ආදරයේ නිහඬ ප්රකාශනය සිපගැනීම
සිගැනීම ශිෂ්ඨාචාරය තරම්ම පැරණිය. ඒ නිසා ප්‍රධාන කොට ගත්තම බොහෝ සත්වයන් සිපගැනීම කරනවා.එය සාමාන්‍ය දෙයක්, නමුත් දැනවීමේ උත්කෘෂ්ට අවස්ථාවක්. බොහෝ දුරට හිතවතකම,සටන්කාමී නොවන බව,තර්ජනාත්මක නොවන වග දැනුම්දෙන්න සතුන් බොහෝදුරට පුරුද්දක් ලෙස සිමගැනීම කරනවා. හැමෝම ආස දෙයක්වුනාට ඉන්දියානු ආසියාතිකවාදීන් සිපගැනීම වැරදි අර්ථකථනයක් දෙනවා. ලංකාවේ අපිත් මේකට අදාලයි. අම්මෙක්ට තාත්තෙක්ට තමන්ගෙ දරුවෙක්ව ඉඹින්න තැනක් වෙලාවක් තහනමක් නෑ. දරුවෙකුටත් එහෙමයි.නමුත් ලේ ඥාති නොවන පිටස්තරයෙක් ඉඹින්න තංචි ගොඩයි. එහෙම වෙලා තියෙන්නෙ සිපගැනීම හෙවත් ඉඹිල්ල ලිංගිකත්වය සමග අමුණගෙන ඒ තත්වයෙන් ඒ දිහා බලන නිසා..
සිප වැළඳ ගැනීම විවිධ ආකාරයෙන් අපේ සමාජවල දකින්නට පුලුවන්. ක්‍රීඩා තරඟයකදී හෝ වෙනත් ජයග්‍රාහී මොහොතක එහෙමත් නැතිනම් ප්‍රිය සම්භාශනයක දැන හඳුනා ගැනීම්වලදී සුබපතා ගැනීම් බොහෝ දෙනා හැඟීම් විරහිතව සිප ගන්නවා. වැළඳ ගන්නවා ඔබ දැකලා ඇති. නමුත් ඉන් එහාට අපේ සංකෘතිය ඇතුලේ ලිංගික ආදර්ශයක් දෙනවා.මිනිසත්කම රහිත කාලකණ්ණි සමාජයක පාහරම ලක්ෂණයක් ඒක, ඒ කොහොමවුනත් අපිට සිමගැනීම අර්ථ දක්වන්න වෙන්නෙත් ඔය කියන තහංචි මැද ඉඳගෙනමයි.අපි බලමු පිටස්තර පුද්ගලයන් දෙදෙනෙකුගේ සිපගැනීමක් සමාජය අර්ථ දක්වන විදිය. අනෙකාගේ අවසරයකින් තොරව ඔහුගේ හෝ ඇගේ අඟේ තැවරෙන්න ගෑවෙන්න අල්ලන්න සාමාන්‍යෙයෙන් තහනම්. එය ශිෂ්ඨ සම්පන්න සමාජයක හොඳ පුරුද්දක්,එකඟතාවක්,නීතියක්.නමුත් ඉනුත් එහාට ගිය සර්ව සදාචාරවාදී සංස්කෘතිකවාදීන් අනෙකාගේ අවසරය ඇතිව ඇඟේ තැවරීම පව තහනම් කරලා තියෙනවා. අපි හිතමු අනෙකාගේ ලිංගික අවයව අතපත ගෑම ප්‍රසිද්ධියේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, අවසරයක් තිබුනත් ඒක හොඳ සමාජයක තවත් හොඳ ලක්ෂනයක්.නමුත් අනෙකාගේ අත අල්ලන්න කරවට අතක් දාගෙන යන්න,කම්මුල සිඹින්න,දෙතොල් මත හාදුවක් තියන්න,නළල සිපගන්න තහංචි දැමීම කොතරම් හාස්‍යජනකද???
