පින්වත් ජිංතක ජිල්ලබකිට,
පොඩි විස්තරයකුත් එක් කලා නම් බොහෝම අගෙයි. ඔබේ යම් පැහැදීමක් හෝ නොපැහැදීමක් එක්ක කීවොත් ඒ ඔබේ විස්තරය දකින කෙනෙක් සමහරක් විට ඔබ යම් දෙයක් නිවැරදිව නොදැක ඇති බව තේරුම් ගත්තොත් ඔබට එය දන්නවාවි. තවත් කෙනෙක් ඔබේ කෙටි හෝ විස්තරය දැකලා වීඩියෝව නරඹන්න යොමුවේවි. නිකම්ම දැම්මොත් ඔන්න ඔය කියන දෙකම හොදින් වෙන්නේ නැහැ. ඒක ඔබටත් පාඩුවක්, අන් අයටත් පාඩුවක්. ඒ නිසා සුළුවෙන් හෝ ඔබේම පොඩි විස්තරයකුත් එක් කරන්න.
ඒ එක්කම පුළුවන් තරම් ත්රිපිටකය වෙත හැමෝම යොමුවන ආකාරයට වැඩේ කරන්න පුළුවන් නම් තවත් හොදයි. උදාහරණයකට ලින්ක් එකක් දැම්මොත් හැමෝම පොඩ්ඩ පොඩ්ඩ හරි ත්රිපිටකයටම යොමුවෙනවා. එතකොට ඔබත් දන්නවා කවර කාරණාවකටද හරියටම ඔබ යම් විස්තරයක් කරන්නේ කියලා. අන් අය ඔබේ විස්තරයත්, ත්රිපිටකයේ විස්තරයත් බලලා සැසදීමක් කරනවා. එවිට හෝ යම් අයෙක් ඔබේ යම් නොගැලපෙන විස්තරයක් දැක ඔබට දැන්වුවොත් ඒකත් කොච්චර වටිනවාද? අන් අයත් වැඩි වැඩියෙන් ත්රිපිටකය කියවන්න පුරුදු වෙනවානේ. ඒක අප පටලවාගෙන ඉන්නා දහම් පිරිසිදු වෙන ආකාරයක්.
http://thripitakaya.org/ වෙබ් අඩවියේ සූත්ර සෙවීමේ හැකියාව මමත් පාවිච්චි කරනවා. එහි සමහරක් සූත්ර පාලියෙනුත් තියෙනවා.
මම අන්තර්ජාලයට එක් කරන http://thripitaka.org/ වෙබ් අඩවියේ ඔක්කොම ටික පාලියෙනුත්, සිංහලෙනුත් තියෙනවා. හැබැයි සූත්ර සෙවීමේ හැකියාවක් නැහැ.
සම්පූර්ණ PDF බාගත කරන්න ඔබ දක්වා ඇති සමින්ද රණසිංහ මහතාගේ http://aathaapi.net/Thripitaka.php වෙබ් අඩවියෙන් පුළුවන්.
Skylark
Last edited: