"අද අපි මොනවා ගැනද කට කරන්නේ බන්?"හර්ශය එහුවේ මම දිහා හොරෙන් බලන ගමන්..
"මොනවද ඉතින් වෙනද වගේම මෙලනි ගැනයි, උබේ රන්දිම ගැනයි, තරිදුවගේ නදුනි ගනී කට කරමු"ගැරිය කියාගෙන කියාගෙන ගියේ මහා හයියෙන් හිනාවෙන ගමන්..
"මේකව මරලත් මදි බන්,,මුට අදනම් හොද වැඩක් කරමු.."හර්ශය ගිරගේ පිටට තට්ටුවක් දනමන් කියන කොට මම පැනල එකාගේ බෙල්ල මිරිකුවා..
"මැරෙයි බන්,,ඕකව ඇත ඇරපන්..ඒ කතාවත් ඇත්ත තම,,"තරිදුවත් හිනාවක් දැනගම කිවුව..
"අන්න බඩු එනවා..දැන් ඕක නතර කරපන්..."
"කසුන් මල්ලි අදනම් කබරයා බෑ.."
"ඔන්න ඉතින් රෝහණ අයියත් කින්ඩිය' දානවා "මම කිවුවේ අප්සෙට් එකෙන් වගේ,,
"අන්න දැක්කද හැමෝම දන්නවා බන්.."තරිදු මගෙන් මුකුත් අහගන්න එපා.."...
"හා මල්ලිලා එහෙනම් වැඩේ කරගෙන යන්න,,ඕන වුනොත් කට කරන්නකෝ.."
"එහෙනම් වෙරි වේවා,,"හර්ෂ බෝතලේ කැඩුවේ මල් හිනාවක් දාගෙනමයි...
"එලම තම චියර්ස්,,"
හැමෝම අපහු තමන්ගේ දේවල් කියා කියා සෙට් වුන..ටිකක් වෙලා යද්දී මට හැමදේම අමතක උන..
"මචෝ මුට වැඩි වගේ.."මට කට්ටිය කියනවා හීනෙන් වගේ ඇහුන,,
"ඔලුව ගහන්න එපා,,කෙලින් ටියපන්.."
"ඔන්න ඔහේ නිදා ගන්න ඇරපන්..ටිකකින් හරි යයි.."ඔහොම ගොඩක් දේවල් කියනවා මට අහුනට උත්ටර දෙන්න තරම් ෆිට් එකක් මට තිබ්බේ නේ..
"මුව බස් එකට දල තනියම යවන්න බෑ බන් අදනම්,,ගිරි උබ යනවද"..??
"නැ නැ මම යනවා,,මට පුළුවන්.."මම කිවුවේ දැන් හිතට තිබ්බ ෆිට් එක හින්දයි..
"ෂුවර්ද බන්..??"
"ඔව් ඔව් ෂුවර් තම බන්.."
"මුව යමුද බන්?හර්ශය ඇහුවේ උට මව තනියම යවන්න බය හින්දයි..
"ඔව් යවමු බන් එහෙනම්...පැයක් විතර නිදා ගත්තනේ.."
"එහෙනම් උබ ගියපු ගමන් මට කතා කරපන්.."හර්ශය මාව බස් එකේ ඉන්දවන ගමන් කිවුව..
"හරි බන්,,උබල පරිස්සමට පලයල්ලා..මට මාව බලාගන්න පුළුවන්.."
ගම්පහ බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එක විනාඩි 10කින් විතර යන්න ගත්ත..මම වීදුරුවක් ගාවම ඉගෙන හිටියේ වමනේ පාරක්වත් අවොත් කියන බයටමයි..ෆෝන් එක අරන් වෙලාව බැලුවේ පන්ති අරින්න වෙලාව තියනවද බලන්නයි..
"අම්ම,,4.30 යි නේද..??"මම මටම කියා ගත්තේ වෙලාව ගිය දෙනුනේ නෙති හින්දයි..
මම හෙමිට ඉස්සරහ සිට් එකට ඔලුව තියාගෙන නිදාගන්න ට්රයි කල..ස්ටෂන් එක ගාවින් බස් එකට සෙනග එනකන් ටිකක් නතර කරන් හිටිය.
මට එහා පැත්තෙනුත් කවුද ඉදගත්තා කියල දැනුනට ඔලුව උස්සල බලන්න මට හිතුනේ නැ..
බස් එක හෙමිට යන්න පටන් ගත්ත,,ටිකකින් මට වමනේ යන්න ආවා වගේ දෙනුන,, ඉක්මනට ජනේලෙන් එලියට ඔලුව දැම්මේ ඉබේටම වගේ..
ට්රයි කලාට වමනේ ගියේ නැ..ආපහු ඔලුව එතුලට අරගෙන නිකන් වගේ අනිත් පැත්ත බැලුව..
"මල කෙලියයි.."මගේ හිත මට කිවුව..
ඊයේ මම දිහා බලල බස් එකේදී හිනාවුන රත්නාවලී කෙල්ල මට එහාපැත්තෙ මම දිහා බලන් ඉන්නවා..
