ආදරයේ මුලකුරු

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මෙම කෙටි කතාව මා අදසිට ගොතාගෙන යමි.වරදක් ඇත්නම් සමාවෙන්න.
    මතකයේ හැටියට එය 7 වසර විය යුතුය.ඉගනීම පටන් ගැනීමට කාලයද එයමය.මාගේ පුංචිගේ දුවද මාගේ වයසේම වීම එක්තරා දුරකට මාගේ කරුමයකි.එයට හේතුව මා යා යුතු පන්ති පිලිබදව තීරණය කරනුයේ ඇය නිසාය.
    පාන්දරින්ම පුංචිගේ ගෙදරට මම යන්නේ අලුත් සිංහල පන්තියටයි.පුදුමයකි.සිතා ගැනීමදට නොහැකි විය.පන්තියේ එකම පිරිමියා මමය.අනෙක් සියල්ලෝ සිරිමාවියන්ය.පන්තියේ ඉදගෙන සිටි මට කෙලින් කතා කිරීමට නොහැක.කෙලින් බැලීමටද නොහැකි උනේ අනෙක් ළමයි ගැහැනුන් වීමත් මාගේ අසීමිත ලජ්ජාවත් නිසාය.
    උක්ත අක්යාත ගලපමින් පන්තියේ කාලය ගෙවුණු මා හට ඉගනීමට නොහැකියාවක් ඇතැයි මම නොසිතමි.එයට හේතුව මා හට ඒ සියල්ල තේරුණු නිසාද යන්න මා හට අදටත් ගැටලුවකි.නමුදු මා ශිෂ්ය ත්වය සමත් නොවීම මා දුර්වලයෙකු යයි කීමට ඇතැමෙකුට එක් සාදකයකි.
    ටිකෙන් ටික කාලය ගෙවී යන විට සියල්ලන් සමග යාලු වීම අහම්බයක් නොවේ.නමුදු ඒ අතරින් එක අයෙකු මා හට විශේෂ වීම අහම්බයකි.එකල ආදරය ගැන හය හතර නොදත් මට එම විශේෂය කුමක් දැයි කීමට නොහැක.නමුදු වර්තමානයේ නම් එය ආදරයම පමණි.එම විශේෂයට හේතුව අදටත් මට ගැටලුවකි.මෙය දෛවයේ සිදුවීමක්ද යන්න සෑම විටම සිතේ.
    එම විශේෂ කෙනා නමින් ප්රනවීන්දී වේ.ඉතා සිහින් සිරුරක් ඇති ඈගේ සුදට සමාන කිරීමට සුදක්ද මාගේ මතකයට නොඑන්නේ ඇයිදැයි නොදනිමි.මා එසේ ලිවුවේ ඇය එතරම් ලස්සන යැයි කීමටය.කෙලින් ඇය දෙස නොබැලුවත් දවසට ගොඩක් වෙලා රහසින් ඇය දෙස බලා සිටීම මාගේ පුරුද්දක් විය.
    මේ වකවානුව වන මගේ සිතේ ගැබුරින් ඇයට ආදරයක් තිබුනත් එය ඇගවීමට මාගේ ශක්තිය අඩුය.ඒ නමුත් මා ඇයට පමණක් නොව වෙන කිසිවෙකුටත් මෙම ආදරය පිලිබදව පැවසුවේ නැත.එයට හේතුව මෙය දුරදිග ගොස් යාළුකම් නැතිවීයාමක් මගේ සිතට දැනුනු බැවිණි.පුදුමය නම් මේ පිලිබදව ඒ සියල්ලෝ මාගේ හැසිරීමෙන් දැන ගැනීමය.මෙම යාළුවන් අතරින් ගයනි මට තාම මතකය.ඇයට මේ පිලිබදව ලොකු උනන්දුවක් තිබු බව මා දැනී.එයට හේතුව වනුයේ මාගේ සිත නොවේ.මා පන්ති පැමිණෙන විට ඇය සියල්ලෝම වැඩි කරවා මාගේ පුටුව හා ප්රතවීන්දිගේ පුටුව මුහුණට මුහුණලා පෙළ ගැස්වීමයි.එතෙක් නම් කම් නැත.මේසයේ මල් වාස් එකද දෙදෙනා මැදින් තැබීමට පියවර ගත්තේය.මට වෙලාවකට මෙයා වැඩේ කන බව මැවී මැවී පෙනුනි.
    නමුත් ඒ සියල්ල මා හට නම් හොදින් වැටහුණි.ප්ර වීන්දිට වැටහුනේදැයි තවමනම් මා නොදනී.ගයනි එතරම් ඇගවූ පසු නොවැටහීමද පුදුමයකි.එක් අතකට මට සිතෙනුයේ එය එයාට නොවැටහුනා නොව ඇය එසේ සිටියා කියාය.
    මෙම කාලයේ ආදරය දැනීමට පටන් ගෙන හමාරය.එය මා හට දැනුනේ වෙන අයට මෙන් නොව දෙගුණ තුන්ගුණ වීය .

