ආදරයේ නිහඬ ප්‍රකාශනය සිපගැනීම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ආදරයේ නිහඬ ප්‍රකාශනය සිපගැනීම

0Kiss-%D0%BE%D0%BD-%D0%B8-%D0%BE%D0%BD%D0%B0--romantic--kisses--kissing--Love--enamorados_large.jpg

සිගැනීම ශිෂ්ඨාචාරය තරම්ම පැරණිය. ඒ නිසා ප්‍රධාන කොට ගත්තම බොහෝ සත්වයන් සිපගැනීම කරනවා.එය සාමාන්‍ය දෙයක්, නමුත් දැනවීමේ උත්කෘෂ්ට අවස්ථාවක්. බොහෝ දුරට හිතවතකම,සටන්කාමී නොවන බව,තර්ජනාත්මක නොවන වග දැනුම්දෙන්න සතුන් බොහෝදුරට පුරුද්දක් ලෙස සිමගැනීම කරනවා. හැමෝම ආස දෙයක්වුනාට ඉන්දියානු ආසියාතිකවාදීන් සිපගැනීම වැරදි අර්ථකථනයක් දෙනවා. ලංකාවේ අපිත් මේකට අදාලයි. අම්මෙක්ට තාත්තෙක්ට තමන්ගෙ දරුවෙක්ව ඉඹින්න තැනක් වෙලාවක් තහනමක් නෑ. දරුවෙකුටත් එහෙමයි.නමුත් ලේ ඥාති නොවන පිටස්තරයෙක් ඉඹින්න තංචි ගොඩයි. එහෙම වෙලා තියෙන්නෙ සිපගැනීම හෙවත් ඉඹිල්ල ලිංගිකත්වය සමග අමුණගෙන ඒ තත්වයෙන් ඒ දිහා බලන නිසා..

romantic_kiss.jpg

සිප වැළඳ ගැනීම විවිධ ආකාරයෙන් අපේ සමාජවල දකින්නට පුලුවන්. ක්‍රීඩා තරඟයකදී හෝ වෙනත් ජයග්‍රාහී මොහොතක එහෙමත් නැතිනම් ප්‍රිය සම්භාශනයක දැන හඳුනා ගැනීම්වලදී සුබපතා ගැනීම් බොහෝ දෙනා හැඟීම් විරහිතව සිප ගන්නවා. වැළඳ ගන්නවා ඔබ දැකලා ඇති. නමුත් ඉන් එහාට අපේ සංකෘතිය ඇතුලේ ලිංගික ආදර්ශයක් දෙනවා.මිනිසත්කම රහිත කාලකණ්ණි සමාජයක පාහරම ලක්ෂණයක් ඒක, ඒ කොහොමවුනත් අපිට සිමගැනීම අර්ථ දක්වන්න වෙන්නෙත් ඔය කියන තහංචි මැද ඉඳගෙනමයි.අපි බලමු පිටස්තර පුද්ගලයන් දෙදෙනෙකුගේ සිපගැනීමක් සමාජය අර්ථ දක්වන විදිය. අනෙකාගේ අවසරයකින් තොරව ඔහුගේ හෝ ඇගේ අඟේ තැවරෙන්න ගෑවෙන්න අල්ලන්න සාමාන්‍යෙයෙන් තහනම්. එය ශිෂ්ඨ සම්පන්න සමාජයක හොඳ පුරුද්දක්,එකඟතාවක්,නීතියක්.නමුත් ඉනුත් එහාට ගිය සර්ව සදාචාරවාදී සංස්කෘතිකවාදීන් අනෙකාගේ අවසරය ඇතිව ඇඟේ තැවරීම පව තහනම් කරලා තියෙනවා. අපි හිතමු අනෙකාගේ ලිංගික අවයව අතපත ගෑම ප්‍රසිද්ධියේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, අවසරයක් තිබුනත් ඒක හොඳ සමාජයක තවත් හොඳ ලක්ෂනයක්.නමුත් අනෙකාගේ අත අල්ලන්න කරවට අතක් දාගෙන යන්න,කම්මුල සිඹින්න,දෙතොල් මත හාදුවක් තියන්න,නළල සිපගන්න තහංචි දැමීම කොතරම් හාස්‍යජනකද???

PL126Kids-kissing-Posters-main_Full+copy.jpg

දෙතොල් සිපගැනීම කියන්නෙ ලිංගික හැසිරීමක්ද,දෙතොල් කියන්න්‍ර ලිංගික අවයවයක්ද? කිසිසේත්ම නෑ. සිපගැනීමක් කරන්නෙ ආදරේට.ආදරය කියන්නෙ ලිංගික කාරණාවක් නෙමෙයි. නමුත් ආදරය ලිංගික පසුබිමක ඉඳලා අර්ථ දක්වන සමාජයකට පෙම්වතා පෙම්වතියගෙ කොණ්ඩෙන් ඇල්ලුවත් ළමයි හම්බවෙන තරම් අවුල් සහගතයි.එය පෙම්වතුන්ගෙ වරදක් නෙමෙයි. සමාජ සංගමයේ වරදක්. එහෙම සමාජයක පෙම්කිරීම හෝ වරදක්නේ, බලන්න අපේ රටේ උද්‍යානයක,නිදහස තියෙනවද? පේරාදෙණිය මල් උයන්,කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ හග්ගල මල් වත්තෙ පෙම්වතුන් සඳහා වෙනම ස්ථාන වෙන් කරලා.ඉන් එහා වෙන තැනක උන්ට ඉන්න බෑ. ඇයි මොකද උන්ට බෝවෙන ලෙඩක්ද? උද්‍යානයකට යන හැමෝම යන්නෙ ඔය කියන මහ වැඩේටද? නෑ නමුත් හැමෝම නමුත් හැමෝම දාන්නෙ ඒගොඩට . එහෙම සමාජයක සිපගැනීම කියන්නෙ අනාචාරයේ හැසිරීමක්. අපේ සමාජය අනාචාරය අර්ථ දක්වන්නෙ ලිංගික වර්ණයකින්. අනාචාරය කියන්නෙ චාරයක් නැතිකම ශිෂ්ඨ සම්පන්න නැතිකම. පොලිස් නිලධාරියෙක් මහ පාරේදි පගාව කන එකත් අනාචාරයේ හැසිරීමක් තාත්තා කෙනෙක් පාරේ බීලා යන එකත් අනාචාරයේ හැසිරීමක්. සිපගැනීම අනාචාරයේ හැසිරීමක් නම්, එය දඬුවම් කලයුතු වරදක්නම් ඉහත කී වැරදිවලට දඬුවම් දෙන්න ඕන. නමුත් එහෙම නෑ.

love-kiss-romantic.jpg

අපි හැමදේම අර්ථ දක්වන්නෙ අපේ වාසියට තමන් ආදරය කරන කාලේ ආදරය හොඳයි.සඳ එළිය වගෙයි. තමන් කසාද බැඳලා දරුවෝ හදලා එක වහලක් යටට උනාම තරුණකාලේ කෙරුම් කරන්න බෑ ලැජ්ජාවනේ. ඉතින් ඊටපස්සේ අන් සියලු දෑ අනාචාර ක්‍රියා.. අතින් අල්ලන්න බැරිනම් හිතුන ඕනම වෙලාවක හාදුවක් කම්මුල සිපගන්න බැරිනම්. දෙතොල් මත හාදුවක් තියන්න බැරිනම්, මොන මගුලකටද එහෙම ආදරේ කරල. මතක තියාගන්න සිපගැනීම කියන්නෙ කුපාඩිකමක්වත් වනචරකමක්වත් නෙමෙයි. ඒක ආදරය ප්‍රකාශ කිරීමේ සරලම ක්‍රියාවක්, ඉම්බා කියලා බබ්බු හම්බවෙන්නෙ නෑ ඒ වගේම ඉඹින එකක් බලන් හිටිය කියලා අතවරේට ලක්වෙන්නෙත් නෑ.

රූපවාහිනියක් දැම්මම කෙල්ලො කොල්ලො කී දෙනෙක් ඉඹගන්නවා පෙන්නවද එහෙනම් ඒවාගෙත් කොටු දාලා වහපල්ලකො. මේ එදිනෙදා වැඩට යන එන දුප්පත් කෙල්ලො කොල්ලො මූණක් නළලක් පාරේදි ඉඹගත්තම හැමෝටම අමාරුයි, ලොකු ලොක්කෝ ඉඹින ඒවා විතරක් නෙමෙයි වෙන වෙන ඒවා මහාපාරෙ කලත් කටවල් ඇරන් බලන් ඉඳියි. ඒ මේ රටේ ඉන්න නිවට සංස්කෘතිකවාදින්ගෙ හැටි. ඒ තමයි සංස්කෘතිය රෙද්දෙ දිග පලළින් මනින කුහකයන්ගෙ හැටි.

