ආදරයෙන් කරපු වැඩක් (New Music Video)

Jan 18, 2017
252
69
0
ආදරයෙන් කරපු වැඩක් (New Music Video)

යාලුවනේ, මම දැන් සති දෙක, තුනකට කලින්, මගේ යාලුවෝ set එකක් එක්ක මගේ "යන මග" කියන සින්දුවට music video එකක් කලා.

මම දැන් දවස් කීපයක් තිස්සේ කල්පනා කර කර හිටියේ, මේ වගේ අවිනිශ්චිත කාලයක music video එකක් release කරන එක හොඳද කියලා. ඒත් මගේ යාලුවෝ කීපදෙනක් ම මට කිව්ව, "මචන් ඕක දාපන්, දැන් තමා මිනිසුන්ට සංගීතය වැඩියෙන්ම ඕන වෙලාව" කියල. එතකොට මටත් හිතුනා, ඔව්, මටත් ඇත්තටම පසුගිය දවස් කීපයේම සැනසීමක් හරි හිනාවක් හරි ගෙනත් දුන්නේ සංගීතය විතරයි නේද කියල.

ඉතින් යාලුවනේ, මේ තියෙන්නේ ඒ music video එක. අපි කඳු, දිය ඇලි, සින්දු, අරක්කු එක්ක ආදරයෙන් කරපු වැඩක්. නිදහසක් තියෙන වෙලාවට බලන්න. තනි තනියෙන් ට්‍රිප් යන්න :love:

 
Last edited:
  • Like
Reactions: Candid-B

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,073
    113
    Mother Earth
    අඩේ නියමයි. මුල ඉඳල අවසානය වෙනකන් ඇහුවා. මියුසික් නම් නියමයි. subscribed ! :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,073
    113
    Mother Earth


    අඩේ මේ මියුසික් ස්ටයිල් එක(acoustic වෙන්න ඇති. හරියටම ෂුවර් නෑ.) ඔයාගෙ Vocal එකට හොඳට ගැලපෙනවා.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,760
    23,443
    113
    මියුසික් වීඩියෝ එක තාම බැලුවේ නෑ බන්..හැබැයි audio එක කාල්‍යක් තිස්සෙ ඇහුව
     
    Jan 18, 2017
    252
    69
    0


    අඩේ මේ මියුසික් ස්ටයිල් එක(acoustic වෙන්න ඇති. හරියටම ෂුවර් නෑ.) ඔයාගෙ Vocal එකට හොඳට ගැලපෙනවා.

    Acoustic rock wagey scene ekak thamai bro

    මියුසික් වීඩියෝ එක තාම බැලුවේ නෑ බන්..හැබැයි audio එක කාල්‍යක් තිස්සෙ ඇහුව

    Haha chill welawaka ahala balanna :D
     
    Jan 18, 2017
    252
    69
    0
    Lyrics:

    අර පේන මේ මහ නගරේ,
    සැනසීම කෝ බුබුළු අතරේ?
    යානා සතුන් හඬට නැලවී,
    නිදියන්න දෝ ඔය හදන්නේ?

    මේ පැල දුරයි නම්, මොහොතක් නවතින්නකෝ
    ‍යන මග රළුයි නම්, වදනක් පවසන්නකෝ
    මහ රැය කළුයි නම්, මගෙ සෙවණේ ඉන්නකෝ
    තනියක් දැනෙයි නම්, පා අඩි පුරවන්නකෝ

    සිරවී වෙළී පනම් තරඟේ
    හිනැහෙනවදෝ දුවන අතරේ?
    ගොඩනැගිලි කඳු සෙවණේ සැතපී
    සැනසෙන්නදෝ ඔය හදන්නේ?

    මේ පැල දුරයි නම්, මොහොතක් නවතින්නකෝ
    ‍යන මග රළුයි නම්, වදනක් පවසන්නකෝ
    මහ රැය කළුයි නම්, මගෙ සෙවණේ ඉන්නකෝ
    තනියක් දැනෙයි නම්, පා අඩි පුරවන්නකෝ