    ආදරය උරුම නොවීම....

    දින ගණන් සති ගණන් මාස ගණන් කල් බල බල සිටි මා හට මේ පිලිබදව ඇයට කීමට අවශ්යල විය.ශ්රේගණිය 7 වුවද එදා සිතට නැගුනු ධෛර්ය කීමට වචනද නොමැත.
    සිද්ද වුයේ කෙසේ හෝ සිදුවිය නොහැකි දෙයකි.විශ්වාස කිරීමට පවා මා හට අදටත් අපහසුය.දෛවය යනු කුමක්දැයි මා හට එම සිදුවීමෙන් මනාව පැහැදිලි කළේය.
    ඇය පන්ති ආවේ නැත.නමුත් එම නොපැමිණීමේ අමුත්තක්ද මා හට එදින නොවැටහුනා නම් නොවේ.මා හට තිබුනේ එය කුමක් දැයි තේරුම් ගැනීමට අපහසු වීමකි.පන්තියේ සියලු දෙනාම සිනාවෙන් සිටින විට මා මාගේ පුංචිගේ දුවගෙන් මෙය ඇසීමට තීරණය කෙළේය.අයගේ පිළිතුර වුයේ,
    “අද අයගේ බිග් ගර්ල් පාටි එක හලෝ..අපිටත් ඉන්වයිට් කළා...අපිත් රෑට එහෙ යනවා..”
    එය මාගේ හුස්ම මදකට නැවතීමට සමත් වනු මට තාම මතකය.එම සිදුවීම වන්නේ ප්රසවීන්දිගේ වැඩිවිය මංගල්ය යයි.මා කොල්ලෙකු බැවින් එයට යාමට මා හට වරම් නැත.මම අයගේ සමීපතමයෙකු නොවීම ඊට හේතුවයි.මට එදා හවස ගුරුතුමිය ඔච්චමට කල විහිලුව අදටත් මතකයේ රැදී ඇත්තේ ඇයි දැයි නොදනිමි.ඇය මාගෙන් මෙසේ විමසීය.
    “ආ....ඔයාටත් එයා ඉන්වයිට් කලා.....ද?”
    පොලොව පලන් යාමට සිතුනේ එයට නම් නොවේ.එය කී පසු පන්තියේ ගෙහෙනු ළමයි මා හට දැක්වූ ප්රසතිචාරය නිසා මාහට පොලොව පලන් යාමට සිතුනි.
    එදා සැවොම පාටියට ගිය වෙලේ මා හට තිබු එකම ක්රි යාමාර්ගය ගෙදර යාම පමණි.එය අමිහිරිය.මා එදා රෑ පුරා මැව්වේ ඇය ගෙනම පමණි..

    සතියකින්.....

    හිතේ ලොකු සතුටක් එක්ක මා එදා පන්ති ගියේ ඇගේ මුහුණ දකීමටමය.ඒ වෙනකන් ඉවසිල්ලක්ද මා හට නොතිබුණි.
    “මෙහ්...අරය ආයිත් පන්ති එන්නේ නෑලු..එයාගේ අම්ම අපේ අම්මට කියලා..”
    ගිය ගමන් පුංචිගේ දුවගේ ප්රනතිචාරය එයයි.පළමු ආදරය කිසිදා අමතක නොවීම සමාන්ය කි.මෙවැන්නක් දරා සිටීම නම් අසාමන්යකකි..එවකට කිසිදු වත්කමක් නොතිබුණු මා හට සියල්ලම නැතිවුවා සේ දැනුනි.මගේ සිතේ රැව් පිළිරැව් දුන්නේ එක දෙයක් පමණි.එය නම් මා හට නැවත ඇයව දැකීමට නොහැකි වීමයි.

    මෙය යාවත්කාලීන වන බව කරුණාවෙන් සලකන්න.:yes::yes:
     
    Last edited: