ආත්ම විශ්වාසය සහ ධෛර්යය
ජිවිතයට කොතරම් අභියෝග පැමිණියත් ආත්ම විශ්වාසය සහ ධෛර්යය තුළින් ඒවා පරාජය කොට ලොවම බැබළවූ මිනිසුන් ගැන අප අසා ඇත්තෙමු.නෙදර්ලන්තයේ පිහිනුම් ශුර මාර්ටන් වැන් ඩර් වීජ්ඩන් ද (Maarten van der Weijden) එවැන්නෙකි.
මාර්ටන් වැන් ඩර් වීජ්ඩන් කුඩා කල සිටම පිහිනීමට හපනනෙකි.වයස අවුරුදු 19 දී මාර්ටන් දිවිය උඩු යටි කුරු වන්නේ ඔහු පිළිකාවකින් පෙළෙන බව සොයා ගැනීමත් සමගය.
පිළිකාව සොයාගෙන වසර 7 ක් ගත වෙත්ම අප්‍රමාණ ධෛර්යයකින් යුතු මේ මිනිසා පිළිකාව තුට්ටුවකටවත් මායිම් නොකර දැඩි විශ්වාසයෙන් යුතුව පුහුණු වීම් වල යෙදී 2008 බිජිං ඔලිම්පික් උළලේ කිලෝමීටර් 10 දිගු දුර පිහිනුම් රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙයි.
එතැනින් නොනැවතෙන මාර්ටන් , පිළිකා මාරයා මෙළොවින් තුරන් කිරීමට පරේෂණ කිරීමේ ව්‍යාපෘතියක් සදහා අරමුදල් රැස් කිරීමට නෙදර්ලන්තයේ Elfstedentocht සිට කිලෝමීටර් 200 ක් දුරක් මහ මුහුදේ පිහිනීමට පටන් ගනී.
පිළිකා නිසා දුක් විදින දහස් ගණන් මිනිසුන්ගේ හදවතේ රිද්මය හොදින් හදුනන මේ උතුම් මිනිසා කෙටි නින්දක් පමණක් ලබාගෙන දින දෙක හමාරක් එක දිගටම පිහිනයි.
පිහිනීම අතර මග අසනීප වන මාර්ටන් අවසානයේ කිලෝමීටර් 200 කඩ ඉමට ලගා වීමට නොහැකි උනත් එක දිගට කිලෝමීටර් 163 ක් පිහිනා සිය අරමුදල් රැස් කිරීමේ වැඩසටහන අවසන් කරයි.
පැය 55 තිස්සේ එක දිගට පිහිනා ගිය මාර්ටන්ගේ අත්පා සීතල ජලයට හැකිලී ඇබරී ගොස් තිබුණත් ඔහුගේ ධෛරයේ සහ ආත්ම විශ්වාසයේ බලය ඒ සියල්ල පරයා නැගී සිටියි.
මාර්ටන් වැන් ඩර් වීජ්ඩන්ගේ අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරය අතිශය සාර්ථක වෙයි.ඔහු විසින් දින දෙක හමාරක් එක දිගට පිහිනා යුරෝ මිළියන 3 ක මුදලක් රැස් කර එය පිළිකා තුරන් කිරීමට පරේෂණ කිරීම සදහා පරිත්‍යාග කරයි.
එදිනෙදා දිවියේ ප්‍රශ්ණ නිසා තමන් පරාජය වී ඇතැයි සිතන මිනිසුන්ට මාර්ටන් වැන් ඩර් වීජ්ඩන් හොඳ ආදර්ශයකි...එමෙන්ම අප්‍රමාණ ධෛර්යයකින් යුතු වූ මෙවන් මිනිසුන් ගැන ඇසීමට ලැබීමද භාග්‍යකි.
19/09/2019 | පියැසි කවුළුව - Piyasi Kawuluwa