සමන් එදිරිමුණි

මෙවැනි වටිනා ලිපි සහිත තරුණයා සමග එකතුවන්න.
රෙප් එපා හැමෝටම ශෙයා කරන්න
සංවාදයට විවෘතයි,

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    තරුණය පත්තරේට සමන් එදිරිමුණි හොඳ හොඳ අදහස් ලියනව.. ‍‍මේකත් එයාගෙ හොඳ අදහසක්. ස්තුතියි බෙදාගත්තට..
     
    33000W

    Member
    දැන් එතකොට ඔය කියන්න හදන්නේ තමන්ට ඕන ඕන තැන කිස් කරන්න දෙන්න ඕන කියලද? පිටරට සංස්කෘතිය විදියට අපිත් ඒ අනුව හැඩගැහෙන්න කියලද? කිස් කරන එක පවක් උනේ නැතත් එකට තැනක් තියෙන්න ඕන. එකට වටිනාකමක් තියෙන්න ඕන.කෙල්ලගේ ආත්ම ගරුත්වය ගැන හිතන්න ඕන.කොල්ලෙක්ට ඒක ගානක් නැති උනාට කෙල්ලෙක් එහෙම කිස් කරනවා දැක්කොත් එහෙම ඒ වගේ කෙල්ලෙක්ට අනිත් කොල්ලො කියන නම මොකද්ද කියල දන්නව ඇතිනේ. අනික ඒ වගේ කෙල්ලෙක් අයෙත් සම්බන්ද කමක් ඇති කරගන්නකොට ඔය වගේ දෙයක් කෙලින්ම බලපානවා. ඒ කෙල්ල කොහේ හරි පාරක් අයිනේ හරි බස් එකක හරි කිස් කරනව දැක්කොත් කොල්ලෙක් කවදාවත් එහෙම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් දෙපාරක් හිතනව. මම දවසක් බස් එකේ ගිය පිටිපස්සේ ශීට් එකේ. ඒක කොල්ලෙකුයි කෙල්ලෙකුයි බස් එකට නැගල පිටිපස්සෙ ශීට් එකේ වීදුරුව අයිනෙ වාඩි වෙලා ඔහොම ඔය කියන විදියට ප්‍රසිද්දියේ කිස් කලා. ඒ දොර ලග තියෙන අයින නෙමෙයි. අනිත් පැත්තෙ එක. ඒක නිසා උන් දෙන්න කරන ඒවා හොදටම පේනවා අනිත් යට.වැඩි වයසක් නැහැ කෙල්ලටත්. පැය ගානක් ඔහොම කර කර ගිය. මුළු බස් එකම උන් දෙන්න දිහා බලාගෙන. පොඩි උන් අම්මලගේ මුණ බලනවා. අම්මල අහක බලනව.අනිත් මිනිස්සු පුදුම අපහසුතාවයකට ලක් උනේ. අන්තිමට බැරිම තැන බස් එකේ හිටිය මිනිස්සු කොන්දොස්තරට බැන්න මේ විදියට බස් එකේ හැසිරෙනකොට ඒක නවත්තන්න බැරිද කියල.කොන්ද බැන්න කෙල්ලටයි කොල්ලටයි. ලැජ්ජාවක් නැද්ද කියල අර කෙල්ලගේ මුනටම ඇහුව මිනිස්සු. ඒ කෙල්ලගේ ආත්ම ගරුත්වය එහෙම පිටින්ම විනාසයි. ඒ කෙල්ල කරපු දේ නිසා ඒක දැකපු කිසිම කොල්ලෙක් අයෙත් අර කෙල්ල ගැන හොදක් හිතන්නේ නැහැ. මාත් ඇතුළුව. ඒක නිසා ඔය කිස් ඒක කරන්න ප්‍රසිද්දියේ කරන්න ඕන දෙයක් නමෙයි. ඒකට වෙලාවක් තියනව. තැනක් තියෙන්න ඕන. වටිනාකමක් තියෙන්න ඕන. ඒ නිසා ඔය කතාවට මට එකග වෙන්න බෑ.
     