දෙතොල් සිපගැනීම කියන්නෙ ලිංගික හැසිරීමක්ද,දෙතොල් කියන්න්‍ර ලිංගික අවයවයක්ද? කිසිසේත්ම නෑ. සිපගැනීමක් කරන්නෙ ආදරේට.ආදරය කියන්නෙ ලිංගික කාරණාවක් නෙමෙයි. නමුත් ආදරය ලිංගික පසුබිමක ඉඳලා අර්ථ දක්වන සමාජයකට පෙම්වතා පෙම්වතියගෙ කොණ්ඩෙන් ඇල්ලුවත් ළමයි හම්බවෙන තරම් අවුල් සහගතයි.එය පෙම්වතුන්ගෙ වරදක් නෙමෙයි. සමාජ සංගමයේ වරදක්. එහෙම සමාජයක පෙම්කිරීම හෝ වරදක්නේ, බලන්න අපේ රටේ උද්‍යානයක,නිදහස තියෙනවද? පේරාදෙණිය මල් උයන්,කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ හග්ගල මල් වත්තෙ පෙම්වතුන් සඳහා වෙනම ස්ථාන වෙන් කරලා.ඉන් එහා වෙන තැනක උන්ට ඉන්න බෑ. ඇයි මොකද උන්ට බෝවෙන ලෙඩක්ද? උද්‍යානයකට යන හැමෝම යන්නෙ ඔය කියන මහ වැඩේටද? නෑ නමුත් හැමෝම නමුත් හැමෝම දාන්නෙ ඒගොඩට . එහෙම සමාජයක සිපගැනීම කියන්නෙ අනාචාරයේ හැසිරීමක්. අපේ සමාජය අනාචාරය අර්ථ දක්වන්නෙ ලිංගික වර්ණයකින්. අනාචාරය කියන්නෙ චාරයක් නැතිකම ශිෂ්ඨ සම්පන්න නැතිකම. පොලිස් නිලධාරියෙක් මහ පාරේදි පගාව කන එකත් අනාචාරයේ හැසිරීමක් තාත්තා කෙනෙක් පාරේ බීලා යන එකත් අනාචාරයේ හැසිරීමක්. සිපගැනීම අනාචාරයේ හැසිරීමක් නම්, එය දඬුවම් කලයුතු වරදක්නම් ඉහත කී වැරදිවලට දඬුවම් දෙන්න ඕන. නමුත් එහෙම නෑ.
අපි හැමදේම අර්ථ දක්වන්නෙ අපේ වාසියට තමන් ආදරය කරන කාලේ ආදරය හොඳයි.සඳ එළිය වගෙයි. තමන් කසාද බැඳලා දරුවෝ හදලා එක වහලක් යටට උනාම තරුණකාලේ කෙරුම් කරන්න බෑ ලැජ්ජාවනේ. ඉතින් ඊටපස්සේ අන් සියලු දෑ අනාචාර ක්‍රියා.. අතින් අල්ලන්න බැරිනම් හිතුන ඕනම වෙලාවක හාදුවක් කම්මුල සිපගන්න බැරිනම්. දෙතොල් මත හාදුවක් තියන්න බැරිනම්, මොන මගුලකටද එහෙම ආදරේ කරල. මතක තියාගන්න සිපගැනීම කියන්නෙ කුපාඩිකමක්වත් වනචරකමක්වත් නෙමෙයි. ඒක ආදරය ප්‍රකාශ කිරීමේ සරලම ක්‍රියාවක්, ඉම්බා කියලා බබ්බු හම්බවෙන්නෙ නෑ ඒ වගේම ඉඹින එකක් බලන් හිටිය කියලා අතවරේට ලක්වෙන්නෙත් නෑ.
රූපවාහිනියක් දැම්මම කෙල්ලො කොල්ලො කී දෙනෙක් ඉඹගන්නවා පෙන්නවද එහෙනම් ඒවාගෙත් කොටු දාලා වහපල්ලකො. මේ එදිනෙදා වැඩට යන එන දුප්පත් කෙල්ලො කොල්ලො මූණක් නළලක් පාරේදි ඉඹගත්තම හැමෝටම අමාරුයි, ලොකු ලොක්කෝ ඉඹින ඒවා විතරක් නෙමෙයි වෙන වෙන ඒවා මහාපාරෙ කලත් කටවල් ඇරන් බලන් ඉඳියි. ඒ මේ රටේ ඉන්න නිවට සංස්කෘතිකවාදින්ගෙ හැටි. ඒ තමයි සංස්කෘතිය රෙද්දෙ දිග පලළින් මනින කුහකයන්ගෙ හැටි.
සමන් එදිරිමුණි
මෙවැනි වටිනා ලිපි සහිත තරුණයා සමග එකතුවන්න.
රෙප් එපා හැමෝටම ශෙයා කරන්න
සංවාදයට විවෘතයි,