගිහින්,

    යනකොට මිනිහ ගහ මුල සරමත් නැතුව මුනිං අතට වැටිල ඉන්නවලු...

    ගහට ගහපු ඇණේටම ඇමිණිලා, සරම ගහේ එල්ලි එල්ලි තියෙනවලු...
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    bump

    කතා නං එමටයි...ටයිප් කරන්නත් කම්මැලියි,අනික කියල චාටර් වෙන්නත් බෑ...
    ------ Post added on Mar 12, 2022 at 9:43 PM
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    කියන්න බැහැ
    මුන් බොරු කියල හිතෙනවා. පස්සේ ලියන්නම්.

    අත්දැකීම ලැබුවේ වටවල ඉස්ටෙෂන් එක උඩහට වෙන්න තියෙන පරණ බංගලාවක.
    දැනට පික් එකක් දැන්නම් එතන


    9jHeSQ3.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කියන්න බැහැ
    මුන් බොරු කියල හිතෙනවා. පස්සේ ලියන්නම්.

    අත්දැකීම ලැබුවේ වටවල ඉස්ටෙෂන් එක උඩහට වෙන්න තියෙන පරණ බංගලාවක.
    දැනට පික් එකක් දැන්නම් එතන


    9jHeSQ3.jpg
    Mr Bean Waiting GIF by MOODMAN
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කියන්න බැහැ
    මුන් බොරු කියල හිතෙනවා. පස්සේ ලියන්නම්.

    අත්දැකීම ලැබුවේ වටවල ඉස්ටෙෂන් එක උඩහට වෙන්න තියෙන පරණ බංගලාවක.
    දැනට පික් එකක් දැන්නම් එතන



    බුත කොටුව ත්‍රෙඩ් එකේ දාපන් සිරා හොල්මන් කතාවක් නම්...ඒක තමා official ත්‍රෙඩ් එක හොල්මන් කතා වලට...