"ඔය කසුන් නේද???"පිස්සු හැදෙන සද..මට වෙරි හිදුන..
"මාරම චාටර් එක තම මේක,,ශික් මේකිත් එවිත් මෙතන ඉඩගත්තනේ,,නෙත්තම් අරුන්ට තිබ්බනේ මාව වෙන බස් එකකට දාන්න"...මම මටම බනගත්ත,,
"ඔය කසුන් නේද???අයෙත් මගෙන් ඇහුව,,දෙන ඉතින් කරන්න දෙයක් නැ,,
"ඔව්.."පොර වගේ උත්තර දුන්නට කට හඩ හරියට අවේ නැ..
"ඔයාට සනීප නැද්ද?.."දීපන්කෝ ඉතින් මේවට උත්තර..වෙලාවට රුම් ගද නැති නිසා හොදයි..
"ඔව් ටිකක් ඔලුව රිදෙනවා.."
"වමනේ යන්න නේද ගියේ,,??? වතුර ටිකක් බොන්න.."මෙකි කියාගෙන කියාගෙන ගිය..
"හා මම ගෙදර ගිහින් බොන්නම්.."මම පැටලී පැටලී කිවුව,,
"ඇයි දැන් වතුර නැද්ද?"
හිතේ කෙල්ලට බනින්න්න උවමනාවක් තිබ්බට එයාගේ ඇස් වල තිබ්බ කරුණාවන්ත පාට මාව පාලනය කල...
නැ කියන්න කට අරින්න පණක් තිබ්බේ නැති හින්ද මම ඔලුව වනල නැ කිවුව,,
"ඉන්න"...මෙන්න මෙකි වතුර බෝතලේ අරන් මට දුන්න..
"බොන්න..."මමත් කරන්න දෙයක් නැති කමට මුදිය ඇරිය..
"ටිකක් ඉන්න පැනඩෝල් දෙකකුත් එක්කම බොන්න,,"කෙල්ල කිවුව,,
කගේ කවුද කියලවත් දන්නේ නැතුව මෙකි මොකද්ද මේ කරන්නේ කියල හිත හිත හිටපු මම,,
"බිල ඉන්න වෙලාවට බෙහෙත් බොන්න හොද නැ,,"කියල ඉබේටම කියවුන..
"මට නිකමට වගේ හිතුන.."එත් ඔයාගේ මුණ දිහා බලද්දී එහෙම හිතන්නත් අමාරුයි..
ඒ කතාවට මගේ වෙරි හොදටම හිදුන,,
"ඇයි අනේ මේ වසේදී පිස්සෙක් වගේ බොන්නේ??අනික මේ විභාගේ කලෙත්??"
"ඔයාලගේ ජිවිතේ විනාස වෙනවා කියල තේරෙන්නේ නෙද්ද?"
මෙකි අහගෙන අහගෙන යනවා,,
"නැ මේ දන්නේ නැද්ද,,අද නිකන් වගේ ටිකක්..."
"හොද ටික..පෙන්නේ නැද්ද ඇස් දෙකෙන්ම පේනවා ටික.."
මෙලනිත් ඉස්සර මේවගේම කියාගෙන කියාගෙන ගියපු හැටි මට එයාගෙන් පෙනුන..
"මොකෝ ඒ පාර මම දිහා බලාගෙන ඉන්නේ???"
"නැ නැ එහෙම නැ,,"මම ඇත්ත හංගගෙන කිවුව..
"වෙරි හිදුනත් ඔලුවේ කැක්කුම ඒ වගේම තිබ්බ..,මම අතේ තිබ්බ වතුර බෝටලෙන් ටිකක් බිවුවේ අමාරු හින්දමි..
"ඇයි ඊයේ මම දිහා බලල රෙවුවේ?"මට කට උත්තර නැති උන..
"හා එකට කමක් නැ,,ඔය මාව දන්නේ නැති උනාට මම ඔයාව දන්නවා.."...
"එහෙනම් මෙය මෙලනිගේ යාලුවෙක් වෙන්න ඇති.." මම හිතුව..
"ඔයාගේ නම මොකද්ද? "
"පබා .."
"මම ඉස්සරහින් බහිනවා..ඔයාගේ ෆෝන් එක කෝ??"
"තියනවා.."මම පුදුමෙන් වගේ ඇහුව,,
"ටිකක් දෙන්නකෝ.."මට හිත ගන්න බැරි උන මේ මොකෝ වෙන්නේ කියල..
"මේ තියෙන්නේ මගේ නොම්මරේ..ගෙදර ගිහින් msg එකක් එවන්න.."මගේ ෆෝන් එකේ එයාගේ නොම්මරේ සෙවූ කරලා මගේ අතට දුන්න..
"එහෙනම් පරිස්සමට යන්න.."
කලගෙඩිහේන හරියෙන් එය බෙහෙලා ගියත් මගේ හිතට හිට ගන්න බෑ මොකෝ උනේ කියල..