    Last edited:

    කියන්න හදන්නෙ නෙමෙයි කියන්නෙ එහෙම තමයි.අනේ බොල ඔය සංස්කෘතිය කියන රාමුව (කුනුගොඩ ) දැන්වත් ඔලුවෙන් අයින් කරහන්. අනිත් එක මනුස්සයෙක් ස්වාභාවික හැඟීම්..සංස්කෘතිය කියන කෘතීම මත්වාදයෙන් මනින්නෙ කොහොමද? :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටින ලිපිය මචං.. සමන් එදිරිමුණි කියන්නෙ මම ගොඩක් ආදරේ කරන මනුස්සයෙක්.. ලස්සන අදහස් තියෙන.. කියන දේ බොක්කටම වදින්න කියන නියම පොරක්.. මම දන්නවා එයා එළකිරියෙ ඉන්නවා කියලත්..:yes:
     
    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    aththa kathawa machoo.ada kellekge athin allan giyath kiyanne munge manamala kama kiyala.eth kellekwa mokek hari adagena gihin dushane kalath katak arina ekek na.nikan hari kollek paraka kiss ekak dunnoth maran kanna balanne.me samaje hadila thiyena hati me.meka wenas wenna nam loka winase wela aye lankawak hadenna one.:P :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    සිරා බන්.මහා කාලකන්නි සමාජයක් මේක.කෙල්ලගේ අතින් අල්ලන් ගියත් මුන් හිතන්නේ අහවල් වැඩේ කරන කියල.මහා කරුමයක් මේක නම්.එපා වෙනවා.මුන්ට තියෙන්නේ ආදී කලේ අදහස්.දැන් ගොඩක් උන් රූමස් වලට යන්නේ ඔය දේ හින්ද.එත් එතනට ගිය වෙන්නේ බරපතල දෙයක්.අඩුම ගානේ ආදරේ කරන කෙල්ල එක්ක පාරේ බැහැල අතින් අල්ලන් යන එකවත් මුන්ට දිර වන්නේ නෑ.
    කිස් කරන්නත් තැනක් වෙලාවක් තියෙනවා.මම කියන්නේ නෑ එක මහා පාරේ කරන්න ඕනේ දෙයක් කියල මචන්ලා.හැමදේකම සීමාවක් තියෙන්න ඕනේ.මේ සීමාවෙන් එහා ගිහින් ගොඩක් අය කරන දේවල් (බස් එකේ පැනපැන කිස් කරන වගේ දේවල් ) හින්ද තවත් සමහර අයට ලොකු අසාධාරනෙකුත් වෙනවා(ඒ කිව්වේ ඇත්තටම හොදට ආදරේ කරන අයට) .දැන් පොඩි ස්කොලේ යන 8 ,9 වසරේ උන් හිටන් ඔය වගේ කුණුහරුප වැඩ කරනවා.ගොඩක් ස්කොලේ යන උන් තව අතල් එකට ලව් කරන උනුයි කරන දේවල් හින්ද හැම එකටම කොක්ක වැටෙනවා.
    ඇත්තටම අපි හැමදේම ලිමිට් කරන අදාල අවස්ථාව බලල හැසිරෙනවා නම් එකත් එක හොද තත්ත්වයක්.මොකද මේ සමාජේ බලන් ඉන්නේ ඕවට බනින්නයි.ඇත්තටම අපි ආදරේ කරනවා නම් මේ සමාජේ ඉන්න ඒ මෝඩයන්ට අපි අවස්ථාවක් දෙන්න ඕනේ නැනේ.

    rep++
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වටින ලිපිය මචං.. සමන් එදිරිමුණි කියන්නෙ මම ගොඩක් ආදරේ කරන මනුස්සයෙක්.. ලස්සන අදහස් තියෙන.. කියන දේ බොක්කටම වදින්න කියන නියම පොරක්.. මම දන්නවා එයා එළකිරියෙ ඉන්නවා කියලත්..:yes:

