ආත්මාරක්ෂක සටන් ක්‍රම (ලිපි අංක : 1)
ආත්මාරක්ෂාව කියන්නේ අපි හැමෝටම ඉතා අවශ්‍ය දෙයක්. ඇපි හැමෝම තමන්ට කරදරයක් වෙනවට කැමති නෑනේ. ඉතින් ආත්මාරක්ෂාව පිළිබඳ කරුණු ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා. මුලින්ම කියන්න ඕනේ ශිල්පීය සටන් ක්‍රම හා ආත්මාරක්ෂක සටන් ක්‍රම කියන්නෙ පැහැදිලිවම 2ක්. ඉතින් මේ ත්‍රෙඩ් එක හොඳින් කරන් යන්න මේ ගැන දන්න අයගෙත් උදව් ඉල්ලනව. වැරැද්දක් තියෙනව නම් නිවැරදි කරන්න. ජීවිතේ පළවෙනිම ත්‍රෙඩ් එක නිසා තාක්ෂණික ගැටළු බොහෝ ඇති. මුළින්ම සමාව ඉල්ලනව ඒ ඔක්කොටම...
http://vccoordinator.files.wordpress.com/2011/02/women-self-defense.jpg
ආත්මාරක්ෂාව කියන්නේ අපි හැමෝටම ඉතා අවශ්‍ය දෙයක්. ඇපි හැමෝම තමන්ට කරදරයක් වෙනවට කැමති නෑනේ. ඉතින් ආත්මාරක්ෂාව පිළිබඳ කරුණු ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා. මුලින්ම කියන්න ඕනේ ශිල්පීය සටන් ක්‍රම හා ආත්මාරක්ෂක සටන් ක්‍රම කියන්නෙ පැහැදිලිවම 2ක්. ඉතින් මේ ත්‍රෙඩ් එක හොඳින් කරන් යන්න මේ ගැන දන්න අයගෙත් උදව් ඉල්ලනව. වැරැද්දක් තියෙනව නම් නිවැරදි කරන්න. ජීවිතේ පළවෙනිම ත්‍රෙඩ් එක නිසා තාක්ෂණික ගැටළු බොහෝ ඇති. මුළින්ම සමාව ඉල්ලනව ඒ ඔක්කොටම...
http://vccoordinator.files.wordpress.com/2011/02/women-self-defense.jpg
ind the martial art.http://www.facebook.com/thetruthbehindthemartialart?fref=ts‘ආත්මාරක්ෂක සටන් ක්‍රම’ කියන්නේ තමාව රැකගැනීමේ උපක්‍රම වලට. අපිට අපිව රැකගන්න ඕනේ වෙන්නේ අපිට වෙනත් කාගෙන් හරි කරදරයක්, හිරිහැරයක් වෙනකොටනේ? මෙතන ඔයාල මේ ‘ආත්මාරක්ෂක සටන් ක්‍රම’ කියන එකයි ‘සටන් කලාව’ කියන එකයි පටලවගන්නවා. මම වෙනම ලිපියකින් සටන් කලාව ගැන කියන්නම්.
ඒ කොහොමවෙතත් මෙන්න මේ කියන ‘ආත්මාරක්ශක සටන් ක්‍රම’ නිසා තමයි සටන් කලාව ලෝකේ බිහිවෙන්න හේතු උනේ.
නියැන්ඩර්තාල් මානව අවධියේ පවා ආත්මාරක්ෂක සටන් ක්‍රම තිබුනා. අවට සිටි සතා සිවුපාවුන්ගෙන් තම දිවි බේරාගැනීම සඳහා ඔවුන්ට සටන් කරන්න ඕනේ වුනා. අවට තිබ්බ ගල් වලින් දමා ගැසීම, ගස්වලින් කඩාගත් පොලුවලින් දමා ගැසීම වැනි ප්‍රාථමික ක්‍රමවලින් පටන් ගත්ත මේ සටන් ක්‍රම එකතු වෙලා, තව දුරටත් දියුණු වෙන්න පටන් ගත්තේ වනවාසී භික්ෂූන් වහන්සේලා අතින්.
ඇත්තටම කියනවා නම් ‘Unarmed Combat’ එහෙම නැත්නම් නිරායුධ ආත්මාරක්ෂකසටන් ක්‍රමවල දියුණුවට වැඩිම දායකත්වයක් දෙන්නේ උන්වහන්සෙලා. මොකද මහා වනාන්තරවල තනි තනියෙන් උන්වහන්සේලා භාවනා කර කර ඉන්න කොට කුඩා කෘමි සත්තුන්ගෙ හිටන් මහා වග වලසුන් දක්වාම නිරන්තරයෙන්ම පීඩා එල්ල වුනා. ඒ වුනත් ඒවායින් බේරෙන්න ඕනෙයි කියල උන්වහන්සෙලාට කඩු, කිනිසි තියාගන්න බෑනේ. ඒ වගේම තමා බේරෙන්නයි කියල සත්තුන්ව මරන්නත් බෑනේ. ඉතින් ඔන්න ඔය නිසා ක්‍රමවත් නිරායුධ ආත්මාරක්ෂක ක්‍රම බිහිවෙන්න පටන් ගත්ත.
