ආදරේ කියන්නෙ ම පුදුමයක් හදවතේ...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඇයි අයියේ ඔය තරම්
    නපුරුකම් මා වෙතට...
    හිනාවක් වත් ඇත්තේ නෑ
    ඇතැම් දින වලට...
    මං නුඹට කිසි දිනක
    නෑ කළේ වැරැද්දක්...
    ඔබේ ලොකුකම් ගෙනාවේ
    මවෙත දුක් ගොඩක්...

    අහිංසක කෙලි පොඩ්ඩ
    සැවොම මට කියනවා...
    ඔබට ඇයි ඒ ලෙසට
    සිතන්නට බැරි මාව...
    සංවේදී වැඩි හිතක්
    ලැබීමත් කරුමයක්...
    එපා මට ඔය ලෙසට
    කරන්නට දුෂ්ටකම්...

    ආඩම්බරයි ඔයා
    මහ ගොඩක් හැමෝටම...
    ඔහොම නම් බෑ ඉතින්
    රටේ ජීවත් වෙන්න...
    ගමේ අය එහෙම කිව්වත්
    ඉතින් ඔයා ගැන...
    මම කැමති ඔබේ ඒ
    විදියටයි හැමදාම...

    ඔයා මට කැමතියි ද
    කියන තැන ප්‍රශ්නයක්...
    ඒ වුනත් හැමදාම
    ආදරේ ඔබට ම යි...
    ජීවිතේ ඉටුවේද
    නොදන්නෙමි මේ සිහින...
    ඒ තරම් වාසනාවක් ඇද්ද
    මේ භවේ...

    ආදරේ කියන්නෙම
    පුදුමයක් හදවතේ...
    සතුට දුක දෙකම ඇති
    සැනසීම නොලැබෙනා...
    කමක් නෑ මං ඉන්නෙ
    හදාගෙන හිත මගේ...
    ලැබුනොතින් සතුටු වෙමි
    නොලැබුනොත් මක් කරම්...

    ස. මභීර ර.
    2206232304
    'ස. මභීර ර.' පළකිරීම : 2206241354

    #smabheerar
    #spn