ආදරයෙන් ලියමි
කඳුළු බිංදුවක් වුව ගලා යන්නට බැරි
තෙමෙනවා හදවත කියාගන්නට බැරි
රිදුම් දුන් ගඟුලේ තුටු වෙන්න මට බැරි
ගිලෙන්නට අවසරයි සොඳුරියේ හිඳිනු බැරි
පිපෙන්නට ඔය කුසුම සුසුම් පොද යදිතත්
මම දනිමි ඒ සුසුම මට අයිති නැති බවත්
ගිගුම් දුන් කරළියේ යළි මසිත නොදුටුවත්
දැන් නුඹට භාරයි තනිව හෝ රඟතොත්
වුවන නුඹගේ සිතේ මැවූ සෝ සුසුමන්
නිවන මග හමුවුණිද නොවළහා පවසන්
රඳන මිණි පළඟ තුළ ආදරේ දවටන්
රැඳෙන ජීවිතේ තටු ලැබුවේද නුඹ දැන්
පිපෙන මල් පර වී යළිත් මියැදෙනු එපා
ගලන දිය පිපාසෙට යළිත් බොර වෙනු එපා
හඬන නෙතු සිනාසෙනු මිසක යළි දුක එපා
ලැබෙන ජීවිතේ යළි මංමුළා වෙනු එපා
මාලන් විදානපතිරණ
කඳුළු බිංදුවක් වුව ගලා යන්නට බැරි
තෙමෙනවා හදවත කියාගන්නට බැරි
රිදුම් දුන් ගඟුලේ තුටු වෙන්න මට බැරි
ගිලෙන්නට අවසරයි සොඳුරියේ හිඳිනු බැරි
පිපෙන්නට ඔය කුසුම සුසුම් පොද යදිතත්
මම දනිමි ඒ සුසුම මට අයිති නැති බවත්
ගිගුම් දුන් කරළියේ යළි මසිත නොදුටුවත්
දැන් නුඹට භාරයි තනිව හෝ රඟතොත්
වුවන නුඹගේ සිතේ මැවූ සෝ සුසුමන්
නිවන මග හමුවුණිද නොවළහා පවසන්
රඳන මිණි පළඟ තුළ ආදරේ දවටන්
රැඳෙන ජීවිතේ තටු ලැබුවේද නුඹ දැන්
පිපෙන මල් පර වී යළිත් මියැදෙනු එපා
ගලන දිය පිපාසෙට යළිත් බොර වෙනු එපා
හඬන නෙතු සිනාසෙනු මිසක යළි දුක එපා
ලැබෙන ජීවිතේ යළි මංමුළා වෙනු එපා
මාලන් විදානපතිරණ