හුඟක් අයට කියන්න පුලුවන් ‘ආත්මාරක්ෂාව’ ට දෙකේ දෙකේ පොල්ලක් වැනුවනම් ඉවරනේ කියල.
ඒකෙත් ඇත්තක් නැත්තේ නෑ. ඒත් එතකොට අපි අයෙමත් අර නියැන්ඩර්තාල් මානව අවධියට ගියා වෙනවා. ඒ වුනත් අපට යන එන හැමතැනම පොලු, කිනිසි අරන් යන්න බෑනේ.
එකපාරක් මට මතකයි මාත් එක්ක ප්‍රැක්ටිස් කරන මගේ යාළුවෙක් එක්ක මගේ වෙනත් යාළුවෙක් කතාවේදී කිව්වා ‘උබලගේ ඔය සෙල්ලම් ඔක්කොම ඉවරයිනේ පිහියක් ගත්තම’ කියල. ඊට පස්සේ මගේ යාලුවා කිව්වා ‘ඔන්න දැන් මම උබේ බෙල්ල මිරිකන්න යන්නේ, උබේ පිහිය අරන් පෙන්වපන්’ කියල.
අද කාලේ කෙනෙක්ට තුවක්කුවක් හොයාගන්නවා කියන එක මහා දෙයක් නෙමෙයි. නමුත් ‘ආත්මාරක්ෂාවටයි’ කියල අපිට තුවක්කු පාරේ ගෙනියන්න බෑනේ. ඇමරිකාව වගේ රටවල නම් තුවක්කුවක් ඕන කෙනෙක්ට තියගන්න පුළුවන් කියල කිව්වට ඒක ඔය හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒ උනත් ඇමරිකානු ආරක්ෂක අංශ පාවා මේ ආත්මාරක්ෂක ක්‍රම ඉගෙනගන්නවා. මොකද තුවක්කුවක් එලියට ඇදල ගන්න කාලයත් මදි වෙන අවස්ථා තියෙනවා ආත්මාරක්ෂක සටනකදී.
හුඟක් අය මේ ‘ආත්මාරක්ෂාව’ (Self-defense) හා ‘සටන් කිරීම’ (fighting) කියන දෙක පටලවාගන්නවා. ඒත් ‘ආත්මාරක්ෂාව’ ඇවිල්ල ‘සටන් කිරීම’ නෙමෙයි. ‘ආත්මාරක්ෂාව’ කියන්නේ අර මුලින් කීවා වගේ පිටතින් එල්ල වන තර්ජනයනක් මඟ හරවා ගන්න එකට.
කොටින්ම කිව්වොත් ‘ආත්මාරක්ෂක සටන් ක්‍රම’ පුරුදු පුහුණු කරපු කෙනෙක් එල්ලී එල්ලී වලි දාගන්න යන කෙනෙක් නෙමෙයි. එයා බලන්නේ පුළුවන් තරම් ගහගන්නේ නැතිව ප්‍රශ්නය බේරගන්න. නමුත් කරන්නම දෙයක් නැති වේලාවකදී එයා සටන් කරනවා.
එයාට එතැනදී වැඩක් නෑ අනිත් එක්කෙනාගේ තරම. එයා ශක්තිමත්ද? ආයුධයක් අතේ තියෙනවද නැද්ද? කියන කතාව එයාට අදාළ නෑ. ආත්මාරක්ෂක සටන් ශිල්පියෙක්ට ඕන වෙන්නේ පලමු අවස්ථාව ගන්න එක විතරයි. ඊට පස්සේ එයා තමන්ගේ ආරක්ෂාව තහවුරු වෙනකල්ම ප්‍රතිවාදියාට පහර දෙනවා.
ඇත්තම කිව්වොත් නිසි ලෙස ආත්මාරක්ෂක සටන් ක්‍රම පුහුණු කරපු කෙනෙක්ට තුවක්කුවක් තියෙන පුද්ගලයෙක් ව උනත් මෙල්ල කරන්න පුළුවන්.
ආත්මාරක්ෂක අවස්ථාවකදී ක්ෂනික තීරණ ඉතා බුද්ධිමත්ව ගන්න ඕනේ. මොකද පොඩි වැරදීමක් ඇති ජීවිතේ නැති වෙන්න උනත්. ඒ කියන්නේ මෙවන් අවස්ථාවකදී වික්ෂිප්තබවකින් තොරව එක එල්ලයකින් ප්‍රතිචාර දක්වන්න ඕනේ.