    මොකක් කිවුවා. වෙලාවට නම දැම්මෙ.
    :rofl:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    දැන් එතකොට ඔය කියන්න හදන්නේ තමන්ට ඕන ඕන තැන කිස් කරන්න දෙන්න ඕන කියලද? පිටරට සංස්කෘතිය විදියට අපිත් ඒ අනුව හැඩගැහෙන්න කියලද? කිස් කරන එක පවක් උනේ නැතත් එකට තැනක් තියෙන්න ඕන. එකට වටිනාකමක් තියෙන්න ඕන.කෙල්ලගේ ආත්ම ගරුත්වය ගැන හිතන්න ඕන.කොල්ලෙක්ට ඒක ගානක් නැති උනාට කෙල්ලෙක් එහෙම කිස් කරනවා දැක්කොත් එහෙම ඒ වගේ කෙල්ලෙක්ට අනිත් කොල්ලො කියන නම මොකද්ද කියල දන්නව ඇතිනේ. අනික ඒ වගේ කෙල්ලෙක් අයෙත් සම්බන්ද කමක් ඇති කරගන්නකොට ඔය වගේ දෙයක් කෙලින්ම බලපානවා. ඒ කෙල්ල කොහේ හරි පාරක් අයිනේ හරි බස් එකක හරි කිස් කරනව දැක්කොත් කොල්ලෙක් කවදාවත් එහෙම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් දෙපාරක් හිතනව. මම දවසක් බස් එකේ ගිය පිටිපස්සේ ශීට් එකේ. ඒක කොල්ලෙකුයි කෙල්ලෙකුයි බස් එකට නැගල පිටිපස්සෙ ශීට් එකේ වීදුරුව අයිනෙ වාඩි වෙලා ඔහොම ඔය කියන විදියට ප්‍රසිද්දියේ කිස් කලා. ඒ දොර ලග තියෙන අයින නෙමෙයි. අනිත් පැත්තෙ එක. ඒක නිසා උන් දෙන්න කරන ඒවා හොදටම පේනවා අනිත් යට.වැඩි වයසක් නැහැ කෙල්ලටත්. පැය ගානක් ඔහොම කර කර ගිය. මුළු බස් එකම උන් දෙන්න දිහා බලාගෙන. පොඩි උන් අම්මලගේ මුණ බලනවා. අම්මල අහක බලනව.අනිත් මිනිස්සු පුදුම අපහසුතාවයකට ලක් උනේ. අන්තිමට බැරිම තැන බස් එකේ හිටිය මිනිස්සු කොන්දොස්තරට බැන්න මේ විදියට බස් එකේ හැසිරෙනකොට ඒක නවත්තන්න බැරිද කියල.කොන්ද බැන්න කෙල්ලටයි කොල්ලටයි. ලැජ්ජාවක් නැද්ද කියල අර කෙල්ලගේ මුනටම ඇහුව මිනිස්සු. ඒ කෙල්ලගේ ආත්ම ගරුත්වය එහෙම පිටින්ම විනාසයි. ඒ කෙල්ල කරපු දේ නිසා ඒක දැකපු කිසිම කොල්ලෙක් අයෙත් අර කෙල්ල ගැන හොදක් හිතන්නේ නැහැ. මාත් ඇතුළුව. ඒක නිසා ඔය කිස් ඒක කරන්න ප්‍රසිද්දියේ කරන්න ඕන දෙයක් නමෙයි. ඒකට වෙලාවක් තියනව. තැනක් තියෙන්න ඕන. වටිනාකමක් තියෙන්න ඕන. ඒ නිසා ඔය කතාවට මට එකග වෙන්න බෑ.

    eka tamai hutto kiyanne mulu samajema wenas wenna ona kiyala
    tota eka terenne nadda ??
    bus ekaka kiss kala kiyala waradda mokakda?? podi un owa dakkama narak wei kiyalada umba kiyanne ??
    kiss karana eka horen karana deyak ....kotu kotu danne kiss naraka nisa kiyala podi ewunge oluwata hiyama un hitanne kiss eka asabya deyak kiyala

    terum ganin hariyata kiyana de walge pagaganne natiwa !!

    kiss eka yanu aprasiddiye diya yutu deyak nowee!!
    eya samajayen wasan nowee tibiya yutu deyak !!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Captain ජැක් ස්පැරෝ;13106038 said:
    :D:D
    thanks for sharing
    අවටර් එකට කොටු දාපිය... සංසෘතික සදාචාරය කනවා කියලා උඹට නඩු දායි. :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    aththa kathawa machoo.ada kellekge athin allan giyath kiyanne munge manamala kama kiyala.eth kellekwa mokek hari adagena gihin dushane kalath katak arina ekek na.nikan hari kollek paraka kiss ekak dunnoth maran kanna balanne.me samaje hadila thiyena hati me.meka wenas wenna nam loka winase wela aye lankawak hadenna one.:P :P
    සිංහල උන්ගෙ ඉන්දියානු ජාන තියෙනකම් මේ කපේට ඕක නම් වෙනස් කරන්න බෑ :baffled::baffled: