ඇත්තටම කියනවනම් ආදරය කියන්නේ රාගයෙන් තොරයි
අපි ආදරය කියල අදුරගන්නේ ගොඩක් වෙලාවට ලබාගැනීමයි
ඒත් ලබාගැනීමම ආදරේ නෙමෙයි
ආදරේ කියන්නේ ශරීර වලින් නැතිව ආත්ම දෙකක බැඳීමක්
එහෙම ආදරේ කරනකොට අපිට ඒ වගේ දේවල් ඕනි වෙන්නේ නෑ
හැබැයි රාගය කියන්නේ අපිට ඕනි අපි ආසා කරන දෙයක්
තමුන්ගේ ආදරේට ඒකෙන් හානියක් කරදරයක් ලැජ්ජාවක් නොවෙනවනම් විතරයි ඒක ගැන හිතන්න ඕනි
බදින්න කලින්නම් නොහිතම ඉන්න තරමට හොදයි
හැබැයි දෙන්නට දෙන්න ඕපන් වෙලා මේ දේවල් ගැන කතා කරන එක හොදයි
එතකොට බැදීම ශක්තිමත් වෙනවා වගේම දෙන්නට දෙන්න හොද අවබෝදයක් ලබාගන්නවා
ප්‍රායෝගිකව කරන්න යන්න හොද නෑ බදිනකල්ම
දැන් කියන්න එපා එයා මගේනම් මගේම වෙනවානම් කලාම මොකද කියලා
එහෙමනම් කරන්න ඕනි බදිනකල් ඉවසන් ඉන්න එකයි
ඒක තමයි තමුන්ගේ ගර්ල් ගැන හිතන්න තියෙන ඉහලම විදිහ