ආත්මාරක්ෂක සටන් ක්‍රම හැදීලා තියෙන්නේ තමන්ට හිරිහැර කරන්න එන කෙනෙක්ව එකපාර මරලා දාන්න නෙමෙයි. මොකද මිනිහෙක්ව මරන්න නම් ආත්මාරක්ෂක සටන් ක්‍රම ඉගෙනගන්න ඕනේ නෑනේ. ආත්මාරක්ෂක සටන් ශිල්ප හදාරපු කෙනෙක් කේන්තියෙන් ගහගන්න යන්නෙත් නෑ. ඇත්තටම මෙතන එයා ප්‍රයෝජනයට ගන්න කාරණයත් ඒකම තමයි. ඕනෑම ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන් වෙන්නේ කේන්ති නොගෙන හිටියොත්නේ. කේන්ති ගත්ත කෙනෙක්ගේ තමයි අතපය වැඩකරන්න ගන්නේ.
එහෙම කෙනෙක් නිකන් තප්පුලන මීමෙක් වගේ. එයාගේ කොන්ට්රෝමල් එකක් නෑ. එහෙම වෙලාවක කේන්ති නොගෙන ඉන්න කෙනාට බොහොම පහසුවෙන් ඒ කේන්ති ගත්ත කෙනාව මෙල්ල කරන්න පුළුවන්.
තවත් දෙයක් තමයි මේ ආත්මාරක්ෂක සටන් ක්‍රම පුහුණු කරන කෙනා ‘බය’ කියන දේත් එක්ක ගනුදෙනු කරන ආකාරය. අපි කවුරු කොහොම කිව්වත් ‘බය’ කියන දේ අපි හැමෝම තුල තියෙනවා. නමුත් ආත්මාරක්ෂක සටන් ක්රිම පුහුණු වෙන කෙනා ඒ ‘බය’ පාලනය කරන විදිය ඉගෙන ගන්නව. තවත් විදියකින් කිව්වොත්‘බයට’ අනුව ප්‍රතිචාර දක්වන හොඳම විදි ඉගෙනගන්නවා. හුඟක් වෙලාවට ඒවා අනිච්චානුග ක්‍රියා. උදාහරණයක් ගත්තොත් අපේ මූණට බෝලයක් වැදෙන්න එනකොට අපි ක්‍රියාකරන ආකාරය දිහා බලන්නකෝ.
අපි හුඟක් දේවලට ක්ෂණික ප්‍රතිචාර දක්වන්නේ මේ අපිට එන බයට සාපේක්ෂව. මේ හැකියාව ලැබෙන්නේ කලින් ලැබූ අත්දැකීමක් මඟින්. ඔයල්ල දැකල ඇති පුංචි ළමයි බය නැතුව සර්පයෝ අල්ලන්න යනවා. ඒ එයාලට බය කියන දේ ඒ කාලේ හිතට ඇතුළු වෙලා නැති හන්ද සහ අත්දැකීම් නැති නිසා. නමුත් ටිකෙන් ටික ලොකු වෙනකොට හිතේ බය වර්ධනය වෙනවා. ඒ වගේම තමයි වටපිටාවෙන් අත්දැකීම් ලබනවා.
ඒත් බය කියන දේ වුනත් ඕනවට වඩා වැඩි උනත් ඒකෙනුත් මහා අනතුරක් වෙනවා. හුඟක් වෙලවට කෙනෙක් තවත් කෙනෙක්ගේ හිරිහැරයට ලක්වෙන්නේ එවැනි අවස්ථාවකදී පමණට වඩා බය වෙලා, කලබල වෙලා, කිසිම දෙයක් කරකියාගන්න බැරි වෙන නිසා.
මේ ලිපිය ටිකක් දිග වුන නිසාත්, තවත් ඉදිරි ලිපි කීපයකින් මේ ආත්මාරක්ෂක සටන් ක්‍රම ගැන ඔයාලව දැනුවත් කරන නිසාත් මේ ලිපිය මම මෙතනින් නවත්වනවා. කියවල බලල ඔයාලගේ අදහසුත් දාන්නකෝ. තවත් දන්න දන්නා අයටත් මේ ලිපිය යවන්න.
ජය ශ්රී්!
*********උපුටා ගැනීම් සිදු කරන්නේ නම් මෙය සහ මෙය ඇතුළු පහත සඳහන් කොටස් ඒ අයුරින්ම සඳහන් කල යුතුය!*************
Sifu S.R. Marthos(Founder & Chief Instructor of Marthos SWAT team – M.S.T.)
My official fan page :Marthos SWAT team. (M.S.T.)http://www.facebook.com/realjeetkunedosrilankamst
Publication: යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth beh
Last edited:


