ආදරයෙන්_බැදෙන්න

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරයෙන්_බැදෙන්න

    ඔබේ නිහඩ බව මා හදුනයි නම්....
    ඔබේ බොලද හිත මට වැටහේ නම්...
    ඔබේ කොමල කම් මා තුටු වේ නම්...
    ආදරයෙන් ඇයි බැදෙන්න තහනම්

    මලේ සුවද බඹරා හදුනයි නම්...
    සදේ සිසිල සාවිය හදුනයි නම්....
    මගේ පැතුම ඔය හිත හදුනයි නම්....
    වසන්තයයි ජීවිතේ අපට දැන්...

    හිතට හිතක් බැදෙමින් එක් වේ නම්...
    ඔබට මගේ පැතුමන් සම වේ නම්....
    සියල්ල දැන යලි පෙමින් බැදෙයි නම්....
    කිමද තවත් ඔය ගනංකාර කම්....?

    දකින සිහින වල ඔබම පෙනෙයි නම්...‍
    රැයම සොයා මං එහිම නිදන්නම්....
    සිහින වලට අරුතක් ගෙන දේ නම්...
    සසර පුරා මා ඔබට බැදෙන්නම්....

    ලැබෙන තුරා ආදරේ මනාපෙන්...
    මගෙම කියා මා නිතර සිතන්නම්....
    අහිමි වෙලා ඔබ දුරක ඇදෙයි නම්...
    නිහඩ වෙලා මා තනිව රැදෙන්නම්...

    11987176_558075184349929_5383669708230294871_n.jpg


     
    • Like
    Reactions: sat_12 and sagee123

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බිඟු වැලපීලා - මල් පරවීලා
    තරු ගිලිහිලා - සඳු සැඟවීලා
    අඳුරේ වෙලීලා - මග නොපෙනීලා
    ඇය වෙන්වූවා - මා තනිවුවා
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    හිතට හිතක් බැදෙමින් එක් වේ නම්...
    ඔබට මගේ පැතුමන් සම වේ නම්....
    සියල්ල දැන යලි පෙමින් බැදෙයි නම්....
    කිමද තවත් ඔය ගනංකාර කම්....?
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කංසපාල මහතානෙනි අපේ කොල්ලෙක්ගෙ ට්‍රයි එකකට යවන්න මැච් වේ යැයි සිතුන බැවින් අනවසරයෙන් උපුටා ගෙන ඌට හරවා යැව්වෙමි අවුලක් නෑනෙ
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කංසපාල මහතානෙනි අපේ කොල්ලෙක්ගෙ ට්‍රයි එකකට යවන්න මැච් වේ යැයි සිතුන බැවින් අනවසරයෙන් උපුටා ගෙන ඌට හරවා යැව්වෙමි අවුලක් නෑනෙ
    අවුලක් නෑ.. දෙන්නම යැව්වේ එකම කෙල්ලට නෙවේ නං :rofl: